ඔබේ_ධාරණ_ශක්තිය

r runner

Member
May 12, 2015
2,396
781
0
ඔබේ_ධාරණ_ශක්තිය

මිනිසුන්ගේ ධාරණ ශක්තිය දැන සිටියාට වඩා 10 ගුණයකින් වැඩියිලු!

memory-e1455590298107.jpg



මිනිස් මොළයේ තොරතුරු ගබඩා කිරීමේ ධාරිතාව බයිට් කෙඩ්‍රීලියනයක්(quadrillion මිලියනයේ 4 වැනි බලය) පමණ වෙතැයි නව අධ්‍යයනයකින් හෙළිවෙයි. මෙම ධාරිතාව, කලින් ඇස්තමේන්තුකර තිබුණාට වඩා අතිශය විශාල ප්‍රමාණයකින් වැඩිවීමක් යයි ජෛව විද්‍යාත්මක අධ්‍යයන සඳහා වූ සෝල්ක් ආයතනයේ (Salk Institute for Biological Studies) පර්යේෂකයෝ පවසති. මෙම සොයා ගැනීම වැදගත් වන්නේ හුදෙක් ගබඩා කිරීමේ පරිමාව සම්බන්ධයෙන් පමණක් නොව අපේ මොළයෙහි තොරතුරු කේත ගත කර ඇති ආකාරය නිශ්චිතව අවබෝධ කර ගැනීම කෙරෙහි ද අප යොමු කරවන්නක් වීමේ හේතුවෙනි.



අපගේ මොළය තුළ කොපමණ නම් තොරතුරු ගබඩා කළ හැකිද යන්න දිගුකාලයක් තිස්සේ පවතින ගැටලුවකි. මිනිස් මොළය සෑදී ඇත්තේ නියුරෝන බිලියන 100කින් පමන සමන්විත වන බව අපි දැන සිටියෙමු. එමෙන්ම ඒ සෑම එකක්ම අනෙකුත් නියුරෝන 1,000ක් හෝ ඊටත් වැඩියෙන් සම්බන්ධතා ඇති කර ගනියි. එමගින් සම්පූර්ණ ප්‍රමාණයට තවත් ටි්‍රලියන 100ක් පමණ එකතු වේ. තවද, මෙකී සම්බන්ධතා හෙවත් සම්පර්කණ වල (synapses) ප්‍රබලතාව අත්දැකීම් මගින් නියාමනය වන බවද අපි දන්නෙමු. සම්පර්කණයක දෙපැත්තේ ඇති නියුරෝන දෙකක් සමගාමීව සක්‍රීය වූ විට එකී සම්පර්කණය වඩාත් සවිමත් වේ. එමෙන්ම (ග්‍රාහක නියුරෝනයේ අන්තිනාව හෙවත් ස්පර්ශකයවන) අනුශාඛීය ඛණ්ටකයද (dendritic spine) වැඩිවන සංඥා ශක්ති ප්‍රබලතාව දැරීමට හැකිවන සේ විශාල වේ. ප්‍රමාණයෙහි හා ප්‍රබලතාවයෙහි මෙකී වෙනස්වීම් ස්මෘතියේ අණුක සහසම්බන්ධතා ලෙස සැලකේ. අන්තිනාවේ විවිධ ප්‍රමාණ බොහෝ විට පරිගණක කේත බිටු (bit – ද්විමය සංඛ්‍යාංකය යන්නෙන් බිඳුණු අක්නම) හා සංසන්දය කෙරේ. එකම වෙනස 1 සහ 0 වෙනුවට ඒවාට අගයන් පරාසයක් ගත හැකි වීමයි. එහෙත් අගයන් කොපමණ දැයි ඉතා මෑතක් (2016 පෙබරවාරි මුල පමණ) වන තුරු විද්‍යාඥයන් නිශ්චිතවම දැන නොසිටියහ. දළ මිනුම් පදනම් කර ගනිමින් ඔවුන් විසින් හඳුනාගනු ලැබ තිබුණේ අගයන් තුනක් පමණකි. එනම්, කුඩා මධ්‍යම හා විශාල යනුවෙනි.



images-1.jpg




කෙසේ වෙතත්, මිනුම් විශෝධනය සඳහා සෝල්ක් ආයතනයේ පර්යේෂකයන්ට මඟ පෑදුවේ කුතුහලය ඇවිස්සීමට තුඩු දුන් නිරීක්ෂණයක්ය. මීයෙකුගේ හිපොකැම්පසය (hippocampus – මතකයන් හා ඉච්ඡාගත ක්‍රියා ආදිය මෙහෙයවන්නේ යැයි සැලකෙන කොටස) යළි සැකසීමේදී නියුරෝන එකිනෙක සමග සම්බන්ධ වන බව ඔවුනට පෙනී ගියේය. එනම්, එක් නියුරෝනයක අක්සනය (axon) හෙවත් යවන රැහන අසල්වැසි නියුරෝනය මත (නියුරෝන සෛල දේහයකින් පිටතට පැමිණෙන්නා වූ) අනුශාඛික කණ්ටක දෙකක් (ග්‍රාහක අන්තිනාව) හා සම්බන්ධවන බවයි ඒ. මෙයින් හැඟීයන්නේ යවන්නාගේ සිට ලබන්නා (ග්‍රාහකයා) වෙත එන සමාන පණිවුඩ යොමුවන බවයි. අනුග්‍රාහීතාවන් දෙකම සමරූපී තොරතුරු නිසා ඒවා ප්‍රමාණයෙන් හා ප්‍රබලතාවෙන් සමරූපී වන බවයි. පර්යේෂකයන් අදහස් කරන්නේ. එහෙත් දෙක අතර සැලකිය වෙනස්කම් ඇත්නම් ඉන් අලුතෙන් සංකීර්ණතා ඇති විය හැකි බවද ඔවුනට තේරුම් ගියේය. එකම ඇක්සනයෙන් පණිවුඩය ප්‍රභව ලද්දේ වී නමුත් ඛණ්ටිකා ප්‍රමාණයෙන් හෝ හැඩයෙන් වෙනස් නම් ඒවා මගින් යොමුවන පණිවුඩයෙහිද මද වෙනස්කම් ඇති විය හැකි බවට ඔවුහු තර්ක කළහ. ඒ අනුව ඔවුන් සම්පර්කණ යුගල මැනීමට තීරණය කළේය. බලාපොරොත්තු වූ පරිදිම, සංඥා නිකුත් කරන නියුරෝනයේ එකම ඇක්සනයට සම්බන්ධ අනුශාඛීය කණ්ටක අතර ප්‍රමාණයෙන් 8% වෙනස් කමක් ඇති බව මෙහිදී පෙනී ගියේය. එම වෙනස්කම සුළු විය හැකියි. එහෙත් පරීක්ෂණ අනුව සුවිශේෂී සම්පර්කණ ප්‍රමාණ 26ක් ගණනය කිරීමට ඔවුනට හැකි විය. සම්පර්කණය ප්‍රමාණය වැඩිවෙත්ම වැඩිවෙත්ම, තොරතුරු ගබඩා කිරීමේ ධාරිතාව වැඩිවෙයි. මෙම අවස්ථාවේ එය දැක්වුණේ අගයන් තුනේ ආකෘතිය් දැක්වූවාට වඩා 10 ගුණයක හිපොකැම්පස ගබඩාකිරීමේ ධාරිතාවක් ඇති බවයි.



brain-memory.jpg




කෙසේ වෙතත් අපේ ස්මරණ ධාරිතාව මෙපමණ වැඩි නම් අපට දේවල් අමතක වෙන්නේ කෙසේද? ඇත්තවශයෙන්ම ගැටලුව වන්නේ ධාරිතාවය නොවීම ඊට හේතුවයි. නියුරෝන සංඛ්‍යාව පිළිබඳ විශ්ලේෂණ අපට ඇතිකරන්නේ මිනිසුන්ගේ මොළයෙහි විශාල ධාරිතාවක් පිළිබඳ හැඟීමකි. එහෙත් වැදගත් වන්නේ එය නොවේ. ඊට හේතුව ලෝකය පිළිබඳ අපේ අත්දැකීම්වලට වඩා තොරතුරු ගබඩා කරන ක්‍රියාදාමය සෙමින් සිදුවන නිසයි. “අසීමිත ධාරිතාවක් ඇති අයිපොඩයක් (iPod) ගැන හිතන්න. මෙතෙක් ලොව ගයා ඇති සියලුම ගිත මිලට ගෙන එහි තැන්පත් කළත් ඔබට ගීයක් වාදය කිරීමට අවශ්‍ය වන විටක ඉන් එකක් එළියට ගෙන වාදනය කරන්න වෙනවා වගේ තමයි මේකත් ‘’ යනුවෙන් පවසන්නේ මෙම අධ්‍යාපනයට සම්බන්ධ නැති වයඹ දිග සරසවියේ ස්මරණ පරීක්ෂක පෝල් රෙබර්ය. මෙම සංකීර්ණතා ජයගැනීම පහසු කාර්යයක් නොවේ. එහෙත් ස්මරණ ධාරිතාව පමණක් නොව වඩාත් වැදගත් කොට සැලකිය හැකි ස්මරණ ගබඩා කිරීම කෙතරම් සංකීර්ණද යන්න වටහා ගැනීමෙහිලා සෝල්ක් අධ්‍යයනය පුදුමාකාර ලෙස වැදගත් කමක් දක්වන බව රේබර්ගේ අදහසයි. මෙම සොයා ගැනීම නව ඉදිරි පියවරවලට මග පාදනු ඇත. මිනිස් මොළයෙහි දත්ත සම්ප්‍රේෂණ උපාය මාර්ග අනුකරණය කෙරෙන පරිගණක නිපදවීමට එසේත් නැතිනම් මොළයේ ආබාධ වඩා හොඳින් තේරුම් ගැනීමට නිදසුන් අතර වේ. එහෙත් හිපොකැම්පසයේ දැකිය හැකි රටා මොළයේ අනෙක් කොටස්වලටත් ගැළපේද යන්න විද්‍යාඥයන් විසින් ප්‍රථමයෙන් සොයා බැලිය යුතුව ඇත.



Scientific American හි New Estimate Boosts the Human Brain’s Memory Capacity 10-Fold ලිපිය ඇසුරෙනි

මේකටත් බම්ප් එකක් දැම්මෙ නැත්තන් ඌ ධාරිතාව අඩුම එකෙක්..:lol::lol:
 

r runner

Member
May 12, 2015
2,396
781
0
Mata nam hithune adu athi kiyala bng :P
කෙසේ වෙතත් අපේ ස්මරණ ධාරිතාව මෙපමණ වැඩි නම් අපට දේවල් අමතක වෙන්නේ කෙසේද? ඇත්තවශයෙන්ම ගැටලුව වන්නේ ධාරිතාවය නොවීම ඊට හේතුවයි. නියුරෝන සංඛ්‍යාව පිළිබඳ විශ්ලේෂණ අපට ඇතිකරන්නේ මිනිසුන්ගේ මොළයෙහි විශාල ධාරිතාවක් පිළිබඳ හැඟීමකි. එහෙත් වැදගත් වන්නේ එය නොවේ. ඊට හේතුව ලෝකය පිළිබඳ අපේ අත්දැකීම්වලට වඩා තොරතුරු ගබඩා කරන ක්‍රියාදාමය සෙමින් සිදුවන නිසයි.:yes::yes::):)
 
  • Like
Reactions: MNV

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    ඊට හේතුව ලෝකය පිළිබඳ අපේ අත්දැකීම්වලට වඩා තොරතුරු ගබඩා කරන ක්‍රියාදාමය සෙමින් සිදුවන නිසයි.

    මේක තේරෙන්නේ නැ බ්‍රෝ්‍..... මේ ගබඩා වෙන ක්‍රමවේදය මොකද්ද?

     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඊට හේතුව ලෝකය පිළිබඳ අපේ අත්දැකීම්වලට වඩා තොරතුරු ගබඩා කරන ක්‍රියාදාමය සෙමින් සිදුවන නිසයි.

    මේක තේරෙන්නේ නැ බ්‍රෝ්‍..... මේ ගබඩා වෙන ක්‍රමවේදය මොකද්ද?


    ඔටො ගබඩා වෙන්නෙ නැහැ බ්‍රෝ.. උබ ගවේශනය කරලා ඒවා ධාරනය කරගන්න ඕනි සහ එහෙම ගබඩා කරගන්න දේවල් එඩිට් වෙන්න යන වෙලාව වගේ දෙයක්

    “අසීමිත ධාරිතාවක් ඇති අයිපොඩයක් (iPod) ගැන හිතන්න. මෙතෙක් ලොව ගයා ඇති සියලුම ගිත මිලට ගෙන එහි තැන්පත් කළත් ඔබට ගීයක් වාදය කිරීමට අවශ්‍ය වන විටක ඉන් එකක් එළියට ගෙන වාදනය කරන්න වෙනවා වගේ තමයි මේකත්
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    සැහෙන්න මහන්සි වෙල කරපු පෝස්ට් එකක් වගෙයි..ගුඩ් පෝස්ට් බ්‍රො...You must spread some Reputation around before giving it to r runner again:shocked:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    If buddha is correct mind power is unlimited.Memory stores in energy level.The more the mind is concentrated the more knowledge it can access.The most suttlest part of the mind is called chitta,which is the universal energy itself.Memory is unlimited it is what carries onto the future rebirth.Everything is recorded.What memory average human can access using the brain is another topic.