ඔබ දුප්පත් වෙන ක්රම
1. මත් වතුර භාවිතය - ධන හානිය, කලහ ඇතිවීම, රෝග වලට ගොදුරුවීම, අපකීර්තියට බදුන් වීම, ලජ්ජාව නැතිවී යෑම, නුවණ දුර්වල වී යාම සිදුවේ...
2. අවේලාවේ වීථි සංචාරය - තම ආරක්ෂාව නැතිවීමෙ අවධානමට ලක්වේ, තම සම්පත් අවධානමට ලක්වේ, නිකරුනේ වැරදි ක්රියාවන් පිලිබ්දව සැකකරුවෙකු විය හැකිය, අභූත චෝදනා ලබා බොහෝ කරදර ඇතිවිය හැකිය...
3.සමජ්ජාභිචරණය - නැටුම් ගයුම් ඇති තැන් සොයගොස් ධනයත් කාලයත් විනාශ කරගැනීම.
4. දූ කෙලිය - දිනූ විට සතුරන්, පැරදුන විය ශෝකය, ධන හානිය, සමාජය ගනන් නොගන්න කෙනෙකු වීම, විවාහයට නුසුදුස්සෙක් වීම..
5. පාප මිත්ර සේවනය - ස්වකීය සම්පත් හා ජීවිතය පාප මිතුරු ඇසුර නිසා විනාශ මුඛයට ගමන් ගනී !
6. අලසකම - ශීත, උෂ්ණ, අලුයම වැඩි බව දවල් වැඩි බව, කුසගිනි බව, වැඩියෙන් කුස පිරුණයි වැනි කාරණා මත තමා සතු ධනය රැකගැනීමට හෝ ධනය ඉපයීම මගහරී එයින් ඔහුගේ සම්පත් පිරිහී යයි !
මම එසේ දැම්මේ සමහරුන්ට වෙනත් විදියට දැම්මම නොතේරෙන නිසයි... බුදු රජාණන් වහන්සේ සිගාලෝවාද සුත්රයේ දක්වා තිබෙනවා මිනිසෙක් තම සතු ධනය එසේත් නැතිනම් සම්පත් විනාශ කරගන්නවානම් එයට හේතු...කරුණු 6 උන්වහන්සේ මෙලෙස අවුරුදු 2500 කට පෙර දක්වා තිබෙනවා...ඉතින් මේ කරුණු නොපිලිපැදීමෙන් වස්තු විනාස වෙනවාද නැද්ද යන්න පිළිගැනීම ඔබට බාරයි...
1. මත් වතුර භාවිතය - ධන හානිය, කලහ ඇතිවීම, රෝග වලට ගොදුරුවීම, අපකීර්තියට බදුන් වීම, ලජ්ජාව නැතිවී යෑම, නුවණ දුර්වල වී යාම සිදුවේ...
2. අවේලාවේ වීථි සංචාරය - තම ආරක්ෂාව නැතිවීමෙ අවධානමට ලක්වේ, තම සම්පත් අවධානමට ලක්වේ, නිකරුනේ වැරදි ක්රියාවන් පිලිබ්දව සැකකරුවෙකු විය හැකිය, අභූත චෝදනා ලබා බොහෝ කරදර ඇතිවිය හැකිය...
3.සමජ්ජාභිචරණය - නැටුම් ගයුම් ඇති තැන් සොයගොස් ධනයත් කාලයත් විනාශ කරගැනීම.
4. දූ කෙලිය - දිනූ විට සතුරන්, පැරදුන විය ශෝකය, ධන හානිය, සමාජය ගනන් නොගන්න කෙනෙකු වීම, විවාහයට නුසුදුස්සෙක් වීම..
5. පාප මිත්ර සේවනය - ස්වකීය සම්පත් හා ජීවිතය පාප මිතුරු ඇසුර නිසා විනාශ මුඛයට ගමන් ගනී !
6. අලසකම - ශීත, උෂ්ණ, අලුයම වැඩි බව දවල් වැඩි බව, කුසගිනි බව, වැඩියෙන් කුස පිරුණයි වැනි කාරණා මත තමා සතු ධනය රැකගැනීමට හෝ ධනය ඉපයීම මගහරී එයින් ඔහුගේ සම්පත් පිරිහී යයි !
එහෙනම් නුවනින් විමසා බලන්න...බුදුසරනයි!!! (මෙය බෞද්දයන්ට පමණක් අදාළ වන්නක් නොවේ...)