🪐කන්‍යා ලග්නකාරයෝ මෙහෙ වරෙල්ලා!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    ඕක බලන්නේ මෙහෙමයි. ඔය මාරු වෙන දවසට ඔක්කොම කියවලා බලනවා ලග්න මොකද්ද බලන්නේ නැතුව. ඊට පස්සේ ඕකෙන් හොඳටම හොඳ එක තමා තමන්ගේ ලග්නෙ කියලා හිතාගෙන පැත්තකට වෙනවා.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,676
    11,451
    113
    හඳට කිට්ටුව
    හෙට දවසේ (14/05/2025) සිදුවීමට නියමිත ගුරු ගේ රාශි මාරුව හේතුවෙන් වඩාත්ම බලපෑමට ලක්වෙන කන්‍යා ලග්න හිමියන් බව කිවහැකිය. එතැන් සිට ඉදිරි අවුරුද්දක පමණ කාලයක් කන්‍යා ලග්න හිමියන්ගේ දුෂ්ට ස්ථානයේ හෙවත් අට වැන්නේ ගුරුගේ හැසිරීම වේ. මීට අමතරව තව නොබෝ දිනකින් රාහු ග්‍රහයා ද සතුරු ස්ථානය හෙවත් හය වැන්නට පැමිනීමට නියමිත බැවින් තත්වය තව දුරටත් ව්‍යාකුල බවට පත්වනු ඇත.
    මෙම කාලය තුල කන්‍යා ලග්න හිමියන් තමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වෙනදාට වඩා සැලකිල්ලෙන් පසුවීම යහපත්වේ. අනපේක්‍ෂිත අයුරින් සිදුවිය හැකි අනතුරු පපුව ආශ්‍රිත ලෙඩ රෝග ආදියෙන් පීඩාවට පත්වීමට සිදුවිය හැකිය. නිවසේ වාසය එපාවේ. කලකිරුණු ස්වභාවයෙන් උපන් භූමියෙන් පිටව යාමට වුවද සිදුවිය හැකිය. මවු පාර්ශවයේ නෑදෑයන් හා විරසක ඇතිකරගනී. දරුවන් නිසා අධික සිත් තැවුලට පත්වීමට සිවනු ඇත. මවට අපලයි.
    විශේෂයෙන් හදිසි ධන හානිය නිසා දැඩි පීඩනයට පත්වීමට බොහෝ ඉඩ තිබේ. ණය බර අධික වේ. ආර්ථික තත්වයේ දැඩි පසුබෑමක් ඇතිවිය හැකිවේ.




    ලව් හුටස්...

    එකක් හරියට කියපන්..

    කෙලවෙනවද නැද්ද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    දැන් ඉතින් ඕවා ඇත්ත නන් රටේ ජනගහණයෙන් 1/12 කට කෙලවෙනව. ඒ කියන්නෙ රටේ ආර්ථිකය එහෙමත් සෑහෙන කඩා වැටෙන්න ඕනෙ. රෝහල් පද්ධතියත් අවුල් යයි.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ධනු මොකෝ
    ඕක සුභපල දෙන්නෙ තමන්ගෙ කේන්දරේ ග්රහපිහිටීම, ගෙවන මහ දශාව අන්තර්දශාව අනුව.
    ගුරු උබෙ කේන්දරේ බලවත්ව ඉන්නව නං උබට සුභ පල
    ගුරු උබේ කේන්දරේ දුර්වල නං උබට අසුබ පල
     
    • Like
    Reactions: Naughtykolla48

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    200.gif
     
    • Haha
    Reactions: Naughtykolla48

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වසරේ සෙනසුරු-ගුරු-රාහු-කේතු මාරුවීම් ඔබට රටට ලෝකයට බලපාන අයුරු

    පෙබරවාරි 7, 2025
    ජ්‍යෙතිෂ්‍ය ලිපි

    ග්‍රහයෝ ලබන සුබ අසුබ දෘෂ්ටි, ග්‍රහ කාරකත්ව, නෛසර්ගික කාරකත්ව යෝග කාරකත්ව, ග්‍රහපල අනුව ලෝකයේ රටවල්වලට ද ලංකාවට ද සුබාසුබ අඩුවැඩි වශයෙන් උදාවෙන බව ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව පැවසිය හැකිය. ඡ්‍යොතිෂය බොරු යැයි කියන, ග්‍රහයින්ට කුමක් කළ හැකි දැයි අසන අයට මෙය සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව උදා වනු ඇත. ග්‍රහයන්ගේ ආකර්ෂණය විකර්ෂණ බලයෙන් විශ්වයට, භූගර්භයට, වායුගෝලයට, අයන ගෝලයට මෙසේ සුබ අසුබ 2025 වර්ෂය පුරාම බල පැවැත්වෙන බව ඡ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත මතයයි. බුදු වදනට අනුව ලාභ අලාභ, අයස, යස, නින්දා ප්‍රශංසා මෙන්ම සැප දුක යන්නට සෑම මනුෂ්‍යයෙකුටම මුහුණදීමට සිදුවේ.

    ලෝකයේ බල තණ්හාව අරබයා රට රටවල යුද්ධ ගිනි ඇවිලෙද්දී ගින්නට අවි ආයුධ විෂ වායුන්ට අධිපති නැප්චූන්, යුරේනස්, ප්ලූටෝ යන විප්ලවවාදී ග්‍රහයින් තිදෙනාත් ග්‍රහ මණ්ඩලයේ සෙන්පති කුජ ග්‍රහයා ද මිථුන රාශියේ සිටින අතර ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ සෙනසුරු ග්‍රහයා මේ වසරේ මාර්තු මස 29 වන සෙනසුරාදා රාත්‍රී 9.41 ගුරු හිමි මීන රාශියට පිවිසීමත්, ගුරු ග්‍රහයා සිකුරු හිමි වෘෂභ රාශියෙන් 2025 මැයි 14 බුධ හිමි මිථුන රාශියට පිවිසීමත් සිදුවේ. මෙය විශ්වය උඩු කුරු යටිකුරු කරන ග්‍රහ බලයක් වන බව ඡ්‍යොතිෂ්‍ය විද්‍යාව පෙන්නුම් කරයි. එසේම 2025 මැයි 19 දින රාත්‍රී 7.33 රාහු කුම්භ රාශියටද කේතු සිංහ රාශියටද පැමිණේ. මේ ග්‍රහ බල මාරුව රටට ජනතාවට බලපාන අයුරු නිසැකව විග්‍රහ කිරීමට ඡ්‍යොතිෂවේදීන්ගේ යුතුකමය. මේ බල සංක්‍රාන්තිය සමඟ ලංකාවේ ගමන් මග වර්තමානයේ නව මුහුණුවරකින් සංවර්ධනය කරා ගමන් කරන අතර මෙය ගුරුගේ මීන රාශියට සෙනසුරුගේ පැමිණීමත් ගුරු මිථුන රාශි ගතවීමත් කුජ මිථුන රාශියේ එම අවස්ථාවේ සිටීම, නැප්චූන් යුරේනස් ප්ලූටෝ සිටීමත් සහ ගුරු සිකුරු සමඟ සිටීමද එයට හේතු සාධක වේ. සෙනසුරු හිමි පුවපුටුප නැකත ද බක් පුර පෑලවිය පළමුවෙනි තිථිය උදාව ද එදිනට පවතී.

    මේ අවස්ථාව තුළ කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය ද ලංකා ජනරජ සිංහ ලග්නය ද ලෝකායතන මේෂ ලග්නයේ කේන්ද්‍රයට ද අනුව එම සෙනසුරු මාරුව වෙන අවස්ථාවේ පිහිටි ග්‍රහචාරය කේන්ද්‍ර තුනෙන්ම කෙබඳු විදිහට පිහිටා ඇත්දැයි අපි දැන් විමසා බලමු.

    ලංකා කුම්භ ලග්න කේන්දරයේ මීන රාශියේ බුධ, නැප්චූන් ර,රා,ශ, ද 4 වැන්නේ ගු, ශු, යුරේනස් ද 5 වැන්නේ කුජද, කේතු 8 වැන්නේය. ලංකා සිංහ ජනරජ කේන්දරයේ දෙවැන්නේ කේතු ය. 8 වැන්නේ ර, රා, බු, ශ, ච ග්‍රහයින් සිටියි. 10වැන්නේ ගුරු , සිකුරු යුරේනස් ද සිටී. ලෝකායතන මේෂ ලග්න කේන්දරයේ 2න් ගුරු සිකුරු සිටී. 6 වැන්නේ කේතු 12 වැන්නේ රවි, රාහු, බුධ, නැප්චූන් සිටී. මේ කේන්ද්‍ර 3 තුළින් ඡ්‍යොතිෂ්‍ය විද්‍යාවට අනුව පෙන්වන්නේ ග්‍රහයින්ගේ රජස් තේජස් ගුණයත් ෙනෛසර්ගික කාරකත්ව ගුණය යෝග කාරකත්ව ගුණයත් ඔවුන් ලබන ශුභාශුභ දෘෂ්ටි අනුවත් කුමන විදිහකට රටට ජනතාවට ලග්න දොළහට පලාපල කෙසේ බලපායි ද යන්නය.

    දැනට පවතින ආර්ථිකයේ ඉහළ අගය අඩුවෙන අයුරු අපි විශේෂ විමර්ශනයට ඡ්‍යොතිෂය විද්‍යාවෙන් සොයා බැලීම කර බලමු.

    මේ ග්‍රහපල සංයෝග බලතලත් ග්‍රහයන් ලබන දෘෂ්ටි කෝණ අනුව සෙනසුරු ද නැප්චූන් ද යුරේනස් ද ලෙයට අධිපති කුජ ග්‍රහයා ද ගුරුද සිකුරු ද ප්ලූටෝ ද රාහු කේතු ද ගමන් ගන්නා රාශි නවාංශක අනුව රටේ පාලකයින් දූරදර්ශී නුවණකින් යුතුව කටයුතු කිරීමෙන් ලෝකයේ ගෞරවය දිනා ගැනීමට හැකිවනු ඇත. උත්සාහය හා ධෛර්යමත් බව මත රටේ කෘෂිකාර්මික කර්මාන්ත බව භෝග අතින් රට දියුණු කිරීමට හැකියාවක් මේ ග්‍රහ බල ශක්තිය අනුව යෙදේ. දුක් විඳින ජනතාවගේ අභිප්‍රායන් සාර්ථක කිරීමට හේතුවේ. ඉහතින් සඳහන් කරන ලද ග්‍රහයින්ගේ එනම් සෙනසුරු ගුරු හිමි මීන රාශියට පැමිණීමෙන් ගුරුගේ හොඳ ගති ගුණද සිකුරු බුධ කුජ යන ග්‍රහයන්ගේද නැප්චූන් යුරේනස් ප්ලුටෝ වැනි විප්ලවවාදී ග්‍රහයන්ගේ සංයෝග බැලීමෙන් ලොව කැළඹිලි සහ කලියුගයේ විවිධ විපර්යාස රැසක් උදා කරන අතර ගුවන් යානා අනතුරු, මුහුදු, යාත්‍රා දුම්රිය අනතුරු, ජලගැලීම් ගංවතුර වුවදුරු, සෘතු නියාම, බීජ නියාම අනුව ස්වභාවධර්මයේ වෙනස්කම් ඇතිවී නියග, වසංගත රෝග, උෂ්ණාධික රෝග ඇතිවන නමුත් සෙනසුරුගේ ගති ලක්ෂණ නිසා දුක් විඳින ජනතාව වෙනුවෙන් විශාල වැඩකටයුතු රැසක් කිරීමට සිදුවේ.

    සෙනසුරු මාරුව, ගුරු මාරුව, රාහු, කේතු මාරුව තුළින් ලග්න දොළහට යෙදෙන සුබා සුබ පල මෙසේ විමසා බලමු.

    මේෂ ලග්නය

    මේ අයගේ කේන්දරයේ සෙනසුරු දොළොස් වැන්නට ද ගුරු තුන්වැන්නට ද රාහු කේතු මාරුව කුම්භ සිංහ රාශිවලට පැමිණීමත් සමඟින් සෙනසුරුගේ ගමන ලග්න ඒරාෂ්ටකයක ආරම්භයක් සමඟ ආර්ථික වාසි ගෙන දුන්න ද කරදරවලට ද මුහුණදීමට සිදුවේ. රාහු එකොළොස්වැන්නට කේතු පස්වැන්නට ද ඒම ප්‍රේම සම්බන්ධතාවලට අවහිර ඇති කළ හැකිය. සමේ රෝග කුෂ්ඨ රෝග මතු විය හැකි බැවින් පරෙස්සම් වන්න.

    වෘෂභ ලග්නය

    වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරයේ යෝග කාරක ශනි ග්‍රහයා 11 වැන්නට ඒම හදිසි ධන ලාබ ඉඩකඩම් ලාභ පොළොවෙන් ලැබෙන සම්පත් ධනබල සහිතව බලවත් වූ ලාභ සෙනසුරුගෙන් ලැබේ. ගුරු දෙවැන්නට ඒම හදිසි ධන ලාබ යෙදේ. රාහු හතර වැන්නට කේතු දහ වැන්නට ඒම පදිංචි ස්ථාන වෙනස් වීම රැකියාවේ බාධක මෙන්ම අලුත් රැකියා ලැබීම් ඇති කරයි. සෙම් පිත් සහිත ලෙඩ සාදයි. උෂ්ණ රෝගවලින් පරෙස්සම් විය යුතුය.

    මිථුන ලග්නය

    මිථුන ලග්න හිමියන්ගේ කේන්දරයේ ගුරු ලග්න ගතවීමද සෙනසුරු දහ වැන්නට ඒමද රාහු කේතු තුන්වැන්නට ඒම මිථුන ලග්න හිමියන්ට ගුරු ලග්න ගත වීම අවුරුදු ගාණක් ගෙවූ ඒරාෂ්ටකයන්ගේ නැති වූ ධනය ලැබීමද තරහ වූ සතුරන් මිතුරු වීම්ද පවුල් ජීවිතයේ ආරවුල් නැති වී නිරවුල් වීම් ද ඇති වීමට හේතුයි.

    කටක ලග්නය

    කටක ලග්න හිමියන්ගේ අවුරුදු දෙකහමාරක ඒරාෂ්ටකය ඉවර කරමින් ජීවිතයේ නව වර්ෂයක් තුළින් සුවිශේෂී සුබ ගුණ රැසකට මුහුණ දීමේ වාසනාව උදාවේ. ව්‍යාපාරයක් පටන් ගැනීම කලා ශාස්ත්‍රීය අංශවලින් දියුණුව ලැබීම ගේ දොර ඉඩකඩම් ලාභ, පොළොවෙන් ලැබෙන සම්පත් ලැබීම අලුත් ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩ ඇත.

    සිංහ ලග්නය

    සිංහ ලග්නය හිමි අයට අට වැන්නට සෙනසුරු පැමිණීමත් රාහු කේතු කේන්දර ස්ථානගතවීමෙන් කරදර බාධක රැසකට මුහුණදීමට සිදුවන්නේ සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකයේ පටන් ගැනීම නිසාය. එහෙත් ගුරු එකොළොස්වැන්නට පැමිණීම කරදර අඩුවීමට හේතු වේ. රවි සිකුරුගේ මහ දශා අන්තර්දශාව විදශා සුබවාදීව නම් ඒරාෂ්ටක අපල මඟහැරීම ඒරාෂ්ටක අපල සැප උදාකරන වාසනාව ගෙන දීමට පෙරළේ. එහෙත් පවුල් ආරවුල් ආර්ථික පාඩු ඇති විය හැකිය.

    කන්‍යා ලග්නය

    කන්‍යා ලග්නයෙන් සෙනසුරු හත්වැන්නට ඒමද ගුරු දස වැන්නට ඒම රැකියාවල විශේෂ වෙනස්වීම් ඇති කර රැකියාවල උසස් වීම් ද ලබා දෙයි. ගේ දොර ඉඩකඩම් ලාභද හදිසි ලොතරැයි දිනුම් ඇදීම් වැනි ධන වාසනා ගෙන දීමට හේතු වේ. යානවාහන ලැබීම්ද උදාකරයි.

    තුලා ලග්නය

    තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ශනි හය වැන්නට පැමිණීම ජීවිතයේ පරිවර්තනයක් ඇති කරන ග්‍රහ බලයකි. ගුරු පුණ්‍යස්ථානගත වීම පෙරපින මතුකර ආගමික භක්තිය ඇති කරයි. රාහු පස් වැන්නට ද කේතු හත් වැන්නට ද ඒමද සිදුවෙයි. දරුණු මාරක ග්‍රහ බල නැති නිසා උත්සාහයෙන් දියුණුව ඇතිවීමද වෙළ හෙළදාම් කලා කටයුතු කරන තුලා ලග්න හිමියන්ට අතිරේක ධන ලාභ ඇතිවීම ද ගෙන දෙයි.

    වෘශ්චික ලග්නය

    වෘශ්චික ලග්න හිමියන්ගේ සෙනසුරු පස්වැන්නට ගුරු අට වැන්නට ද රාහු හතර වැන්නට ද කේතු දස වැන්නට ද පැමිණේ. සෙනසුරු ඒරාෂ්ටක අපල නැති වුණත් උෂ්ණය අධික බැවින් ලෙඩ සෑදීම් ද රාහු හතරවැන්නේ සිටීමෙන් සිතට නිවාඩු නැති ගතියක් ඇතිවීම් ද යෙදේ. එහෙත් ඒරාෂ්ටක අපල මාරක නැති නිසා උත්සාහයේ හැටියට අතමිට සරු වීම් ස්ථාන මාරුවීම් එඩිතරව තම ශක්තිය යොදා කරන වැඩවල ධනය ඉපයීමට විශේෂ වාසනාව ගෙන දෙමින් දරුවන් ගේ ඉගෙනීම් කටයුතුවලද දියුණුව දේ.

    ධනු ලග්නය

    ධනු ලග්න හිමියන්ගේ කේන්දරයේ සෙනසුරු හතරවැන්නට ද ගුරු හත්වැන්නට ද, රාහු තුන්වැන්නටද කේතු නවවැන්නට ද පැමිණෙන අතර ගේ දොර ඉඩකඩම්වලට දෙමාපියන්ගේ දේපළවලට වාසනාව ද ගේ දොරවල දියුණුවද සිතට නිදහස නැති ගතිය ද ඇතිවේ. මැණික් රත්රන් වස්තු ලැබීම්ද වේ.

    මකර ලග්නය

    මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු තුන්වැන්නට ඒමද ගුරු හයවැන්නට ඒමද රාහු කුම්භ රාශි ගතවීම ද කේතු සිංහ රාශිගතවීමද දුක් විඳ හෝ උත්සාහයෙන් දියුණුව ගෙනෙන බලයක් ඇතිවේ. තවද සෙනසුරු තුන්වැන්නේ ස්ථාන බලය ලබමින් බලවත් වෙමින් ගුප්ත දේවල් ඉගෙනීමේ දක්ෂතාව ද ඇතිවේ. අපල නිසා විවාහය ප්‍රමාද වූ අයට විවාහ සැපද ගේ දොර ඉඩකඩම් ලාභ දේ. මාරක අපල නැත.

    කුම්භ ලග්න

    කුම්භ ලග්න හිමියන්ට සෙනසුරු ඒරාෂ්ටකයේ දැඩි පළ විපාක භුක්ති විඳීමේ අවස්ථාව උදා වුව ද හොඳ දියුණු වාතාවරණයක් ද සෙනසුරු ඒරාෂ්ටකයේ අවසාන භාගයේ ඇති වේ. දරුවන් ගේ උසස් දියුණුවද ප්‍රභූන් උසස් උගත් අයගේ උපකාර දරුවන් ගේ දියුණුවටද ලග්නයට රාහු පැමිණීමත් කේතු හත් වැන්නට ඒමත් පදිංචි ස්ථාන වෙනස් වීම් විදේශගතවීම් ඇතිවේ. බලාපොරොත්තු නැති ආර්ථික පාඩුවලට මුහුණදීමද විවාහ ජීවිතයේ අවුල්, වෙනස්වීම්ද ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න.

    මීන ලග්නය

    මීන ලග්න හිමියන්ගේ සෙනසුරුගේ ඒරාෂ්ටකය අපල උදාවීම් උත්පත්ති ග්‍රහ බල අනුව උපතේ බලවත් වූ ශනි ශුභ ස්ථානයක සිටී නම් අශුභ පල අඩුවේ. ගුරු හතරවැන්නට ද රාහු දොළොස්වැන්නටද කේතු හය වැන්නට පැමිණෙයි. මේ ඒරාෂ්ටක ග්‍රහමාරුව තුළින් මීන ලග්න හිමියන්ට ලෙඩ දුක් කරදර ආර්ථික පාඩු සිදු වුවත් ගුරු මිථුන රාශියේ කේන්දර ස්ථානගත 4 වැන්නේ සිටීම මීන ලග්න හිමියන්ගේ දරුණු අපල අඩු කිරීමට ඉවහල් වේ.

    ඡ්‍යොතිෂවේදී එන්.ජී. පියසෝම

    Copied. Subasetha News Paper.

    @Lovtus මෙන්න මූ කියනවා ගුරු 10ට යනවා කියල
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    @Lovtus මචන් මම මේක තරහවකින් කියනවා නෙමේ
    උබ කියන ඔක්කොම වැරදි 😂😂
    උබට ලොකු හැකියාවක් නෑ මේ ෆීල්ඩ් එකේනම්
    සොරි මෙහෙම කියනවට
    උබ කිව්ව කිසි දෙයක් හරි ගිහින් නෑනේ අද වෙනකන්
    නිකන් පත හෑලි දානවා විතරයි 🫠
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    @Lovtus මචන් මම මේක තරහවකින් කියනවා නෙමේ
    උබ කියන ඔක්කොම වැරදි 😂😂
    උබට ලොකු හැකියාවක් නෑ මේ ෆීල්ඩ් එකේනම්
    සොරි මෙහෙම කියනවට
    උබ කිව්ව කිසි දෙයක් හරි ගිහින් නෑනේ අද වෙනකන්
    නිකන් පත හෑලි දානවා විතරයි 🫠

    මූ අනුර දිනනවා කිව්වා නේ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    මහින්ද මාත්තයගෙ ලග්නය. වසනාවන්ත ලග්නයක්
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    හෙට දවසේ (14/05/2025) සිදුවීමට නියමිත ගුරු ගේ රාශි මාරුව හේතුවෙන් වඩාත්ම බලපෑමට ලක්වෙන කන්‍යා ලග්න හිමියන් බව කිවහැකිය. එතැන් සිට ඉදිරි අවුරුද්දක පමණ කාලයක් කන්‍යා ලග්න හිමියන්ගේ දුෂ්ට ස්ථානයේ හෙවත් අට වැන්නේ ගුරුගේ හැසිරීම වේ. මීට අමතරව තව නොබෝ දිනකින් රාහු ග්‍රහයා ද සතුරු ස්ථානය හෙවත් හය වැන්නට පැමිනීමට නියමිත බැවින් තත්වය තව දුරටත් ව්‍යාකුල බවට පත්වනු ඇත.
    මෙම කාලය තුල කන්‍යා ලග්න හිමියන් තමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වෙනදාට වඩා සැලකිල්ලෙන් පසුවීම යහපත්වේ. අනපේක්‍ෂිත අයුරින් සිදුවිය හැකි අනතුරු පපුව ආශ්‍රිත ලෙඩ රෝග ආදියෙන් පීඩාවට පත්වීමට සිදුවිය හැකිය. නිවසේ වාසය එපාවේ. කලකිරුණු ස්වභාවයෙන් උපන් භූමියෙන් පිටව යාමට වුවද සිදුවිය හැකිය. මවු පාර්ශවයේ නෑදෑයන් හා විරසක ඇතිකරගනී. දරුවන් නිසා අධික සිත් තැවුලට පත්වීමට සිවනු ඇත. මවට අපලයි.
    විශේෂයෙන් හදිසි ධන හානිය නිසා දැඩි පීඩනයට පත්වීමට බොහෝ ඉඩ තිබේ. ණය බර අධික වේ. ආර්ථික තත්වයේ දැඩි පසුබෑමක් ඇතිවිය හැකිවේ.
    1747657262924.png

    එතකොට මුන් ඔක්කොම බොරුද බන් කියන්නේ ?😅