ඔබ~දැකුමෙන්~මා...
මන්දාකිනියක විහිදෙන එළියක්....
සිත් පිනවනවා නොයිදුල් හැගුමක්...
අලංකාර නෙක පාටින් දිලෙනා...
ජීවන අවකාශේ......
මන්දහාස මල් රේණු ගිලිහෙනා...
අතීතයේ එක් සුන්දර දවසක....
මලක් සුපිපුනා හිරුකැන් අභියස...
ආදර උයන්තෙරේ.....
වසරක් ගෙවෙනා වසරක් නැගෙනා
ජීවිතයෙන් ඉදිරියටම දිවෙනා...
යෞවන සමයයි හංකිති කැවෙනා...
හිත් මනමාල වියේ.............
සුන්දර හැගුමන් දහසක් පිබිදී....
ලොව සොදුරුම පෙම් කවියක් ලියවී...
ආදර හිත් සොයලා පියඹනවද..
නිදි නැති පාලු රැයේ....
නොපියූ දෑසක්...නොකියූ වදනක්..
නොවැටුනු කදුලක්.... ජනිත වෙලා අද...
දැකුමෙන් යලි ඔබ ඇසුමෙන් ඔය හඩ...
පෙම්කල කුමාරියේ........
අන්සතු වී ඔබ පින් නැති මා හැර...
පෙම්කල ලෝකය බිද දා ගියදා....
නොතැවුනු මා සිත තැවෙයි යසට අද..
අහිමි ආදරේ බැමිදොර අභියස...
මන්දාකිනියක විහිදෙන එළියක්....
සිත් පිනවනවා නොයිදුල් හැගුමක්...
අලංකාර නෙක පාටින් දිලෙනා...
ජීවන අවකාශේ......
මන්දහාස මල් රේණු ගිලිහෙනා...
අතීතයේ එක් සුන්දර දවසක....
මලක් සුපිපුනා හිරුකැන් අභියස...
ආදර උයන්තෙරේ.....
වසරක් ගෙවෙනා වසරක් නැගෙනා
ජීවිතයෙන් ඉදිරියටම දිවෙනා...
යෞවන සමයයි හංකිති කැවෙනා...
හිත් මනමාල වියේ.............
සුන්දර හැගුමන් දහසක් පිබිදී....
ලොව සොදුරුම පෙම් කවියක් ලියවී...
ආදර හිත් සොයලා පියඹනවද..
නිදි නැති පාලු රැයේ....
නොපියූ දෑසක්...නොකියූ වදනක්..
නොවැටුනු කදුලක්.... ජනිත වෙලා අද...
දැකුමෙන් යලි ඔබ ඇසුමෙන් ඔය හඩ...
පෙම්කල කුමාරියේ........
අන්සතු වී ඔබ පින් නැති මා හැර...
පෙම්කල ලෝකය බිද දා ගියදා....
නොතැවුනු මා සිත තැවෙයි යසට අද..
අහිමි ආදරේ බැමිදොර අභියස...












