ඔබ කරපු දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ.

blow j

Member
Jan 29, 2012
1,966
396
0
ඔබ කරපු දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ.

  1. ධර්ම සාකච්ඡාවක් අවසානයේදී, පිංවත් කාන්තාවක් ප‍්‍රශ්නයක් විමසුවා. ස්වාමින් වහන්ස මට ගොඩාක් ප‍්‍රශ්න තිබෙනවා. පවුල් ජිවිතයේදී, ස්වාමීපුරුෂයා සමඟ අඩදබර වෙනවා. දරුවන් අකීකරුයි. ස්වාමී පුරුෂයා මත් වතුර බොනවා. ඥාතීන්ගෙනුත් හොඳක් අහන්න නැහැ. ස්වාමීන් වහන්ස මට ජිවිතය එපා වෙලයි තිබෙන්නේ කියලා. භික්ෂුව ඒ වේලාවේ එම පිංවත් කාන්තාවට මතක් කළේ ඔබ කරපු දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබම කරගත්තා වූ දෙයට ඔබ ගැටෙන්න එපාය කියලා. සංසාරේ අපි කල්‍යාණමිත‍්‍ර ඇසුර නොලැබු නිසාම ගොඩාක් අකුසල් කරගෙන තිබෙනවා. එම අකුසල් අපිට විපාක දෙනකොට එම අකුසල් විපාකය, අපි නැවත නැවත අකුසල් වැඩෙන දිශාවටයි යොමු කරගන්නේ.
  2. අතීතයේ ඉසිදාසි කියලා තරුණියක් සිටියා. ඇය රූමත් සිටුගෙදරක රූමත් සිටුදියණියක් ඇයට තම දෙමාපියන්, සිටුකුල වලින් විවාහ දෙකක් කරලා දෙනවා. විවාහ දෙකම අසාර්ථකයි. මේ අසාර්ථකත්වයට හේතුව ඇය කල්‍යාණමිත‍්‍ර ඇසුර නිසාම හඳුනාගන්නවා. තමාට ලැබුණු සැමියාගේ වරදක් නොවේ, තමාම සංසාරයේ කලාවූ අකුසලයකුයි මේ විපාක දෙන්නේ කියලා. අසාර්ථක පවුල් ජිවිතය තුළින් ඇය සාර්ථක පැවිදි ජිවිතයට පත්වෙනවා. ඇය උතුම් අරහත් භාවයට පත්වීමට පෙරාතුව ඇයම පූර්වේනිවාසානුස්සති ඥාණයෙන් දකිනවා අතීත භවයන්හි දී තමාම සතුටින් කලා වූ කාමයේ වරදවා හැසිරීමේ අකුසල් විපාකයන්මයි තමන්ව දුකට පත්කළේ කියලා.
  3. පිංවත් ඔබ කඳුලක් හෙලන්නේ අතීතයේ ඔබම කාටහරි කඳුලක් දුන්න නිසාමයි. එම නිසා එම කඳුල ලඟ ඔබ නවතින්න. කඳුල ළඟ නවතින්න කියන්නේ, අකුසල් උදෙසා කඳුළුවලට හේතුවන තව අකුසල් කරගන්න එපා කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ කාන්තා විමුක්තිය කියන්නේ, දුකට එරෙහිව සටන් කිරිම නොවේ. පුරුෂාධිපත්‍යයට විරුද්ධව තනිකඩව සිටිමද නොවේ. මේ නූතන කාන්තා විමුක්තිය තුල සැඟවී ඇත්තේ ද්වේශයයි, වෛරයයි, තව තවත් අකුසල් වැඩෙන දිශාවටයි ඔබව අරගෙන යන්නේ. කාන්තා විමුක්තියේ නාමයෙන් පුරුෂාධිපත්‍යයට එරෙහිව අකුසලයේ කඳුළු පෙළගස්වන අසත්පුරුෂ ධර්මයන්ට, පිංවත් කාන්තා ඔබ රැුවටෙන්න එපා. පිංවත් ඔබේ පවුල් ජිවිතයේ දුකට හේතුව ඔබම අතීතයේ කරගත්තාවූ අකුසල් බව හඳුනාගෙන කුසලය තුලින්ම සැප සොයන මාර්ගයට අවතීර්ණ වෙන්න.
  4. සමාජය තුළ ඉතා වේගයෙන් පවුල් සබඳතා බිඳි දෙදරායනවා. දික්කසාදයන් වැඞ් වෙනවා, අසම්මත සම්බන්ධතා වැඩිවෙනවා. අනාගතයේ නවකතාකරුවන්ට තම සිහින නවකතා වලට ගොඩාක් වස්තු බීජයන් සැපයෙනවා. ලෝකය කියන්නේ ගණුදෙනුවක්, කෙනෙකුගේ දුක තව කෙනෙකුන් විකුණනවා. කෙනෙක්ගේ දුක විකුණා තව කෙනෙක් සිනා සෙනවා. නැවතීමකින් තොරව මේ ප‍්‍රශ්නයේ නිමාවක් දකින්න බැහැ. ඒ නිසා දුකට හඬන ඔබ නවතින්න සද්ධර්මය අභියස. ඔබේ සැමියාගෙන් ගුටි කමින් සැමියාට මෛත‍්‍රී කරන්න. සැමියාගේ බැනුම් අසමින් සැමියාට මෛත‍්‍රී කරන්න. ඥාතීන් ඔබව නොසලකා හරින කොට, ඔබ එම ඥාතීන්ට ගරු කරන්න ලෝකයාට පෙනෙන්නට නොවේ, නිහඩ ඔබේ හදවතින්.
  5. මුලින් සඳහන් කළ ඉසිදාසිය තම ස්වාමිපුරුෂයාගෙන් පීඩාවට පත්වෙන කොට ස්වාමි පුරුෂයන්ට වෛර කරන්න ගියේ නැහැ. ඇය දැනගත්තා අනුන්ට වෛර කිරිම තමන්ට වෛර කිරිමක් බව. පිංවත් ඔබත් සද්ධර්මයේම සෙවණට එන්න, අසද්ධර්මයේ ගුටිබැට වලට එරෙහිව, අකුසල් සංස්කාරයන්ගේ බියකරුභාවය සහ අතීත කාමයේ වරදවා හැසිරීමේ වැරදි වල විපාකයන් හොඳින් නුවණින් මෙනෙහි කොට සම්මත විවාහයෙන් පීඩාවට පත්වෙන කොට අසම්මත සම්බන්ධතාවයන්ට යොමු වෙන්න එපා. එය තවත් කඳුළු ගංගාවක ආරම්භයක්ම වේවි.
  6. යම් පිංවතෙක් තම පවුල් ජිවිතයේදී දුකට පත්වෙනවානම්, එය තමා පෙර ජිවිතයේ කරගත් කාමයේ වරදවා හැසිරීමේ අකුසල් විපාකයක් බවම දකින්න. වෙන ක‍්‍රමයකින් මේ ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ නැහැ. පිංවත් ඔබ රාත‍්‍රී නින්දට යනකොට දවස පුරාවටම ඔබට ස්වාමිපුරුෂයාගෙන්, දරුවන්ගෙන්, බිරියගෙන් ලැබුණු සිත්වේදනාවන් විදර්ශනා නුවණින් දකිමින් නින්දට යන්න. ස්වාමිපුරුෂයා කියන්නේ මෙවැනි දුකක් නම්, මේ භව ගමනේ තමා ලබනා අවසාන ස්වාමිපුරුෂයා මොහු බව දකිමින් නින්දට යන්න. බිරිඳ කියන්නේ මෙවැනි දුකක් නම්, තමා මේ භව ගමනේ ලබන අවසාන බිරිඳ ඇය බව දකිමින් නින්දට යන්න. දරුවා කියන්නේ දෙමාපියන්ට මෙවැනි දුකක් නම්, මේ භව ගමනේදී තමන් ලබනා අවසාන දරුවා බව දකිමින් නින්දට යන්න. දුකට හේතුවන රූපය කෙරෙහි අවබෝධයෙන් කලකිරිම ඇති කොටගන්න. සංසාරයන් පුරාවට පැමිණි ගමනේදී, ස්වාමිපුරුෂයින් බිරින්දෑවරුන් දරුවන් උදෙසා ඔබ හෙළු කඳුළු මහා සාගරයේ ජලය ප‍්‍රමාණයට කොට දකින්න. මේ ජිවිතයේදී තවත් කඳුළු බාල්දි කිහිපයක් එම කඳුළු සාගරයට එකතු කොට මිය යන අවාසනාවන්තයෙක් නොවන්න. විදර්ශනා නුවණින් සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකිමින් රාත‍්‍රී නින්දට යන්න. අවබෝධයෙන්ම දුක හඳුනාගෙන, දුකට හේතුවන අකුසලයන්ගෙන් මිදෙන දිශාවටම යොමුවන්න. ඔබ විසින්ම ඇතිකොට ගත් ප‍්‍රශ්නය, ඔබ විසින්ම විසඳාගත යුතු බව සිහිනුවණින් දකින්න.
  7. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන යහපත් රාත‍්‍රියක සැබෑම අර්ථය, ගිනිගත් ලෝකය තුලින් මතුකොට ගෙන, හෙට උදාවෙන දවස අකුසල් නොවැඩෙන සද්ධර්මයේ අර්ථයන් වැඩෙන දිනයක් බවය පත්කොට ගන්න, පිංවත් ඔබ දක්ෂ වෙන්න. පවුල් දිවියේ කොතෙක් ප‍්‍රශ්න තිබුණද පිංවත් ඔබ බිරිඳට ස්වාමි පුරුෂයාට, දරුවන්ට යුතුකම් හොඳින් ඉටුකරන චරිතයක් වෙන්න. යුතුකමක් කුසලයක් බවට පත් කොට ගන්න, ඔබ දක්ෂ වෙන්න. සංස්කාරයන් නිසාම ලැබුණු දෙය සංස්කාරයන්ගේ නිරෝධය උදෙසාම ප‍්‍රයෝජනයට ගන්න දක්ෂ වෙන්න. දුක සඟවාගෙන ලෝකය ඉදිරියේ සිනාසීමට උත්සහ නොකරන්න. දුකට හේතුව හඳුනාගෙන දුකෙන් මිදෙන්න. දුක සඟවාගෙන ඔබ ලෝකය ඉදිරියේ සිනාසීමට ගියහොත් ඒ ඔබ සිනාසෙන්නේ ඔබගේම දුකට බව, ඔබම තේරුම් ගත යුතුයි.
  8. මතු සම්බන්ධයි!
  9. ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
  10. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
     
    • Like
    Reactions: blow j

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඔබ කරපු දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ.

    ඕක ටිකක් ලොකුවට දාපන්කෝ

    ධර්ම සාකච්ඡාවක් අවසානයේදී, පිංවත් කාන්තාවක් ප‍්‍රශ්නයක් විමසුවා. ස්වාමින් වහන්ස මට ගොඩාක් ප‍්‍රශ්න තිබෙනවා. පවුල් ජිවිතයේදී, ස්වාමීපුරුෂයා සමඟ අඩදබර වෙනවා. දරුවන් අකීකරුයි. ස්වාමී පුරුෂයා මත් වතුර බොනවා. ඥාතීන්ගෙනුත් හොඳක් අහන්න නැහැ. ස්වාමීන් වහන්ස මට ජිවිතය එපා වෙලයි තිබෙන්නේ කියලා. භික්ෂුව ඒ වේලාවේ එම පිංවත් කාන්තාවට මතක් කළේ ඔබ කරපු දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබම කරගත්තා වූ දෙයට ඔබ ගැටෙන්න එපාය කියලා. සංසාරේ අපි කල්‍යාණමිත‍්‍ර ඇසුර නොලැබු නිසාම ගොඩාක් අකුසල් කරගෙන තිබෙනවා. එම අකුසල් අපිට විපාක දෙනකොට එම අකුසල් විපාකය, අපි නැවත නැවත අකුසල් වැඩෙන දිශාවටයි යොමු කරගන්නේ.
    අතීතයේ ඉසිදාසි කියලා තරුණියක් සිටියා. ඇය රූමත් සිටුගෙදරක රූමත් සිටුදියණියක් ඇයට තම දෙමාපියන්, සිටුකුල වලින් විවාහ දෙකක් කරලා දෙනවා. විවාහ දෙකම අසාර්ථකයි. මේ අසාර්ථකත්වයට හේතුව ඇය කල්‍යාණමිත‍්‍ර ඇසුර නිසාම හඳුනාගන්නවා. තමාට ලැබුණු සැමියාගේ වරදක් නොවේ, තමාම සංසාරයේ කලාවූ අකුසලයකුයි මේ විපාක දෙන්නේ කියලා. අසාර්ථක පවුල් ජිවිතය තුළින් ඇය සාර්ථක පැවිදි ජිවිතයට පත්වෙනවා. ඇය උතුම් අරහත් භාවයට පත්වීමට පෙරාතුව ඇයම පූර්වේනිවාසානුස්සති ඥාණයෙන් දකිනවා අතීත භවයන්හි දී තමාම සතුටින් කලා වූ කාමයේ වරදවා හැසිරීමේ අකුසල් විපාකයන්මයි තමන්ව දුකට පත්කළේ කියලා.
    පිංවත් ඔබ කඳුලක් හෙලන්නේ අතීතයේ ඔබම කාටහරි කඳුලක් දුන්න නිසාමයි. එම නිසා එම කඳුල ලඟ ඔබ නවතින්න. කඳුල ළඟ නවතින්න කියන්නේ, අකුසල් උදෙසා කඳුළුවලට හේතුවන තව අකුසල් කරගන්න එපා කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ කාන්තා විමුක්තිය කියන්නේ, දුකට එරෙහිව සටන් කිරිම නොවේ. පුරුෂාධිපත්‍යයට විරුද්ධව තනිකඩව සිටිමද නොවේ. මේ නූතන කාන්තා විමුක්තිය තුල සැඟවී ඇත්තේ ද්වේශයයි, වෛරයයි, තව තවත් අකුසල් වැඩෙන දිශාවටයි ඔබව අරගෙන යන්නේ. කාන්තා විමුක්තියේ නාමයෙන් පුරුෂාධිපත්‍යයට එරෙහිව අකුසලයේ කඳුළු පෙළගස්වන අසත්පුරුෂ ධර්මයන්ට, පිංවත් කාන්තා ඔබ රැුවටෙන්න එපා. පිංවත් ඔබේ පවුල් ජිවිතයේ දුකට හේතුව ඔබම අතීතයේ කරගත්තාවූ අකුසල් බව හඳුනාගෙන කුසලය තුලින්ම සැප සොයන මාර්ගයට අවතීර්ණ වෙන්න.
    සමාජය තුළ ඉතා වේගයෙන් පවුල් සබඳතා බිඳි දෙදරායනවා. දික්කසාදයන් වැඞ් වෙනවා, අසම්මත සම්බන්ධතා වැඩිවෙනවා. අනාගතයේ නවකතාකරුවන්ට තම සිහින නවකතා වලට ගොඩාක් වස්තු බීජයන් සැපයෙනවා. ලෝකය කියන්නේ ගණුදෙනුවක්, කෙනෙකුගේ දුක තව කෙනෙකුන් විකුණනවා. කෙනෙක්ගේ දුක විකුණා තව කෙනෙක් සිනා සෙනවා. නැවතීමකින් තොරව මේ ප‍්‍රශ්නයේ නිමාවක් දකින්න බැහැ. ඒ නිසා දුකට හඬන ඔබ නවතින්න සද්ධර්මය අභියස. ඔබේ සැමියාගෙන් ගුටි කමින් සැමියාට මෛත‍්‍රී කරන්න. සැමියාගේ බැනුම් අසමින් සැමියාට මෛත‍්‍රී කරන්න. ඥාතීන් ඔබව නොසලකා හරින කොට, ඔබ එම ඥාතීන්ට ගරු කරන්න ලෝකයාට පෙනෙන්නට නොවේ, නිහඩ ඔබේ හදවතින්.
    මුලින් සඳහන් කළ ඉසිදාසිය තම ස්වාමිපුරුෂයාගෙන් පීඩාවට පත්වෙන කොට ස්වාමි පුරුෂයන්ට වෛර කරන්න ගියේ නැහැ. ඇය දැනගත්තා අනුන්ට වෛර කිරිම තමන්ට වෛර කිරිමක් බව. පිංවත් ඔබත් සද්ධර්මයේම සෙවණට එන්න, අසද්ධර්මයේ ගුටිබැට වලට එරෙහිව, අකුසල් සංස්කාරයන්ගේ බියකරුභාවය සහ අතීත කාමයේ වරදවා හැසිරීමේ වැරදි වල විපාකයන් හොඳින් නුවණින් මෙනෙහි කොට සම්මත විවාහයෙන් පීඩාවට පත්වෙන කොට අසම්මත සම්බන්ධතාවයන්ට යොමු වෙන්න එපා. එය තවත් කඳුළු ගංගාවක ආරම්භයක්ම වේවි.
    යම් පිංවතෙක් තම පවුල් ජිවිතයේදී දුකට පත්වෙනවානම්, එය තමා පෙර ජිවිතයේ කරගත් කාමයේ වරදවා හැසිරීමේ අකුසල් විපාකයක් බවම දකින්න. වෙන ක‍්‍රමයකින් මේ ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ නැහැ. පිංවත් ඔබ රාත‍්‍රී නින්දට යනකොට දවස පුරාවටම ඔබට ස්වාමිපුරුෂයාගෙන්, දරුවන්ගෙන්, බිරියගෙන් ලැබුණු සිත්වේදනාවන් විදර්ශනා නුවණින් දකිමින් නින්දට යන්න. ස්වාමිපුරුෂයා කියන්නේ මෙවැනි දුකක් නම්, මේ භව ගමනේ තමා ලබනා අවසාන ස්වාමිපුරුෂයා මොහු බව දකිමින් නින්දට යන්න. බිරිඳ කියන්නේ මෙවැනි දුකක් නම්, තමා මේ භව ගමනේ ලබන අවසාන බිරිඳ ඇය බව දකිමින් නින්දට යන්න. දරුවා කියන්නේ දෙමාපියන්ට මෙවැනි දුකක් නම්, මේ භව ගමනේදී තමන් ලබනා අවසාන දරුවා බව දකිමින් නින්දට යන්න. දුකට හේතුවන රූපය කෙරෙහි අවබෝධයෙන් කලකිරිම ඇති කොටගන්න. සංසාරයන් පුරාවට පැමිණි ගමනේදී, ස්වාමිපුරුෂයින් බිරින්දෑවරුන් දරුවන් උදෙසා ඔබ හෙළු කඳුළු මහා සාගරයේ ජලය ප‍්‍රමාණයට කොට දකින්න. මේ ජිවිතයේදී තවත් කඳුළු බාල්දි කිහිපයක් එම කඳුළු සාගරයට එකතු කොට මිය යන අවාසනාවන්තයෙක් නොවන්න. විදර්ශනා නුවණින් සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකිමින් රාත‍්‍රී නින්දට යන්න. අවබෝධයෙන්ම දුක හඳුනාගෙන, දුකට හේතුවන අකුසලයන්ගෙන් මිදෙන දිශාවටම යොමුවන්න. ඔබ විසින්ම ඇතිකොට ගත් ප‍්‍රශ්නය, ඔබ විසින්ම විසඳාගත යුතු බව සිහිනුවණින් දකින්න.
    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන යහපත් රාත‍්‍රියක සැබෑම අර්ථය, ගිනිගත් ලෝකය තුලින් මතුකොට ගෙන, හෙට උදාවෙන දවස අකුසල් නොවැඩෙන සද්ධර්මයේ අර්ථයන් වැඩෙන දිනයක් බවය පත්කොට ගන්න, පිංවත් ඔබ දක්ෂ වෙන්න. පවුල් දිවියේ කොතෙක් ප‍්‍රශ්න තිබුණද පිංවත් ඔබ බිරිඳට ස්වාමි පුරුෂයාට, දරුවන්ට යුතුකම් හොඳින් ඉටුකරන චරිතයක් වෙන්න. යුතුකමක් කුසලයක් බවට පත් කොට ගන්න, ඔබ දක්ෂ වෙන්න. සංස්කාරයන් නිසාම ලැබුණු දෙය සංස්කාරයන්ගේ නිරෝධය උදෙසාම ප‍්‍රයෝජනයට ගන්න දක්ෂ වෙන්න. දුක සඟවාගෙන ලෝකය ඉදිරියේ සිනාසීමට උත්සහ නොකරන්න. දුකට හේතුව හඳුනාගෙන දුකෙන් මිදෙන්න. දුක සඟවාගෙන ඔබ ලෝකය ඉදිරියේ සිනාසීමට ගියහොත් ඒ ඔබ සිනාසෙන්නේ ඔබගේම දුකට බව, ඔබම තේරුම් ගත යුතුයි.
    මතු සම්බන්ධයි!
    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
     
    • Like
    Reactions: blow j

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    11.gif
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    mama phone eken machan danne.ekai pic ekak dannath site walata upload kara kara danna one.sizes adjust karanna amarui.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    ක්‍ෂණසම්පත්තිය කියන්නෙ මොකද්ද කියල ටිකක විස්තර කරන්න පුලුවන්ද ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    ක්‍ෂණසම්පත්තිය කියන එක වැරදි වචනයක්. නිවැරදි වචනෙ ඛන සම්පත්තිය කියන එක. ඛන කියන්නෙ කැපියහැකි බව, කපා ඉවත් කල හැකි බව කියන අර්තයට. කපා ඉවත් කල යුත්තෙ රාග ද්වේශ මෝහ කියන අකුසල්.අක්ඛන කියන්නෙ ඛන කියන එකට විරුද්ද වචනෙ.රාග ද්වේශ මෝහ කපා දැමීමට අසමත් බව තමයි අක්ඛන කියල කියන්නෙ(උදා - අක්ඛනෝ අසමයෝ සූත්‍රය ).ඛන කියන වචනෙ තමයි ක්‍ෂණ කියල අද පරිවර්තනය කරල තියෙන්නෙ. නමුත් ඒ වචනෙන් බුදුන් වහන්සේ දේශනා කල "ඛන" යන්නෙහි නිවැරදි අර්තය ප්‍රකාශ වෙන්නෙ නෑ.මේ වගේ වැරදි පරිවර්තන විශාල ප්‍රමානයක් සිංහල ත්‍රිපිටක පරිවර්තනයේ තියෙන නිසා අද බෞද්ධයා මංමුලා වෙලා නිවන් මග සොයාගත නොහැකි තත්වයට පත්වෙලා තියෙන බව කණගාටුවෙන් උනත් කියන්න වෙනව.
     
    ow machan.mama ada danagathte.godak pin.
     
    කොහොමද හරි එක තෝරාගන්නේ ?:rolleyes::rolleyes: