ඔබ ඉපදුනේ මොන අව්රුද්දෙද?
චීන රාශි චක්‍රයට අනුව ඔබ ඉපදුන අව්රුද්දෙන් කියැවෙන දේ
ඒ ඒ වසරවල උපන් අයගේ ගතිගුණ චීන ක්‍රමයට අනුව විස්තර කෙරෙන්නේ අදාළ වසරට අයත් සත්ත්වයාගේ ගති ලක්ෂණ අනුවය. රාශි චක්‍රයට අයත් වන සතුන් දොළොස් දෙනා සහ ඒ ඒ සත්ත්වයාට අයත් වර්ෂ මේ වගුවෙන් දැක්වේ.
මීයාට අයත් වර්ෂයක උපන් ඔබ
(1912,1924,1936,1948,1960,1972,1984,1996,2008)
සන්සුන් හා සරල බව නිසාම අනෙක් අයගේ අවධානයට ලක්වේ. අරමුණුවලට අනුකූලව වෙහෙසවී කටයුතු කරන ඔබ කෙසේ හෝ තම අරමුණු ඉටුකර ගනියි. මුදල් සම්බන්ධයෙන්
ඉතා කල්පනාකාරීව කටයුතු කරන අතර වැඩි වැඩියෙන් දේපළ රැස්කර ගැනීමට ආසා කරයි. ඕපාදූපයන්ට කැමති ඔබ පහසුවෙන් කොපයට පත්වෙයි. ඉහළට යාමේ ආසාව නිසා බොහෝ ඉලක්ක සපුරා ගනී. මකර, වදුරු හා ගව වර්ෂයන්හි උපන් අය සමග සමගියෙන් කටයුතු කරයි.
ගවයාගේ වර්ෂයක උපන්නේද?
(1913,1925,1937,1949,1961,1973,1985,1997,2009)
ඉතා ඉවසිලිවන්තය. අන් අයගේ විශ්වාසය දිනා ගැනීමේ සමත්ය. එම විශ්වාසයන් දැඩි හා ස්ථීර ඒවාද වේ. ඔබ කතා කරන ප්‍රමාණය අවම නමුත් කතා කරන්නේ වැදගත් හා අත්‍යවශ්‍ය කාරණාය. කායිකව මෙන්ම මානසිකව ද නිතර අවධානයෙන් පසුවන ගති පැවතුම් ප්‍රකට කළත් වරෙක දරදඩුය. පරාජය ලබන්නට අකමැති ඔබට ඇසුරට වඩාත් ගැළපෙන්නේ කුකුළා හා මීයා යන සතුන්ට අයත් වර්ෂයන්හි උපන් අයයි.
කොටියාගේ වර්ෂයේ උපන්නේ නම්
(1914,1926,1938,1950,1962,1974,1986,1998,2010)
චින්තකයෙකි. හැගුම්බර ඔබ අන්‍යයන් කෙරේ අනුකම්පාවෙන් කටයුතු කරයි. ශක්තිමත්ය. ධෛර්යවන්තය. ඉක්මනින් කෝපයට පත්වන ඔබ අණට අනුව, විශේෂයෙන්ම ඔබට වඩා වැඩිමල් අයගේ අණට අනුව කටයුතු කිරීමට කැමැත්ත දක්වයි. කෙසේ වෙතත් ඔබ දුර දිග නොබලා හැගීම්වලට අනුව තීරණ ගන්නෙකි. අශ්වයා, මකරා හා බල්ලා යන සත්ත්වයන්ට අයත් වර්ෂයන්හි උපන් අය ඇසුරට ගැළපෙයි.
හාවාගේ වර්ෂයක උපන් ඔබට
(1915,1927,1939,1951,1963,1975,1987,1999,2011)
හාවාගේ වසරක උපන් ඔබ දක්ෂ, ඉහළට යෑමේ ආසාවෙන් යුත් කලාත්මක අදහස් සහිත අයෙකි. ඔබගේ රුචිකත්වයන් විවිධය. නිතරම මුදල් ලාභ ලබන්නට තරම් ඔබ වාසනාවන්තය. අන් අයගේ විශ්වාසය පහසුවෙන් දිනා ගනියි. කරුණාවන්ත ඔබ ඕපාදූප අසන්නට මෙන්ම පතුරුවන්නට ද පෙළඹෙයි. ව්‍යාපාර කටයුතු වල දක්ෂය. බැටළුවා, ඌරා හා බල්ලා යන සතුන්ට අයත් වර්ෂයන්හි උපන් අය සමග කටයුතු කිරීමට ඔබට පුළුවන.
මකරාගේ වර්ෂයේ උපන් ඔබ
(1916,1928,1940,1952,1964,1976,1988,2000,2012)
සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත්, ක්‍රියාශීලී, එහෙත් ඉවසීම රහිත ඔබ දරදඩුව ක්‍රියා කරන්නෙකි. එමෙන්ම අවංක, හැගුම්බර, නිර්භීත, අන්‍යයන්ගේ විශ්වාසය දිනාගන්නටද සමත්ය. ජ්‍යොතිෂ්‍ය ගැන විශ්වාසය තබයි. පහසුවෙන් අනෙකකුගෙන් ණයට මුදල් ලබා ගන්නට අකමැති ඔබ මෘදු හදවතක් සහිත, අනෙකකුට කළ උපකාර වෙනුවෙන් ප්‍රති උපකාර හෝ ඔවුන්ගේ සැළකිල්ල බලාපොරොත්තු වන්නෙකි.සර්පයා, වදුරා හා කුකුළා යන සත්ත්වයන්ට අයත් වර්ෂවල උපන් අය ඔබට ලෙන්ගතුව කටයුතු කරයි.
ඔබ උපන්නේ සර්පයාගේ වර්ෂයේද?
(1917,1929,1941,1953,1965,1977,1989,2001,2013)
හැගුම්බරය. ආධ්‍යාත්මික පාර්ශවයට වැඩි නැඹුරුවක් දක්වයි. ආත්මාර්ථකාමීය. එසේ වුවත් අනෙකකු කරදරයක වැටුණහොත් ඉවත බලා ගන්නේ නැත. අන්‍යයන්ගේ තීන්දු පිළිබද සැලකිල්ලක් නොදක්වා කටයුතු කරන්නේ ඔබගේ තීන්දුවලට අනුවය. සන්සුන් හැසිරීම් රටා පළකරන ඔබ හොද පෙනුමක් සහිත අයෙකි. කෝපයට පත්වන්නේ කුමන අවස්ථාවකද යන්න පිළිබද ඔබට ද පැහැදිලි හැගීමක් නැත. ගවයා, කුකුළා යන සතුන්ට අයත් වර්ෂයන්හි උපන් අය ඔබේ ඇසුරට වඩාත් ගැලපේ.
අශ්වයාගේ වර්ෂයක උපන්නේ නම්
(1918,1930,1942,1954,1966,1978,1990,20002,2014)
අශ්වයාගේ වසරක උපන් ඔබ පහසුවෙන් ජනප්‍රියත්වය ළගා කරගන්නෙකි. තමා වටා රොක්වන අය පිනවීමට කැමැත්ත දක්වන ඔබ ඊට සමත්කම්ද දක්වන්නෙකි. බුද්ධිමත් දක්ෂ ඔබ දෑතේ කටයුතුවලට බෙහෙවින් දක්ෂය. නිතර සතුටින් පසුවන මුදල් කළමනාකාරීත්වයේ දක්ෂ සමහර විට පමණට වඩා කතා කරන ඔබ නිදහස් මතධාරියෙකි. අන්‍යයන්ගේ අවවාදයන්ට ඇහුම්කන් දීමට කැමතිය. කොටියා, බල්ලා හා සර්පයා යන සතුන්ට අයත් වර්ෂයන්හි උපන් අය ඔබේ ඇසුරට වඩාත් සුදුසුය.
බැටළුවාගේ වර්ෂයක උපන් ඔබ
(1919,1931,1943,1955,1967,1979,1991,2003,2015)
කලා කටයුතුවලට වඩාත් දක්ෂ පහසුවෙන් පසු නොබසින්නෙකි. බුද්ධිමත්, සංයමයෙන් යුත්, විනයානුකූලව කටයුතු කරන ඔබ ලජ්ජිශීලී අයෙකි. නිතරම ජීවිතය නමැති ප්‍රෙහෙළිකාව විසදීමට උනන්දු වෙයි. ආධ්‍යාත්මික පාර්ශවය ගැන වැඩි උනන්දුවක් දක්වන ඔබ කතාවේ එතරම් දක්ෂ නැත. එහෙත් කරන කටයුතු පිළිබද දැඩි විශ්වාසයෙන් යුතුය. සුව පහසුවට වැඩි කැමැත්තක් දක්වන ඔබේ ඇසුරට ගැළපෙන්නේ හාවා, ඌරා හා අශ්වයා යන සතුන්ට අයත් වර්ෂයන්හි උපන් අයයි.
වදුරාගේ වර්ෂයක උපන්නේ නම්
(1920,1932,1944,1956,1968,1980,1992,2004,2016)
ජ්‍යොතිෂ්‍ය පිළිබද දැඩි උනන්දුවක් දක්වන ඒ කෙරේ පමණටත් වඩා විශ්වාසය තබන අයෙකි. දක්ෂ, හුරුබුහුටි, නම්‍යශීලී ඔබ නව නිමැවුම් කෙරේ වැඩියෙන් නැඹුරු වෙයි. අන්‍යයන්ට වඩාත් අපහසු ගැටළු ඔබ විසදන්නේ ඉතා පහසුවෙනි. ඉක්මන් තීරණ ගැනීමට පෙලඹුනද ඒවායින් වැඩි කොටස නිවැරදිය. හොද මතක ශක්තියක් ඔබ සතුය. දැනුම ලබාගන්නට මහත් ආසාවක් දක්වන ඔබ කෝපය, වැඩි කල් සිත රදවාගන්නේ නැත. මකරා හා මීයා යන සත්ත්වයන්ට අයත් වර්ෂයන්හි උපන් අය සමග ඔබට සමීපව ඇසුරු කිරීමට පුළුවන.
කුකුළාගේ වර්ෂයක උපන්නේ නම්
(1921,1933,1945,1957,1969,1981,1993,2005,2017)
ගැඹුරු චින්තකයෙකි. සහජ දක්ෂතාවනට හිමිකම් කියයි. කැපවීමෙන් කටයුතු කරන, යමක් අසාර්ථක වූ විට පමණටත් වඩා ඒ ගැන කම්පාවීම ඔබ සතු එක් දුර්වලතාවයකි. හුදෙකලාවට ප්‍රිය කරයි. කතාවට දක්ෂ නමුත් ආත්මාර්ථකාමී ගතිගුණ ප්‍රකට කරයි. නිර්භීතය. ගවයා, සර්පයා හා මකරා යන සත්ත්වයන්ට අයත් වර්ෂයන්හි උපන් අය ඇසුරට සුදුසුය.
බල්ලාගේ වර්ෂයක උපන් ඔබට
(1922,1934,1946,1958,1970,1982,1994,2006,2018)
උපතින්ම නායකයෙකි. කීකරුය.විනයානුකූලය. අවංකය. රහස් රැකිමේ හැකියාව සහිත ඔබ බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගන්නට සමත්ය. සමහර අවස්ථාවන්හි ආත්මාර්ථකාමී හා දරදඩු ඇවතුම් පැවතුම් ප්‍රකට කරන අන් අය විවේචනය කිරීමට පෙළඹෙයි. සමහරවිට අන් අය ඔබ කට සැර අයකු ලෙස හැදින්වීමටද ඉඩ ඇත. අශ්වයා, කොටියා හා හාවා යන සත්ත්වයන්ට අයත් වර්ෂයන්හි උපන් අය ඇසුරට ගැළපේ.
සූකරයාගේ වර්ෂයේ උපන් ඔබ
(1923,1935,1947,1959,1971,1983,1995,2007,2019)
ධෛර්යවන්ත, කැපවීමෙන් කටයුතු කරන ඔබ සෑම දෙයක් දෙසම සුබවාදීව බලන්නෙකි. මිතුරන් සීමිත නමුත් මිතුදම් දීර්ඝකාලීනව පවත්වාගෙන යයි. අන් අයගේ ආදරයත් ගෞරවයත් දිනාගැනීමේ සමත්ය. වැඩිදුර ඉගෙන ගන්නා, දැනුම පිපාසයෙන් පෙළෙන ඔබ විවාදයේ දක්ෂ අයෙකි. තුලනාත්මකව සියල්ල දෙස බලන ඔබ ආධ්‍යාත්මික පාර්ශවයට නැඹුරුය.ලෞකික සැප සම්පත් කෙරේ වැඩි ආසාවක් නොදක්වන්නෙකි. හාවා, බැටළුවා හා බල්ලා යන සත්වයන්ට අයත් වර්ෂයන්හි අය ඔබේ ඇසුරට වඩාත් ගැළපෙයි.
ෆේස් බුකියෙන් ඉස්සුවේ.
වැදගත් කියලා හිතෙනවා නම් page එකට like එකක් දාලම යන්න.
පුළුවන් නම් බ්ලොග් එක පැත්තෙත් යන්න.තව ගොඩක් දේවල් දැනගන්න පුළුවන්
http://hirukirana1.blogspot.com

Last edited: