ඔබ ඇලෙන, ගැටෙන රූපය; මාරයාම වේ!
ඔබ අප සැමදෙනවම අගතියට ඇද දමන්නේ රූපයක් විසින්මයි. අපට රාගයන්, ද්වේශයන් සකස් වන්නේ රූපයන් නිසාම වේ. ගිහි ඔබ අප සැමදෙනට රූපයන් සමඟ නිතර ගැටීමට සිදුවේ. රූප කෙරෙහි ඇලීම් ඇතිවේ. මෙම ඇලීම්, ගැටීම් හේතුවෙන් අපට අකුසල සිත් සකස්වේ. බුදුරජාණන් වහන්සේ රූපය යනු "මාරයා" යැයි දේශනා කොට ඇත. ඔබට නිවන් අවබෝධය කරා යාමට අවශ්‍යනම්, ඔබ දක්ෂයෙකු විය යුතුයි ඔබ ඉදිරියේ පෙනෙන්නට තිබෙන රූප මාරයා ලෙස දැකීමට.
මෙය තවත් පැහැදිලි කරනවනම්; ඔබට නිතර දැකීමට සිදුවන රූපයන් වන්නේ, ඔබගේ මව/පියා, සහෝදර/සහෝදරියෝ, ස්වාමි පුරුෂයා/බිරිඳ, දරුවන්, පෙම්වතා/පෙම්වතිය, යහළු/යෙහෙලියෝ, රැකියාවක් කරනවනම් රැකියා ස්ථානයේ ප්‍රධානියා. ඔබ හිතල බලන්න, ඔබ ඔබගේ දෙමව්පියන්ට කොච්චර ඇලීමක් තිබෙනවද කියල, ඔබ සමහරක් දෙන ප්‍රර්ථනා කර ඇති, මතු උපදින ආත්ම වලදීත් මේ අම්මා, මේ තාත්තා මගේම වේවා කියල. ඔබ වටහ නොගත් කරුණ නම්; ඔබ දෙමව්පියන්ට තියෙන ඇලීම නිසා මේ සසරේ ඔබව කොතෙක්දුර ගෙන එන්නට ඇතිද! ඉතින් ඔබ ප්‍රර්ථනා කල යුත්තේ, ඔබ දැකිය යුත්තේ මේ අම්මා, මේ තාත්තා; මාගේ සසර ගමනේ හමුවන අවසාන දෙමව්පියන් වේවා කියල!
(සියලු දේ ප්‍රඥාවෙන් වටහ ගන්න, මේ කියන්නේ දෙමව්පියන්ට නොසලකා, විය යුතු යුතුකම් පැහැර හරින්න කියා නොවේ)
මදුරුවෙක් ඔබේ ශරීරයට දෂ්ට කරනවා දුටුවත්, මේ මදුරුවා මාරයා ලෙස දැක, මට අකුසලයක් සිදුකිරීමටමයි මොහු පැමිණ ඇත්තේ කියා මනසින් දැක, මදුරුවාව නොමරා ඉවත් කිරීමට ඔබ දක්ෂ වන්න. ඔබ සිල්වත් වන්න, සිල්වත් වන්න, මාරයා විවිධ ස්වරූපයෙන් ඔබ ඉදිරියට පැමිණෙයි, ඒ ඔබව අකුසලයට යොමු කිරීමටමයි. යහළුවන්, ඔබගේ අසල්වැසියන්, නෑදෑයින් ඔබව විවේචනය කරනවනම්, ඔබ ගැන බොරු කේලම් පවසනවනම්; ඔබ ඒවත් සමඟ ගැටීමට නොයන්න. ඔබ කොච්චර සිල්වත්ව සිටියත්, ඔබට එසේ වෙනකොට ඔබට සිතෙයි, "මම" මෙච්චර සිල්වත්, එත් "මට" මෙවැනි දේ සිදුවන්නේ ඇයි කියල. බුදු දහමේ සමාජ අසාධාරණයක් ගැන සඳහන් වන්නේ නැත. එම නිසා ඔබව කවුරුහරි වැරදි විදිහට විවේචනය කරනවානම්, එසේ සිදුවන්නේ ඒ ඔබ පෙර කල අකුසලයක් නිසාමයි. ඔබට එසේ සිදුවනවිට ඔබට වේදනාවක් දැනෙන්නේ "මම" යන දෙය ඔබ නිත්‍ය වශයෙන් ගෙන ඇති හෙයිනි.
ඔබ රූපයකට ගැටීමට, ඇලීමට යන්නේ, ඔබ ඒ රූපයන් නිත්‍ය වශයෙන් ගැනීම නිසාය. රුපයන්හි "අනිත්‍ය" මනසින් දකින්න දකින්න රුපයන්ට තිබෙන ඇලීම්, ගැටීම් අඩුවේ. ඔබගේ සසර ගමන දික් වන්නේ මරණාසන්න මොහෙතේ සිහියට නැගෙන රූපයක් නිසාමය. ඔබ කොච්චර කුසල් දහම් කර තිබුනත් වැඩක් නැත, මරණාසන්න මොහෙතේදී ඔබට ඇල්පෙනෙති තුඩක තරම් වූ රූපයක් කෙරෙහි උපාදානයක් සකස්වූවොත් ඔබට බව නිරෝධයක් කරා යාමට නොහැක.
රූපයන් මාරයන් ලෙස දකිමින් ඇලීම්, ගැටීම් ප්‍රහීනය කරමින් යන ගමනේදී ඔබට අවසානයේද යම් තැනකදී බුදු රජාණන්වහන්සේගේ රූපයද මාරයා ලෙස දැකීමට සිදුවේ. එම රූපයද අවසානයේ පිරිණිවන් මංචකයේදී ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත්වූහ.
අපට කරන්නට තියෙන දේ බොහෝයි, මෙය පහසු දෙයක් නොවේ, නමුත් කරන්නට අපහසු දෙයකුත් නොවේ. සසර බය ඇති කරගන්න, අචල ශ්‍රද්ධාව ඇති කරගන්න, ධර්මය මනසින් මෙනෙහි කරමින් ප්‍රඥාව වඩවා ගන්න.

මේ හාමුදුරුවන්ගේ බණ තමයි මේ!