මේ මට ලැබුන E-Maill එකක තිබුන දත්ත ටිකක්. ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියලා හිතුන නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. බලලා ඔයාලගේ අදහස් ප්‍රකාෂකරන්න.
01). ඔබට ඔබේ වැලිමිට ලෙවකෑහැකිද? එසේ කළ නොහැකියි. උත්සාහ කර බලන්න.
02). කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ, සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්‍රීයවන නිසාවෙනි.
03). වැර යොදමින්, දැඩි වේගයකින් කිවිසුම් පිට නොකරන්න. ඉන් ඔබේ ඉළ ඇට පෙදෙස පවා බිඳී යා හැක.
04). පිටවන කිවිසුමක් ආයාසයෙන් මැඩපවත්වා ගන්නට කිසිවිටක උත්සාහ නොකරන්න. එම උත්සාහය ඔබේ හිස හෝ බෙල්ල ආශ්‍රිතව පිහිටා ඇති රුධිර වාහිනී පුපුරවමින් ඔබට මරණය ළඟාකරවන්නකි.
05). කිවිසුමක් පිටකරන අවස්ථාවක ආයාසයෙන් කිසිවිටක දෑස් විවර කර නොසිටින්න. නොඑසේනම්, ඔබේ දෑස් ඇසිල්ලෙන් පිටතට පනිනු නිසැකය.
06). හිස ඔසවා අහස දෙස බැලීමේ නොහැකියාව ඌරන්ට ශාරිරීකවම පවතින්නකි.
07). ලෝක ජනගහනයෙන් කිසිවිටක දුරකථන ඇමතුමක් ලබානොගත් හෝ ලැබී නැති සංඛ්‍යාව 50%කට අධිකය.
08). මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී.
09). මීයන් යනු අධිවේගයෙන් බෝවන්නාවු සත්ව කොට්ඨාශයකි. හෙතෙම මාස 18ක් වැනි කෙටි කාලයක් ඇතුළත දශ ලක්ෂයක පරපුරක් බිහිකරන්නට මීයන් දෙදෙනෙකුට හැකි බව ඔබ දන්නේද?
10). ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ.
11). තාරාවන් පිටකරන “ක්වැක් ක්වැක්” ශබ්දය කිසිසේත්ම දෝංකාර නොදෙන්නකි. ඒ මන්දැයි කිසිවෙකු දන්නේද නැත.
12). ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන පෙලපත් නාමය- මොහොමඩ් ය.
13). බෝයිං 747 දරණ ගුවන්යානයට ඉන්ධන ගැලුම් 57,285ක් රඳවාගැනීමේ හැකියාව පවතී.
14). වයලිනයක් නිමකිරීමට දැවමය කොටස් 70ක් පමණ අවශ්‍ය වේ.
15). ලෝකයේ පුවත්පත් වලින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්රකාශනයට පත් කෙරෙන්නේ එක්සත් ජනපදය හා කැනඩාව තුලයි.
16). සූර්යයා, පෘථිවිය මෙන් 330,330ක ප්‍රමාණයක් විශාලත්වයෙන් වැඩිය.
17). ඉත්තෑවන්ට දිය මත පාවීමේ හැකියාව ඇත.
18). මරණීය දණ්ඩනය සඳහා යොදාගැනෙන විදුලි පුටුව හඳුන්වාදෙනු ලැබූවේ දන්ත වෛද්‍යවරයෙක් විසිනි.
19). ඉතා හොඳින් තම මුඛය විවර කරන හිපපොටේමස් සතෙකුට අඩි 4ක් පමණ උස දරුවෙකු එකවර ගිලදැමිය හැකිය.
20). තායිවානයේ එක්තරා සමාගමක් වී යොදාගනිමින් අපූරු පිඟන් වර්ගයක් නිර්මාණය කරයි. ආහාර ගෙන නිමාවූ විගස පිඟානද කා නිමකළ හැකිය.
21). පිහිනීමට සමත්, එහෙත් පියාසර කිරීමට නොහැකි එකම කුරුල්ලා යනුවෙන් පෙන්ගුවින් හැඳින්වෙයි.
22). ඇඟිලි සළකුණු මෙන්ම එකිනෙකා වෙන්වෙන්ව හඳුනාගත හැකි, තමන්ටම පමණක් ආවේනික තවත් යම් හඳුනාගැනීමේ මගක් වේ නමි ඒ මුඛයේ දිව සළකුණයි. එයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන්නකි.
23). තමන් සතු, අඟල් 21ක් තරම් වූ අසමසම දිව උපයෝගි කරගිනිමින් තමන්ගේ කන් පිරිසිදු කරගන්නෝ, ජිරාෆ් සතුන්ය.
24). ගුහාවක් තුළ සිටි වවුලන් ඉන් පිටවී එළියට පියඹා එන්නේ නිතරම වම් පැත්තට බරවය.
25). නිල් තල්මසෙකුගේ දිව වැඩුනු අලියෙකුටත් වඩා බරින් වැඩිය.
26). 111,111,111 x 111,111,111 = 12,345,678,987,654,321
27). දිනපතා නින්දේදි ඔබ මිලි මීටර් 8කින් වැඩෙයි. එහෙත් පසුදින නැවත පෙර ඔබගේ සාමාන්‍ය ප්‍රමාණයට පත්වේ.
28). මෝරුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100ක් පමණ වේ.
29). ලොවට දුරකථනය හඳුන්වාදෙමින් ගෞරවයට පාත්‍ර වූ ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් කිසිම දිනක සිය ආදරණීය මවට හෝ ප්‍රිය බිරිඳට ඉන් අමතා නැත. අවාසනාවක මහත, ඔවුන් දෙදෙනාගේම කන් බීහිරිය.
30). 250කට අධික පිරිසක් මේ වනවිට පීසා හි ඇලවෙන කුළුණෙන් බිම ඇද වැටී ඇත.
31). පැය 24ක් ඇතුළත අඩි 3කින් වර්ධනය වන්නට සාමාන්‍ය උණ බම්බුවකට හැකියාව ඇත.
32). උපතේ පටන්ම අපගේ ඇස් වල ප්‍රමානය එකමය.එහෙත් නාසය හා කන් නොනවත්වා වැඩේ.
33). හාමතේ සිටීමෙන් මිනිසෙකුගේ මරණය ඉක්මනින් සිදුවිය හැකි බව අපි හොදින් දනිමු.එහෙත් නිදිවැරීමෙන් සිදුවන මරණය එයටත් වඩා ඉක්මන් බව ඔබ දන්නේද? නොකඩවා දින 10ක් නිදි වැරීමෙන් පුද්ගලයෙක්ගේ මරණය සිදුවිය හැක. එහෙත් එකි මරණය සිදුවන්නේ හාමතේම සිටීම නිසා නම්, ඊට සති කිහිපයක කාලයක් ගතවනු ඇත.
34). ජර්මානූ දත්ත වාර්තාවලට අනුව, සඳුදා දිනවල හෘදයාබාධයන්ට ලක්වන්නන්ගේ අගය අනෙක් දිනවලට වඩා සිය ගුණයකින් වැඩිය.



