ඔබ ඉතින් යන්න..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැර ගිය ඔබ-3 ,


    ආදරේ සුවද ජීවිතේ මිහිර ...
    නෑ තවත් විදින්නේ....
    මා නිසා තැවෙන රූ ඔබේ කොහෙද..
    නෑ ඉතින් දකින්නේ.....
    ඒ ලොවේ සොදුරු මතකයන් හිතට..
    නෑ යලිත් දැනෙන්නේ.....
    ඔබ ඉතින් යන්න.. ඇගෙ සුවේ ඉන්න....
    සුභ පැතුම් පතන්නේ..........

    එක් වරක් ඔබට දුන්නු මගෙ ලොවම...
    ආදරේක පටලා............
    මා නෙතේ කදුළු දෙකොපුලෙන් වැටෙන...
    වේදනාව බලලා................
    සාගරේ තරම් ආදරේ කියූ .....
    කාලෙට තිත තියලා......
    මා වෙතින් යන්න ඈ ලගින් ඉන්න...
    මගෙ ලොව මට දීලා........

    ජීවිතේ ගෙවෙන මොහොතකින් මොහොත...
    තව නෑ විදවන්නේ......
    රූ ඔබේ තවත් සිහිනයෙන් වුවද ...
    නෑ තව දැක ගන්නේ...
    ආදරේ නමින් මේ තරම් කදුළු .....
    නෑ තවත් හෙලන්නේ............
    ඔබ ඉතින් යන්න.. ඇගෙ සුවේ ඉන්න....
    සුභ පැතුම් පතන්නේ..........

    සහෝදරියක් නිසා ලියන්නට සිදු වූවකි.
    :dull:
     
    Last edited: