ඔබ කවුරුත් බාවිතා කරන sim එකේ ඇතුලාන්තය.

Madhawa1996

Active member
  • Feb 23, 2013
    145
    47
    28
    Anuradhapura
    ඔබ කවුරුත් බාවිතා කරන sim එකේ ඇතුලාන්තය.

    sim-card-icon.gif


    ඇත්තටම අපි නිතර SIM කියන වචනය බාවිතා කරනවා.නමුත් SIM එක ගැන හරි හැටි අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද, SIM යනු Subscriber Identity Module වේ.

    මෙය කුඩා පරිගනකයක් බදුය.දැනට අප බාවිතා කරන SIM එකක් තුල16KB සිට 64KB දක්වා මතකයක් තියෙනවා.එම මතකය තුල දුරකතන අන්ක දෙසීයකට ආසන්න අගයක් හා කෙටි පනිවිඩ වැනි තොරතුරු විශාල ප්‍රමානයක් මතකයේ තබා ගැනීමට හැකියාව තියෙනවා.
    ghf.jpg



    එමෙන්ම සිම් පතක් තුල දුරකතන සම්බන්දතා හා අපගේ තොරතුරුද ඇතුලත් කොට තිබෙනවා. අප භාවිත කරන දුරකථන පැකේජයේ තොරතුරු පවා ඇතුලත් වන්නේ SIM Card එකක් තුලය. මෙහි දුරකථන ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත් වේ.

    ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා. SIM Card ක්‍රියාත්මක කර තිබෙන විටදී SIM එක තිබෙන ස්ථානය සොයා ගැනීමට හැක. එසේ හැකි වන්නේ LIA යන තාක්ශනය නිසාය. LIA – (Location Area Identify) නිසා එම තොරතුරු ඉතා පහුසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිසා සාමාන්ය සම්බන්ධතාවයක් ආධාරයෙන් සම්පූර්ණ සංඛ්‍යාත පරාසය තුල සොයා බැලිය යුතු නැහැ. ක්‍ෂණිකව දැන ගැනීමට පුළුවන. ඒ වගේම අපගේ දුරකථන (On) කරන වාරයක් පාසා. LIA දැනගැනීමේ සෙවුමක් ක්‍රියාත්මක වේ.



    ty.jpg



    SIM Card පතක තිබෙන තවත් වැදගත් කොටසක් වන්නේ IMSI ( International Mobile Subscriber Identity) හෙවත් ඉමිසි අංකයයි. මෙම IMIS එක සෑම GSM (Global System for Mobile communication) වර්ගය සහ Universal Mobile Telecommunications System වර්ගයේ දුරකථන ජාල වලින් සේවා ලබා ගන්නා වූ දුරකථන සිම් කාඩ් වල මෙම ඉමිසි අංකය දැක ගත හැකිය. මෙම අංකය සිම් එකෙන් සිම් එකට වෙනස් වන අංකයකි. ඒ වගේම මෙය අංක 15කින් යුක්තය. මෙම සියළුම තොරතුරු ඇතුලත් වන්නේ අපගේ සිම් කාඩ් එකෙහි තිබෙන කුඩා Micro Chip එකෙහිය.
    මෙම Micro chip එක සහිත ප්‍රොසෙසරය ජංගම දුරකථනය හා සම්බන්ධවීම සිදු වන්නේ ලෝහමය ස්පර්ශක මගිනි.
    ( සිම් කාඩ් එකෙහි ඔබ දැක ඇති තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරවූ ලොහයමය කොටස්).

    gfh.jpg



    හොදින් බලන්න මෙය යම්කිසි රටාවකට අනුව නිර්මාණය කරන ස්පර්ශකයකි. අප භාවිත කරන්න SIM පත ජංගම දුරකථන සදහා පමණක් බාවිත වන දෙයක් නොවේ. මෙය අද වන විට පෞද්ගලික තොරතුරු රැස් කොට තබාගැනීමටත් යොදැගැයේ. 2005 වසරේ ජූල් වසරේ පටන් ෆින්ලන්ත ආන්ඩුව විසින් ඉලෙක්ට්‍රොනික පුරවැසි හැදුනුම්පතක් (Electronic Identity Card) එකක් හදුන්වා දෙන ලදි. මෙහි සාමාන්‍ය සිම් එකකට සමානය. මෙය කියවීය හැක්කේ PDA - Personal Digital Assistant උපාංගයට සහ පරිගණකයට පමණි. අපේ රටේ එවන් තාක්ශනයක් දැනට නැති උනත් අනාගතයේදී බිහිවේවි.

    images

    වැඩිදෙනාගේ දැනගැනීම පිණිස උපුටා ගන්නා ලද්දකි.