ඔබේ_වටිනා _ඡන්දය

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔබේ_වටිනා _ඡන්දය

    හිතවත් පාඨකය,


    මේ එළඹෙන්නේ අප රටේ වඩාත්ම වැදගත් ඡන්දයයි.. මේ එළඹෙන්නේ මේ රටේ තීරණාත්මකම ඡන්දයයි.. මේ ඡන්දය මෙතරම් වැදගත් වන්නේ වෙන කිසිවක් නිසා නොව මෙය අන් කවර ඡන්දයක් මෙන් හෝ නොව, නීතිය සහ අවනීතිය අතර සටනක් වන බැවිනි.. සාධාරණය සහ අසාධාරණය අතර සටනක් වන බැවිනි.. හොඳ සිහිය සහ වියරුව අතර සටනක් වන බැවිනි.. (සාක්ෂි අවශ්‍යනම් දැන් ITN බලන්න.. )
    අප රටේ වෙනත් කිසිම ඡන්දයකට වඩා මෙවර ඡන්දය මිනිසුන් විසින් "මග බලා සිටිනා", නැතිනම් "ඇඟිලි ගනිමින් සිටිනා" ඡන්දයක් බවට පත්ව ඇත.. අප රටේ පසුගිය ඡන්ද ගණනාවකම ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පැවතියේ ඉතාම අඩු මට්ටමක වන අතර, එහි පදනම වූයේ "ඡන්දේ දාලා වැඩක් නෑ, ඔව්ව හදන්න බෑ" යන ආකල්පයයි.. මෙවර එසේ නැත.. මිනිස්සු තමන්ගේ ඡන්දයට වටිනාකමක් ඇති බව විශ්වාස කරති.. තමන්ගේ ඡන්දය දැමිය යුතු දෙයක් බව විශ්වාස කරති.. ඡන්දය දැමීම මෙතරම් ආකර්ෂණීය වීම පසුපස ඇති හේතුව ද, "ඡන්දෙන් වැඩක් නෑ" යන ආකල්පය දුර්වල වී ඡන්දය වැඩක් ඇති දෙයක් බවට විශ්වාසයක් හටගැනීමයි..
    ඡන්දය යනු බුද්ධිමත් තීරණයකි.. බුද්ධිමත් ජීවීන් විසින් සිය නායකයා පත්කරගැනීමට ඡන්ද පවත්වන්නේ එබැවිනි.. නැතිනම් වඩාත්ම ලොකුම අංදෙක ඇති හරකා, වඩාත්ම තඩි බඩ ඇති මීහරකා, වඩාත්ම පෙරේත ඌරා වශයෙන් සත්ත්ව ලෝකයේ ආරට නායකත්වය දීමට හැකිව තිබිණි.. එබැවින් ඡන්දය යනු හදවතට වහල්ව ගන්නා තීරණයක් නොවේ.. ඡන්දය යනු ඉදිරි කාලයට අපට නායකත්වය දිය යුත්තේ කවුද යන ප්‍රශ්නයට බුද්ධිමත් පිළිතුරකි.. ඔබ මේ පණිවුඩය කියවන්නේ නම් ඔබ මේ ලංකාවෙන් ආසන්නව 10%කට පමණක් විඳින්නට ලැබෙන වාසනාවක් අත්විඳීන්නෙකි.. ඉතිරි 90%ටම අන්තර්ජාලය ඇසුරෙන් තොරතුරු සොයා බැලීමට වාසනාවක් නැත.. ඔවුන් දන්නේ මාධ්‍ය වලට වාර්තා කරන්නට අවසර දෙන තොරතුරු පමණි.. මාධ්‍යවලට කිසිදා වාර්තා කරන්නට ඉඩ නොදෙන දහසකුත් එකක් දෑ අන්තර්ජාලයෙන් සොයා බැලීමට ඔබට වාසනාව ඇත.. එබැවින් ඔබ මේ වාසනාවන්ත මිනිසුන්ගෙන් කෙනෙකුනම්, ඔබ හෙට දිනයේ ඡන්දය ප්‍රකාශ කරන්නට සූදානම් වන පාර්ශ්වය පිළිබඳව අපක්ෂපාතී සොයා බැලීමක් කිරීමට ඔබට යුතුකමක් ඇත..
    වැදගත් කරුණක්: "අරයට දාන්න, මෙයාට දාන්න" යනුවෙන් ඔබේ ඥාතීන් සහ (සමහරවිට දෙමාපියන්ගෙන් පවා) ඔබට බලපෑම් එල්ල වී තිබෙනු ඇත.. කවුරුවත් කැමති, කාටවත් ඕනෑ කෙනාට නොව, ඔබ කැමති, ඔබට හොඳ යැයි සිතෙන කෙනාට ඡන්දය දෙන්න..
    ඔබ කවර පක්ෂයක වුවත් මේ ඊළඟ ටික ඔබට අදාළ වේ..
    අනිවාර්යයෙන් ඡන්ද පොළට යන්න.. ඡන්දය යනු නිවාඩු දිනයක් නොවේ.. ඡන්දය දුන්නත් නුදුන්නත් හැකිතරම් උදෑසනින් ඡන්ද පොළට යන්න.. ඒ යනවිට ඔබේ ජංගම දුරකථනය සහ වලංගු හැඳුනුම්පත අනිවාර්යයෙන් රැගෙන යන්න.. ඔබේ වාරය එනතුරු පෝලිමේ රැදී සිටින්න.. ඒ අතරම, ඔබේ ගමේ, නගරයේ නොවන වෙනත් ආගන්තුකයන් ඇතුළු සැකකටයුතු චරිත පිළිබඳව අවධානයෙන් සිටින්න.. ඔබේ වාරය පැමිණි පසුව නිවැරදිව ඡන්දය ලකුණු කරන්න.. එක කතිරයකට වඩා ගැසීම හෝ කතිරය අදාළ කොටුවෙන් පිටතට ගැසීම ඡන්දය අවලංගු වීමට හේතුවකි.. එසේම එක කතිරයකට වඩා ගැසීම සහ කතිර / ඉලක්කම් හැර වෙනත් සලකුණු යෙදීම ද ඡන්දය අවලංගු වීමට හේතුවකි.. එක අපේක්ෂකයකුට පමණක් මනාප නම්, ඒ අපේක්ෂකයාගේ නම සහ ලකුණ අඩංගු තීරයේ ඉදිරියෙන් කතිරයක් ගසන්න.. අපේක්ෂකයන් කීප දෙනෙකුට මනාප නම්, මනාපයේ අනුපිළිවෙලට වඩාත්ම කැමති අපේක්ෂකයාට 1, ඊළඟට 2, ඊළඟට 3 ලෙස ලකුණු කරන්න.. මනාප 3 කට වඩා ලකුණු කිරීම ඡන්දය අවලංගු වීමට හේතුවකි.. අනිවාර්යයෙන් ඡන්දය පළකරන්න.. ඡන්දය යනු වටිනා දෙයකි.. ඔබ කාටවත් ඡන්දය දෙන්නට අකැමැතිනම්, ඡන්ද පත්‍රිකාව කටුගා දමා හෝ පැමිණෙන්න..
    ඡන්දය ලකුණු කිරීමට පෙර පත්‍රිකාව අවධානයෙන් බලන්න.. ඔබේ අපේක්ෂකයාගේ නම සහ ලකුණ යන දෙකම අවධානයෙන් පරීක්ෂා කරන්න.. එය අවිශ්වසනීය එකක් දැයි (උදා: ඔබේ අපේක්ෂකයාගේ නම-ලකුණ නැත්නම් හෝ වැරදිදැයි) හොඳින් බලන්න.. පත්‍රිකාවේ හෝ ඡන්ද පොළේ යම් සැක කටයුතු දෙයක් දුටුවහොත් වහාම ඡන්දපොළ භාර නිලධාරියා දැනුවත් කරන්න.. ඔහුගෙන් සාධාරණ පිළිතුරක් නොලදහොත් වහාම මේ දුරකථන අංකවලට දැනුම්දෙන්න..
    මැතිවරණ ලේකම් කාර්යාලය - 0112868441
    පැෆරල් සංවිධානය - 0112514441
    NEM-IHR - 0113082070
    CAFFE සංවිධානය - 0114341524
    මේ සංවිධාන ඔබේ පැමිණිල්ල පිලිබඳ ක්‍රියාමාර්ග ගනු ඇත..
    කවුරුන් දිනුවත්, පැරදුණත් ඔබ මේ සමාජයේ තවකලක් ජීවත් විය යුතුය.. එබැවින් දිනුම් පැරදුම් මත එකිනෙකාට අපහාස කිරීමට හෝ පළිගැනීමට සූදානම් නොවන්න.. ඔබේ අපේක්ෂකයා දිනුවා යනු ඔබට වැරදි කිරීමට දෙන ලයිසන් එකක් නොවන බව සිහියේ තබාගන්න..
    ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ජනතාවට හිමිවන පරමාධිකාරී බලය පාවිච්චි කිරීමට හෙට ඔබට ලැබෙන අවස්ථාව බුද්ධිමත්ව, සිහියෙන් යුතුව ප්‍රයෝජනයට ගන්න..



    nyjKIhP.jpg
     
    • Like
    Reactions: Banned!

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර එකෙක් කියනවා කලගුණ සලකන්නලු..:lol:

    කලගුණ සලකන්න ඕන කෙලිහිගුණ තියෙන එකෙකුට..ඕන් මහින්දගේ කෙලිහිගුණේ..:lol::lol::lol:



    dmLtW1b.gif
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Mahinda kawuda ban ayeth awurudu 8k hora kanna chande denne.mole hoda nathi un thama.:lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    චන්දෙ කටු ගාන්න ඉන්න උගත් මෝඩයන්ට කියපල්ලා ඊයෙ මැතිවරණ කොමසාරිස්ගෙ කතාව මුල ඉන්දන් අහන්න කියලා. පුලුවන්නම් හොයල දාන්න.
    ජනදිපති වරයා තොරන්නෙ වලන්ගු චන්ද වලින් ගන්න කෙනා. නැතුව ප්‍රකාශිත චන්ද නෙවෙයි.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    චන්දෙ කටු ගාන්න ඉන්න උගත් මෝඩයන්ට කියපල්ලා ඊයෙ මැතිවරණ කොමසාරිස්ගෙ කතාව මුල ඉන්දන් අහන්න කියලා. පුලුවන්නම් හොයල දාන්න.
    ජනදිපති වරයා තොරන්නෙ වලන්ගු චන්ද වලින් ගන්න කෙනා. නැතුව ප්‍රකාශිත චන්ද නෙවෙයි.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හකිම්ට-මුස්ලිම් දිස්තිකය
    TNA-කොටින්ට ඊලම
    ලබා දීමට කැමති අය සිරිසේනට චන්දය දෙන්ඩ
    :confused:
     
    • Like
    Reactions: chathu05

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    හකිම්ට-මුස්ලිම් දිස්තිකය
    TNA-කොටින්ට ඊලම
    ලබා දීමට කැමති අය සිරිසේනට චන්දය දෙන්ඩ
    :confused:

    :yes::yes:

    මහින්ද දිනවමු !!!​