ඔබ දුප්පත් වෙන ක්‍රම

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ඔබ දුප්පත් වෙන ක්‍රම

මම එසේ දැම්මේ සමහරුන්ට වෙනත් විදියට දැම්මම නොතේරෙන නිසයි... බුදු රජාණන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේ දක්වා තිබෙනවා මිනිසෙක් තම සතු ධනය එසේත් නැතිනම් සම්පත් විනාශ කරගන්නවානම් එයට හේතු...කරුණු 6 උන්වහන්සේ මෙලෙස අවුරුදු 2500 කට පෙර දක්වා තිබෙනවා...ඉතින් මේ කරුණු නොපිලිපැදීමෙන් වස්තු විනාස වෙනවාද නැද්ද යන්න පිළිගැනීම ඔබට බාරයි...


1. මත් වතුර භාවිතය - ධන හානිය, කලහ ඇතිවීම, රෝග වලට ගොදුරුවීම, අපකීර්තියට බදුන් වීම, ලජ්ජාව නැතිවී යෑම, නුවණ දුර්වල වී යාම සිදුවේ...

2. අවේලාවේ වීථි සංචාරය - තම ආරක්ෂාව නැතිවීමෙ අවධානමට ලක්වේ, තම සම්පත් අවධානමට ලක්වේ, නිකරුනේ වැරදි ක්‍රියාවන් පිලිබ්දව සැකකරුවෙකු විය හැකිය, අභූත චෝදනා ලබා බොහෝ කරදර ඇතිවිය හැකිය...

3.සමජ්ජාභිචරණය - නැටුම් ගයුම් ඇති තැන් සොයගොස් ධනයත් කාලයත් විනාශ කරගැනීම.

4. දූ කෙලිය - දිනූ විට සතුරන්, පැරදුන විය ශෝකය, ධන හානිය, සමාජය ගනන් නොගන්න කෙනෙකු වීම, විවාහයට නුසුදුස්සෙක් වීම..

5. පාප මිත්‍ර සේවනය - ස්වකීය සම්පත් හා ජීවිතය පාප මිතුරු ඇසුර නිසා විනාශ මුඛයට ගමන් ගනී !

6. අලසකම - ශීත, උෂ්ණ, අලුයම වැඩි බව දවල් වැඩි බව, කුසගිනි බව, වැඩියෙන් කුස පිරුණයි වැනි කාරණා මත තමා සතු ධනය රැකගැනීමට හෝ ධනය ඉපයීම මගහරී එයින් ඔහුගේ සම්පත් පිරිහී යයි !


එහෙනම් නුවනින් විමසා බලන්න...බුදුසරනයි!!! (මෙය බෞද්දයන්ට පමණක් අදාළ වන්නක් නොවේ...)
 

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    නිර්මාන්ස වීමත් ජීවිතේ යහපතට හේතුවේ

    http://www.marketslk.com/classified/index.php/blog/14-2012-01-17-03-37-05
    මෙන්න සහෝදරයා මට තවත් හොඳ ධාර්මික link පාරක් .
    නිර්මාංශ කට්ටියත් ,නිර්මාන්ස්හවෙන්න හිතන කට්ටියත් මේක බලන්ඩ ඇ.