ඔබ ගිහින්

Kavisha1993

Member
Sep 22, 2012
382
89
0
SL
රැයක් පිබිදී නැගී එන කල...
සදේ රැස් හා මුසු වෙලා.....
තරු වටා ඔබ ඇවිදිනා කල...
මගේ හිත මන්මත් කලා......
දැනේ අගනා ප්‍රේමයේ සුව..
අයාලේ ගිය සිත පුරා......
කොහේ කොතනක ගියාදෝ ඔබ..
සිතම මගෙ වල්මත් වෙලා.........

කනට කොදුරා කියූ කවි පද..
විරහවේ දොරකඩ තියා.....
නෙතට එබෙමින් මැවූ සිනහව..
කාලයේ ඈතට ගියා......
යලිත් එන් නැති ඔබේ පහසින්...
ජීවිතේ නැවතුම සොයා......
කෙසේ යන්නද මගේ රන් කද..
ඔබේ මතකය හැර පියා.......

සරා සද විත් අදුරු අහසම
එකලු කරනා වෙලාවේ.......
පැතුම් සුන් වූ මනස අබලන්...
සරණ ඔබගෙන් නොආවේ.....
ගෙවෙන හෝරා කීපයක සිට..
දුකේ කිමිදී ගියාවේ......
මලානික මගෙ ජීවිතය ඒ...
රැයේ අවසන් වුනාවේ.....

 

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    යලිත් එන් නැති ඔබේ පහසින්...
    ජීවිතේ නැවතුම සොයා......
    කෙසේ යන්නද මගේ රන් කද..
    ඔබේ මතකය හැර පියා.......

    සුපිරි ආ +9 :)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    11.gif