ඔබ දන්නවාද

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ලංකාව සුරපුරයක් කියල හිතෙනවා මේ රටවල් 10 ගැන හිතුවම

    හපෝ මේ රටේ ඉඳලා නම් කිසිම වගාවක් වෙන්නේ නැහැ, යන්නෝනේ වෙන රටකට කියලා සමහර රට ගාය හැදිච්ච අපේ යාළුවො වෙලාවකට මුමුණ මුමුණ ඉන්නව දකින්න පුළුවන්. ඒ වගේම පිට රට ගිය සමහර අපේ අයියලා ලස්සන ලස්සන අක්කලා එක්ක එහෙම වෙලිලා ඇඹරිලා පොටෝ දානකොට, අනේ ඉතින් අපේ රටේ ඉන්න සමහර අයියලාට ඒවා දැකලා ඉන්න හිටින්න බැරුව රට යන්න වලි කනවා.

    අනේ ඒවුනාට ගියාට පස්සේ තමා, ඒ අයියලා අක්කලා එක්ක එහෙම එක දවසක් ඉඳලා පොටෝ දාන්න මාස හයක් විතර දාඩිය පෙරාගෙන පශ්චාත් භාගේ ඉරාගෙන වැඩකරනවා කියලා දන්නේ. කොහොමද එතකොට දැනෙන සනීපෙ පිංවත?? ප්‍රශ්නේ ඒක නෙවෙයි. ඇත්තටම ලංකාවට වඩා ඒ රටවල් හොඳද?

    ලෝකේ රටවල් 195ක් විතර නම් වශයෙන් වෙන් වෙන් කරලා තියෙනවා. ඒ අතරිනුත් රටවල් 193ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය අරගෙන තියෙනවා. හැමෝම හොඳ රටවල් ගැන කියන එකේ, අපි ඔබට මේ රටවල් ගැන කියන්න හිතුවේ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි මේ කියන රටවල් වල ජීවත් වීම අතිශය අසීරු වීම. සමහර රටවල් පාලනේ වෙන්නේ, මිලිටරි ජුන්ටාවන් හරහා, තවත් රටවල් අරාජිකයි, තවත් සමහර ඒවා වල උද්ධමනය ඉහල ගිහින් මුදල් අවප්‍රමාණ වෙලා. ඉතින් ඒ අතින් ලංකාව ඉන්නේ කොතනද කියලා ඔබට හිතාගන්නට පුලුවන්. රට පොඩි වුනාට ඉන්දියන් සාගරයේ මැණික් පෙට්ටිය කියන්නේ ඇයි කියලා මේ රටවල් ගැන කියෙව්වම ඔබට අදහසක් ඒවි.

    1. සෝමාලියාව



    සමහර වෙලාවට සෝමාලියා කියන්නේ රටක්ද කියලා හිතෙන තරමට නිතිය බල්ලට ගියපු දේශයක් කියල තමා බැලු බැල්මට හිතෙන්නේ. සෝමාලියාව පාලනය වෙන්නේ කොල්ලකරුවන් සහ යුධ අධිපතීන් අතින් තමයි. ආර්ථිකයක් පේන්නවත් නැති, කළුකඩ සහ මත්ද්‍රව්‍ය වෙළඳාම පාදක වුනු වෙළඳාමක් සහිතව උද්ධමනයේ තෙරක් නොපෙනෙන ආර්ථිකයක් තමයි හිමි වෙලා තියෙන්නේ.

    එය නිසාම තමයි සෝමාලියාවේ රජයක් පිහිටුවන්නට නොහැකි වෙලා තියෙන්නෙත්. කිහිප පාරක් ඇමෙරිකාව (අර ඊශ්‍රායලේටයි, ලිබියාවටයි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරපු රට තමා) සහ තවත් අසල්වැසි රටවල් සෝමාලියාව තුල රජයක් ස්ථාපිත කරන්නට උත්සහ කලත් එය සාර්ථක වුනේ නැහැ.

    වාර්තා වෙන ආකාරයට සෝමාලියාවේ පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව වසර 50 ක් පමණයි. අනෙකුත් අප්‍රිකානු රටවල් වගේම ඒඩ්ස් සහ මැලේරියාව නිසා මරණ අධික ලෙස සිදුවන රටක් නිසා කවුරුන් වුනත් මේ රටට යාමට දෙපාරක් හිතනවා.

    2. උතුරු කොරියාව


    සෝමාලියාවට වඩා හොඳ වුනත් කවුද කැමති කොණ්ඩ විලාසිතා 28ක් විතරක් තියෙන, මිලිටරි ජුන්ටාවක් තිබෙන රටක හිරකාරයෙක් වගේ ජීවත් වෙන්න? ඔයා එහෙම ජීවත් වෙන්න කැමති නම් ඔයාට ගැලපෙනම රට තමයි උතුරු කොරියාව කියන්නේ.

    ලෝකේ වඩාත්ම හුදෙකලා වුන රට වෙන උතුරු කොරියාව කියන්නේ විශාල ජනතාවක් වසරකට කුසගින්නේ මිය යන, එහෙත් රජය ජනයා ගැන හිතන්නේ නැතුව තමන්ගේ න්‍යෂ්ටික යුධ ශක්තිය ගැන විතරක් හිතලා සියලු වියදම් ඒ සඳහා යොදවන රටකටයි. එක අතකට එහෙම වෙන එක ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ, රජය තමන් සතු සියලුම මුදල් න්‍යෂ්ටික ශක්තිය වැඩි කරගන්නයි, තට්ටු 100 හෝටලයක් තනන්නයි වියදම් කරන්න යෙදෙව්වට පස්සේ තව මොනවා ඉතුරු වෙන්නද?

    නමුත් ඔබ කවදාහරි උතුරු කොරියාවේ අග නගරය වෙන ප්යෝන්ග්යැන්ග් වෙත ගියොත් කවදාවත් හිතන්නේ නැහැ එහෙම. ඔවුන්ගේ ගොඩක් ස්මාරක සහ මාලිගා වෙන්වෙලා තියෙන්නේ කිම් ඉල් සුන්ග් සහ වර්තමාන නායක කිම් ජොන්ග් ඉල් වෙනුවෙන් තමයි.

    උමතු මිලිටරි ජුන්ටාවකින් පාලනය වෙන ආර්ථිකය සම්පුර්ණයෙන් ම පාහේ බැංකු ණය වලින් වැසුණු රටක් වෙන උතුරු කොරියාව සමඟ දකුණු කොරියාව එක්වන්නට කොතරම් උත්සහ කලත් තවමත් ඒ උත්සාහය සාර්ථක වෙලා නම් නැහැ.

    3. සිම්බාබ්වේ



    අසාර්ථකත්වය කියන්නේ රටක් නම් එයට කියන තවත් අනවරත නාමයක් තමයි සිම්බාබ්වේ කියන්නේ. ලෝකේ වැඩිම උද්ධමනයක් තිබෙන රටක් වෙන සිම්බාබ්වේහි හැමදෙනාම කෝටිපතියෝ තමයි. මෙයට හේතුව තමා මුදල් වල අවප්‍රමාණ වීම.

    ඔබ ඇමෙරිකානු ඩොලරයක් සිම්බාබ්වේ වෙතට රැගෙන ගියහොත් එරටේ අමෙරිකානු ඩොලරයක වටිනාකම සිම්බාබ්වේ ඩොලර් 361,900 වෙනවා. මෙයට හේතුව රට තවමත් පාලනය කරන ඒකාධිපති පාලකයා වෙන රොබර්ට් මුගාබේ. ලොව වැඩිපුරම වෛරයට පාත්රවෙන මිනිසුන් 10 දෙනා අතර සිටින මුගාබේ විසින් රටේ භාණ්ඩාගාරයේ පවතින ධනයට වඩා වැඩියෙන් මුදල් රටේ භාවිතාවට යෙදවීම නිසා තමයි අද සිම්බාබ්වේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.

    සිම්බාබ්වේ එක කලෙක ලොව ධනවත්ම රාජ්‍යයන් වලින් එකක්. නමුත් වර්තමානය වෙනකොට ලොව දුප්පත්ම රාජ්‍යයන් වලින් එකක් ලෙස සැලකෙන්නේ. මේ රට තිබෙන තැනින් ගොඩ ගන්නට පවතින පාලනය පෙරලා නව පාලනයක් ගෙනෙන්නට ජනතාවට හැකිවෙලා නැහැ.

    4. සුඩානය


    අන්තර් ජාතික අපරාධකරුවෙක් පාලනය කරන රටක් ගැන අහලා තියෙනවද? එහෙනම් ලෝක සිතියමේ සුඩානය කියන රට බලාගෙන හොඳට මතක තියාගන්න.

    රටේ දක්ෂිණ කතෝලිකයින්ව උතුරු මුසල්මානු රජය විසින් සමුලඝාතනයකට පත් කරනු ලැබුවා. අන්තවාදය, දුෂණය, ලෙඩරෝග, වසංගත මේ සියලුම දේවල් එක රටකට තිබෙනවානම් ඒ සුඩානය හැරෙන්නට අනෙකක් නෙවෙයි.

    ඉහත කියන ලද සමූලඝාතන නිසා සුඩාන ජනපති ඕමාර් හසන් අහමඩ් අල්-බෂීර් ව අන්තර්ජාතික අධිකරණය විසින් මේ වෙනකොටත් අපරාධකරුවෙක් කර හමාරයි.

    5. කොන්ගෝව


    සමූලඝාතන වසර ගණනක් පවතින යුද්ධය, මානවහිමිකම් උල්ලංඝනය කිරීම් තවමත් කෙරෙන මේ රට දෙවෙනි වෙන්නේ ඉහතින් අපි කියපු සිම්බාබ්වේ වෙතට පමණයි. කාන්තා අපචාර ඉතාම බහුලව සිදුවන රටක් හැටියටයි මේ කොංගෝව හඳුන්වන්නෙ.

    ඉතාම අඩු දල දේශීය නිෂ්පාදිතයක් සහිත මේ රට තිබෙන තැනින් ගොඩ ගන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් මිලියන ගණනාවක් රටතුල ආයෝජනය කලත් එය සාර්ථක වුනේ නැහැ.

    සාමාන්‍යයෙන් කොන්ගෝව කියන්නේ විවිධ ඛනිජ වර්ග වලින් පරිපුර්ණ රටක්, නමුත් ඔවුන් ඒ තුලින් උපයන මුදල රට රැගෙන තිබෙන ණය වලට කැපුන විට රට ආපහු හිටපු තැනටම වැටෙනවා.

    6. චැඩ් සමුහාණ්ඩුව


    තවමත් මධ්‍යම අප්‍රිකාවේ ප්‍රධානම ජල සම්පත තියෙන්නේ මේ රට තුල තමයි. ඒ තමයි චැඩ් විල. නමුත් වර්තමානය වෙනකොට නියඟය නිසා ජල ඌණතාවකට මුහුණ දීල තියෙන මේ රටේ අසල්වැසි රාජ්‍යය වෙන්නේ සුඩානයයි. ජනවාර්ගික අර්බුද නිසා නිතර ගැටුම් ඇතිවන රටක් වගේම කාන්තා අයිතිවාසිකම් දැඩි සේ හෑල්ලුවට ලක්ව ඇති රටක් හැටියට චැඩ් සමූහාණ්ඩුව ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

    දේශසීමා පසුකර චැඩ් වෙත එන සුඩානියන්වරු නිසා රටේ ආර්ථිකයට පාලනය කරගන්නට නොහැකි තරම් ජනගහනයක් ඇතීවීම හේතුවෙන් රට දවසින් දවස යන්නේ ආගාධය වෙතම තමයි.

    7. මියන්මාරය (බුරුමය)


    බෞද්ධ රටක් වුනාට මියන්මාරය කියන්නේත් දුප්පත් කමේ පතුල බලපු රටක් තමා. ලෝකේ තියෙන දරුණුතම ජුන්ටා ආණ්ඩුවක් තිබෙන මේ රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීමක් නම් සිදු නොවෙන තරම්. හමුදාව සහ ජනවාර්ගික කණ්ඩායම් අතර ගැටුම් වලින්ද පීඩිත රටක් තමයි මේ මියන්මාරය.

    දකුණු ආසියාවේ තිබෙන දුප්පත්ම රටවල් 30 එකක් ලෙස හඳුනාගෙන සිටින මියන්මාරය එසේ වෙන්නට හේතු වෙලා තිබෙන්නේ මධ්‍යම රජය විසින් සියලුම මුදල් සහ සම්පත් රජය වෙතට පවරාගෙන සිටින නිසාවෙනුයි.

    8. මොසැම්බික්


    මරණයේ සේයාව රට පුරාවට පැතිරිලා තිබෙන රටක් විදියට මොසැම්බික් රාජ්‍යය හඳුන්වන්නට පුලුවන්. මැලේරියාව සහ ඒඩ්ස් වසංගතය රටපුරාම පැතිරී ඇති මේ රටේ, පානීය ජලය පමණයි ඔවුන්ට රිසිසේ ලැබෙන්නේ. අනෙකුත් අප්‍රිකානු රටවල් සේම මොසැම්බික් රාජ්‍යයත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒඩ්ස් තුරන්කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා තිබෙන නිසා අනාගතය ගැන බලාපොරොත්තුවක් තබා ගන්නට හැකි වුනත් තවමත් ඉහත කියූ වසංගත වලින් මිදෙන්නට මොසැම්බික් රාජ්‍යයට හැකිවෙලා නැහැ. ඒඩ්ස් සහ එච්.අයි.වී ආසාදිතයන් ලක්ෂ 20කට අධික පිරිසක් මේ රටේ ජීවත්වන බවට කරුණු හෙළිවනවා.

    9. සියෙරා ලියොන්


    ලෝකේ වටිනාම ඛනිජ ද්‍රව්‍යයක් වන දියමන්ති සඳහා ප්‍රසිද්ධ වෙලා තිබුනත් සියෙරා ලියොන් වෙතට තවමත් සුඛෝපභෝගී ජීවන රටාවකට ජනතාව ඔසවා තබන්නට හැකියාවක් නැහැ.. එයට හේතුව තමයි යුද්ධය, වසංගත සහ දුප්පත්කම එක්ක එකතුවුණු දියමන්ති මාෆියාව නිසා රටේ ගමන් මග නිශ්චය කරගන්නට නොහැකිවීම.

    කොතරම් වටිනවා වුනත් රුධිරය වැකුණු ගමන් මගක් ඔස්සේ ධනපතියන්ගේ සුන්දරියන්ගේ ගෙල වටා බැඳෙන මේ දියමන්ති නිහඬව කියන්නේ සියෙරා ලියොන් වල දුක්ඛාන්තය වුනත් අද වෙනතුරු මේ සම්පත් කණින්නන්ගේ ලොවට ආලෝකයක් දෙන්නට කිසිවෙකුත් සමත් වෙලා නැහැ.

    10. ලාඕසය


    ලෝකේ 44 වෙනියට දුප්පත්ම රට විදියට සඳහන් වුනත් අපි ලාඕසය ගැන කියන්නට තෝරාගත්තේ විශේෂ හේතුවක් නිසයි. ඒ තමයි රටේ ජනතාව දියුණුවට අත දෙන්නට අසමත් ආණ්ඩුවක් එක්ක වැරදි ආර්ථිකය සම්බන්ධ තීරණ රාශියක් ගත්ත නිසා. ඒ නිසාම වර්තමානයේ රටේ බහුතරයකට කුසගින්නේ ඉන්නට සිදු වෙලා තිබෙන රටක් වුනු ලා ඕසය මෙසේ වෙන්නට තවත් එක හේතුවක් වෙලා තියෙන්නේ එහි පවතින ඉතා දරදඬු පාලනය නිසා බව බහුතරයක් මත දරනවා. නමුත් ඔවුන් උත්සහ කරනවා තමන්ගේ අසල්වැසි රාජ්‍යයක් වෙන තායිලන්තය භාවිත කරන නිදහස් ආර්ථික ක්‍රමවේදයට රට ගෙන යන්න. එහෙම වුනොත් අපිට ඉදිරියේදී ලාඕසය ගැන මේ ලැයිස්තුවට ඇතුලත් කරගන්නට වෙන එකක් නැහැ.

    එය එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.!

    එතකොට ලංකාව මීට වඩා හොඳ වෙන්නේ මොන අතින් ද?


    ශ්‍රී ලංකාව


    1.නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක් භාවිතා කරන ලංකාවේ තියෙන්නේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්. වසර 5කට වරක් ජනපතිවරයෙක් පත් කරගන්න, වසර 4කට වරක් මහමැතිවරණයක් පවත්වන ලංකාවේ සිංහල/ දමිල/ ඉස්ලාම්/ බර්ගර් වැනි ජනවර්ග කිහිපයක්ම ජීවත් වෙනවා.
    2.ලංකාව දුකින් දුකට පත් කල, අන්තර්ජාතික මට්ටමින් ශාපලත් දේශයක් බවට පත් කර තිබුණු තිස්වසරක් තිස්සේ අපේ රටට දුකට පත් කල යුද්ධය 2009 වසරේදී අවසාන වෙන්නේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදීයි. එයින් වසර 10ක් ඉක්ම යාමටත් මත්තෙන් එතුමාගෙන් බලය යහපාලන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතට හුවමාරු වීම “ජාත්‍යන්තරය තුල මෑතකදී සිදුවූ සාමකාමී ම බලය හුවමාරුවට දිය හැකි මොඩලය” ලෙස ඇගයුමට ලක් වෙනවා.
    3.චීනය, ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු විවිධ රටවල් සමඟ ධුත සම්බන්ධතා ඉතා තරව පවත්වන ලංකාව ගැන යුද්ධ කාලයේ තිබුණු අඳුරු අදහස මේ වෙනකොට වියැකිලා ගිහින්.
    4.අභ්‍යන්තර ගැටුම් දේශපාලනය තුල බලය හුවමාරු වීම ගැන විවිධ මත මේ වෙනකොට තිබුනත් රටක් ලෙස දීර්ඝකාලීනව කල්පනා කරලා බලනකොට අපි කෙමෙන් කෙමෙන් අපේ ඉලක්කය වෙත යන බව නම් පැහැදිලියි.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    avatar291736_14.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාත්තියා මුශ්ලීම් අපිලගේ රටවල් නම් ශෙපට තමා ඉන්නවා.. ශින්හලය කවද ගොඩ යන්නද :(
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,598
    1
    57,720
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උයාගෙ අහල පහල ගෙවල්වල ඉන්නෙ දෙවිවරු සුරංගනාවියො වගේ අයද? එහෙම නම් මේක සුරපුරයක් කිව්වට අවුලක් නෑ:dull:
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    Lankawa epa wena welawaka me wage chora ratawal tikak hari pennala hitha haduwata thanks
    Rep++++
    :dull::dull::dull:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    මේ වගෙ ලිස්ට් හදන සන්විධාන වල වෙනත් අරමුනු තියෙන්න පුලුවන්. උදාහරනෙකට මියන්මාරය, ලාඔසය ඔය ලිස්ට් එකට දාන්නෙ ගොඩක් ලොකු රටවල් වල කීමට නැමෙන්නෙ නැති නිසා. ඔය නරකයි කියන මිනම්මාරය ම තමා World giving index එකෙ පලවෙනියා.
     
    • Like
    Reactions: HSW

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක් භාවිතා කරන ලංකාවේ තියෙන්නේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්. වසර 5කට වරක් ජනපතිවරයෙක් පත් කරගන්න, වසර 4කට වරක් මහමැතිවරණයක් පවත්වන ලංකාවේ
    🤭
    චීනය, ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු විවිධ රටවල් සමඟ ධුත සම්බන්ධතා ඉතා තරව පවත්වන ලංකාව ගැන යුද්ධ කාලයේ තිබුණු අඳුරු අදහස මේ වෙනකොට වියැකිලා ගිහින්.
    🤭
    අභ්‍යන්තර ගැටුම් දේශපාලනය තුල බලය හුවමාරු වීම ගැන විවිධ මත මේ වෙනකොට තිබුනත් රටක් ලෙස දීර්ඝකාලීනව කල්පනා කරලා බලනකොට අපි කෙමෙන් කෙමෙන් අපේ ඉලක්කය වෙත යන බව නම් පැහැදිලියි.
    🤭
     
    • Haha
    Reactions: Rapunzel003