ඔබ කන්‍යා ලග්නයේ නම් මේ ඔබ ගැනමයි

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com
    විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා ලග්නය රාශි චක්‍රයේ හයවැනි රාශිය හැටියට සැලකෙයි. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා රාශි දෙකටම අධිපතිත්වය දරයි. මේ රාශි දෙකින්ම උපන් අය බුධ ග්‍රහයාගේ පාලනයට යටත් වේ. ධාන්‍ය කරලක් අතින්ගත් කාන්තාවක් ලග්නය සංකේතවත් කරයි. බුධගේ උච්ච රාශිය ද කන්‍යා රාශියයි. කන්‍යාව සෞම්‍ය ගුණයෙන් යුත් ස්ත්‍රී රාශියක් වන අතර උභය රාශියක් ලෙස ද ඡ්‍යොතිෂයේ හැඳින්වෙයි.

    කන්‍යා ලග්නයෙන් උපත ලැබූ බොහෝ දෙනා මනා පැහැපත් රූප සම්පත්තියෙන් යුක්තය. පිරිමි අය කඩවසම් පෙනුමකින් යුක්තවන අතර ඔවුනට ශක්තිමත් සිරුරක් ද හිමිය. රවුම් මුහුණක් හිමි ඔවුන්ගේ අත්පා දිගු වන අතර උසේ තරමට මහත් වූ ශරීරයක් ඇත. ඔවුන්ගේ ගමන් විලාසය ද අමුතුම ආකාරයක් වන අතර ගතිගුණ දෙයාකාර වෙයි. එක් අවස්ථාවක වඩා හිතවත්කමක් පෙන්නුම් කරන අතර තවත් අවස්ථාවක ඊට හාත්පසින් වෙනස් ගතිගුණ පෙන්නුම් කරයි.

    හොඳට හොඳ හිත පෙන්වන අතර නරකට වඩාත් නරකයි යන්න ඔවුන්ගේ ප්‍රතිපත්තියයි. කන්‍යා ලග්න හිමියන් චංචල අදහස්වලින් යුක්තය. ඔවුන්ගේ අදහස්, සිතිවිලි, පොරොන්දු, ගිවිසුම් ආදිය වරින්වර වෙනස් කරයි. ඔවුන් බුද්ධිමත්ය. ඉගෙනීමට වැඩි උනන්දුවක් දක්වයි. දැඩි අධිෂ්ඨාන ශක්තියකින් යුතුව ක්‍රියා කරන ඔවුන් පටන්ගත් කිසිම කාර්යයක් මොනයම් බාධක ආවත් අතරමඟදී නවතා දැමීමට කිසිසේත්ම කැමැති නැත. එහි අවසාන ප්‍රතිඵලය දකින තුරු දිරියෙන් යුතුව කටයුතු කරයි.

    කන්‍යාවෙන් උපන් ඔබ තුළ සහජයෙන් දායාද වුණු දක්ෂතා රාශියක් ගැබ්ව පවතී. එම හැකියාවන් බොහෝවිට කලාව හා සාහිත්‍යයට සමීප වූවා වන්නට ඉඩ ඇත. කවිය, ගීතය, චිත්‍ර, රඟපෑම වැනි ක්ෂේත්‍රයන් තුළදී මෙන්ම ජනසන්නිවේදනය, කථනය වැනි මාධ්‍යයන් තුළින් ද ඔබගේ දක්ෂතා දැකගත හැකිවීම විශේෂත්වයකි.

    මහ පොළොව කාරක කරගනිමින් උපත ලද ඔබ කෘෂිකාර්මික කටයුතුවලට දක්වනුයේ මහත් ඇල්මකි. එමඟින් ආදායම් උපදවා දියුණුව කරා යෑමට ද ඔබට හැකියාව ඇත. එමෙන්ම පොත පත කියවීමට ද ඔබ රුසියෙකු වන අතර පොත පතට ඔබ තුළ ඇත්තේ ඉමහත් ආදරයකි. ඔබ ලියකියවිලි දෑ ඉතා ප්‍රවේශම් ලෙසින් තබා ගන්නේ අන් අයට නොදෙන ලෙස ක්‍රමානුකූල බවකිනි.

    අනුන්ගේ කරදරයකදී හෝ විපතකදී මඟ නොහැර ඔබට හැකි අයුරින් බර කරට ගෙන කටයුතු කිරීම ඔබ සතු මහඟු ගුණයකි. ඔබ තුළ කලබල ගතිය හා නොසන්සුන් බව වැඩි වශයෙන් පවතී. එම නිසාම සමහර අත්‍යවශ්‍ය දේවල් ඔබට මඟහැරී යන අතර එම අමතක වීම හේතුවෙන් පාඩු ද සිදු කර ගනී.

    ඔබගේ ජීවිතයට වාසනාව ලබන්නේ අවුරුදු 24න් පසුවය. උසස් රැකියාවක්, යහපත් විවාහයක්, ලස්සන නිවෙසක්, අලුත් වාහනයක් වැනි භෞතික සම්පත් ඒ සමඟම ඔබට හිමිවනු ඇත. කන්‍යා ලග්නයෙන් උපත ලද ඔබගේ ජීවිතයේ මුල් භාගය එතරම් යහපත් නොවනු ඇත.

    අරගලකාරී දඩබ්බර, හිතුවක්කාර බවකින් එම කාලය පිරී තිබෙන්නට පුළුවන. ක්‍රමයෙන් තරුණ වයස පසු කර යද්දී එම තත්ත්වය වෙනස්ව වාසනාවන්ත යුගයක් උදාවනු ඇත. සමහරුන්ට ඔබව පෙනෙනුයේ මසුරකු ලෙසිනි. නමුත් ඇත්ත වශයෙන්ම ඔබ මසුරු අයෙකු නොවේ. ඔබ මිල මුදල් පරිහරණයේ දී ඉතාම ප්‍රවේශම් සහගතය.

    කන්‍යා ලග්නයෙන් උපන් කාන්තාවන්ට බොහෝ විට රජයේ රැකියාවක් කිරීමේ වාසනාව ඇත. වෛද්‍යවරියන්, සිවිල් ඉංජිනේරුවරියන් වශයෙන් කටයුතු කරන සමහරු කන්‍යා ලග්නයෙන් ඉපදී ඇත. බොහෝ විදුහල්පතිනියන්, තැපැල් ස්ථානාධිපතිනියන් ඉපදී ඇත්තේ ද කන්‍යා, ලග්නයෙනි.

    විවාහය :

    කන්‍යා ලග්න හිමි කාන්තාවෝ ආදරය, අනුකම්පාව හොඳින් හඳුනති. බාල වියේදීම පෙම් සබඳතා ඇතිකර ගැනීමට ඔවුන් අකැමැතිය. තරුණයෙකුට ආදරය කිරීමට බෙහෙවින් බියක් දක්වති. දුටු දුටුවන්ට පෙම් කිරීම ඔවුන්ගේ සිරිත නොවේ. කන්‍යා ලග්නකාරියන් පෙම් සබඳතාවලින් සිදුවන විවාහවලට කැමැත්තක් දක්වන්නේ කලාතුරකිනි. දෙමාපියන්ගේ ආශිර්වාදය මැද සිදුවුණ යෝජිත විවාහයකට වඩාත් කැමැතිවෙති. විවාහයෙන් පසු සැමියා මියගියහොත් නැවත විවාහයක් ගැන නොසිතයි. අවංක ආදරය හේතුවෙන් සැමියාගේ නිසි ආදරය හා ගෞරවය ලබයි.

    කන්‍යා ලග්නය හිමි අයට විවාහය සඳහා වඩාත්ම සුදුසු වනුයේ වෘෂභ, කන්‍යා, මකර ලග්න හිමිකරුවන්ය. කන්‍යා ලග්න හිමියන් නිරතුරුවම ආහාර පාලනය කිරීමට පෙලඹෙන අය වේ. තමන් විසින් තෝරා ගන්නා ලද ආහාර වර්ග කීපයක් කෙරෙහි වැඩිපුර යොමුවීමත් ආහාර ආදියෙන් වඩාත් ප්‍රවේශම්වීමත් ඔවුන්ගේ සිරිතය. කන්‍යා ලග්න හිමියන් ඉතා ඉක්මනින් කෝපයට පත්වෙති. සුළු දෙයකට පවා අධිකව කෝප වේ. කුමන හෝ සුළු අසනීපයක් පිළිබඳව නිතර කියමින් එය මඟ හරවා ගැනීමට ක්‍රම සොයා යන අතරදී තවත් වෙනත් අසනීප මතුවේ. එහෙයින් ඔවුනට වරින්වර ප්‍රතිකාර ගැනීමේ අවශ්‍යතාව මතුවේ. රෝග වැලක උත්පත්ති ස්ථානය උදරය හා පිත්තාශය වේ. පිත්තාශයෙන් ඇතිවන රෝගවලින් පීඩා ඇතිවේ. වාත රෝගවලින් මෙන්ම හර්නියා රෝග තත්ත්වයන් ද ඇතිවිය හැකිය. කන්‍යා ලග්නයෙන් උපන් අයට මාරක ග්‍රහයන් වන්නේ කුජ, ශනි හා සඳුය. මෙම ග්‍රහයන්ගේ දශා, අන්තර් දශා කාලවලදී කන්‍යා ලග්න හිමියන් රථ වාහන, ගින්දර, විදුලිය වැනි දෙයින් ප්‍රවේශම් විය යුතු ය.
     
    • Like
    • Haha
    Reactions: Tz4400 and Mr.dark

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,148
    113
    මනා පැහැපත් රූප සම්පත්තියෙන් යුක්තය. පිරිමි අය කඩවසම් පෙනුමකින් යුක්තවන අතර ඔවුනට ශක්තිමත් සිරුරක් ද හිමිය. රවුම් මුහුණක් හිමි ඔවුන්ගේ අත්පා දිගු වන අතර උසේ තරමට මහත් වූ ශරීරයක් ඇත

    methanama borune utto :rolleyes:

    ithuru tikath kiyewwa patta pal borune bn :lol:
     

    Sen-lu

    Well-known member
  • මනා පැහැපත් රූප සම්පත්තියෙන් යුක්තය. පිරිමි අය කඩවසම් පෙනුමකින් යුක්තවන අතර ඔවුනට ශක්තිමත් සිරුරක් ද හිමිය. රවුම් මුහුණක් හිමි ඔවුන්ගේ අත්පා දිගු වන අතර උසේ තරමට මහත් වූ ශරීරයක් ඇත
    බොරු නෙවේ බලපං රනිල් මහත්තයත් කන්‍යා ලග්නෙ. ඔය ටික සේරම උන්දැට තියෙනව 😁. බඩ තමා චුට්ටක් වැඩි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,204
    1
    61,587
    113
    Mother Earth
    මනා පැහැපත් රූප සම්පත්තියෙන් යුක්තය. පිරිමි අය කඩවසම් පෙනුමකින් යුක්තවන අතර ඔවුනට ශක්තිමත් සිරුරක් ද හිමිය. රවුම් මුහුණක් හිමි ඔවුන්ගේ අත්පා දිගු වන අතර උසේ තරමට මහත් වූ ශරීරයක් ඇත

    methanama borune utto :rolleyes:

    ithuru tikath kiyewwa patta pal borune bn :lol:
    ඉතින් ඔය රවුම් මූණක්නේ ඇවේටර් එකේ තියෙන්නෙ
     
    • Haha
    Reactions: Ysa Karu