🪐කන්‍යා ලග්නකාරයෝ මෙහෙ වරෙල්ලා!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,244
    21,812
    113
    හෙට දවසේ (14/05/2025) සිදුවීමට නියමිත ගුරු ගේ රාශි මාරුව හේතුවෙන් වඩාත්ම බලපෑමට ලක්වෙන කන්‍යා ලග්න හිමියන් බව කිවහැකිය. එතැන් සිට ඉදිරි අවුරුද්දක පමණ කාලයක් කන්‍යා ලග්න හිමියන්ගේ දුෂ්ට ස්ථානයේ හෙවත් අට වැන්නේ ගුරුගේ හැසිරීම වේ. මීට අමතරව තව නොබෝ දිනකින් රාහු ග්‍රහයා ද සතුරු ස්ථානය හෙවත් හය වැන්නට පැමිනීමට නියමිත බැවින් තත්වය තව දුරටත් ව්‍යාකුල බවට පත්වනු ඇත.
    මෙම කාලය තුල කන්‍යා ලග්න හිමියන් තමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වෙනදාට වඩා සැලකිල්ලෙන් පසුවීම යහපත්වේ. අනපේක්‍ෂිත අයුරින් සිදුවිය හැකි අනතුරු පපුව ආශ්‍රිත ලෙඩ රෝග ආදියෙන් පීඩාවට පත්වීමට සිදුවිය හැකිය. නිවසේ වාසය එපාවේ. කලකිරුණු ස්වභාවයෙන් උපන් භූමියෙන් පිටව යාමට වුවද සිදුවිය හැකිය. මවු පාර්ශවයේ නෑදෑයන් හා විරසක ඇතිකරගනී. දරුවන් නිසා අධික සිත් තැවුලට පත්වීමට සිවනු ඇත. මවට අපලයි.
    විශේෂයෙන් හදිසි ධන හානිය නිසා දැඩි පීඩනයට පත්වීමට බොහෝ ඉඩ තිබේ. ණය බර අධික වේ. ආර්ථික තත්වයේ දැඩි පසුබෑමක් ඇතිවිය හැකිවේ.