~~ ඔබ නැතුව ඔබ එක්ක ~~

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
~~ ඔබ නැතුව ඔබ එක්ක ~~

ff1.gif

යුද සමයේ බියකරු අතීතයකට මුහුණ දෙන සිංහල හා දෙමළ පෙම්වතුන් දෙදෙනකු වටා මේ චිත්‍රපට ගොඩනැඟී ඇත. සෙල්වි අවතැන් වූ ලස්සන දෙමළ තරුණියක අන්ජලී පටිල් ඒ චරිතයට පණ පොවයි.

තමා ළඟ තුබූ අවසන් රන් අබරණ ටික උගස්කරන්නට යද්දී ඇයට මැදි වයසේ උගස්කරුවෙක් හමුවෙයි. ඔහු බෞද්ධයකි. උගස්කරු ඇයට වශී වෙයි. අය සිටින තැනට යයි. සෙල්වි නාකි මිනිසකු සමග විවාහවීමට යන බව දැනගනී. ඇය හා විවාහවීමට ඔහු සැරැසෙයි. සෙල්වි ඇය හා පෙමින් බැඳේ උගස්කරු ඇගේ ගැලැවුම්කරුවා වෙයි. එහෙත් දෙන්නාම සිය අතීතය ගැන කතා නොකරයි. එහෙත් ඒ ගොළුවත පවතිනුයේ උගස්කරුවාගේ පරණ හමුදා මිතුරකු හමුවී භයානක හෙයක් කියන තුරු පමණි. ....

ඉන්දීය නිළි අංජලි පටිල්, ශ්‍යාමි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ සමඟ මහේෂ්වරී රත්නම් ප්‍රධාන චරිත මවන ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිංහල බසින් මෙන්ම දෙමළ බසින් නිපදවූවකි. එම්. ඩී මහින්දපාල කැමරාකරණයෙන්ද, ඒ. ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, ලක්ෂ්මන් ජෝසප් ද සේරම් සංගීතයෙන් ද, කලා අධ්‍යක්ෂණය රොබ් නේවිස්ගෙනි. අංග රචනය ඊබට් විජේසිංහගෙන්ය.

ප්‍රංශයේ වෙසුල් හි 19 වැනි අන්තර් ජාතික ආසියාතික සිනමා උළෙලේ හොදම සිනමා නිර්මානයට හිමි සික්ලෝ ඩොර් සම්මානයත් නෙට්ෆැක් සම්මානයත් මෙම චිත්‍රපටයට හිමි විය.

ආසියා රටවල චිත්‍රපට 70ක් අතරින් ජයගත් එම සිනමා පටයේ අන්තර් ජාතික 43 වැනි ඉන්දීය සිනමා උළෙලේ හොදම නිළිය ලෙස රිදි මොණරා සම්මානය හිමි විය.

මෙම නිර්මාණය ලන්ඩන්, ජපානය, ඩබ්ලින්, කේරලය, කැනඩාවේ මොන්ට්රියල් අන්තර් ජාතික සිනමා උළෙලයන් නියෝජනය කළේය.

ඉන්දු ශ්‍රී ලංකා නළු නිළි සංයෝජනයක් එක් කරමින් නිර්මාණය වූ මෙම සිනමා පුවත, ආදරයේ කවියක් අවසානය දක්වා ගලා යනසේ නිපැයු විශිෂ්ට නිර්මාණයක් බව ලොව ප්‍රකට සිනමා චිචාරක මතය වේ.

Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
ආමි එකට මඩ ගහන එකක් නෙමෙද? (සම්මාණ ලැබෙනවා කියන්නෙ නම් මඩ ගැහිල්ලක් තියෙන්නම ඔන)
 
rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    මේක අපිට බලන්න බැරිද බං? :lol: පිටරට සිනමා වලට ඉදිරිපත් කරපු ගොඩක් ෆිල්ම්ස් අපිට බලන්න චාන්ස් නෑ. එක්කො මොකක් හරි හේතුවක් නිසා ප්‍රදර්ශනය තහනම් කරනවා. මේකටත් එහෙම වෙයිද? :shocked::shocked::shocked:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආමි එකට මඩ ගහන එකක් නෙමෙද? (සම්මාණ ලැබෙනවා කියන්නෙ නම් මඩ ගැහිල්ලක් තියෙන්නම ඔන)

    මචං සිනමාව කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ ප‍්‍රකාශන මාධ්‍යයක් ගොඩක් වේලාවට අපේ රටේ බොහෝ දෙනා චිත‍්‍රපටය කියන්නේ යම් කතන්තරයක් කියන එක අමතක කරනවා. ඒවායේ එන දේවල් ඇත්ත වෙන්නත් පුලූවන් බොරුවෙන්නත් පුලූවන් ඒක කතාන්දරයක්

    හමුදාව සම්බන්ධ යම් සිද්ධි අපේ සිනමාවේදි යම් යම් ගැටලූකාරි අවස්ථා මෑත ඉතිහාසයේ ඇතිවුනා. ප‍්‍රසන්න විතානගේටත් "පුරහඳ කලූවර" චිත‍්‍රපටයටත් ඔය චෝදනාව ආවා. මමත් ඒ චිත‍්‍රපටය බැලූවා මගේ අදහස නම් ඒ චිත‍්‍රපටයට කල චෝදනා අසාධාරණයි කියලා.

    මේක අපිට බලන්න බැරිද බං? :lol: පිටරට සිනමා වලට ඉදිරිපත් කරපු ගොඩක් ෆිල්ම්ස් අපිට බලන්න චාන්ස් නෑ. එක්කො මොකක් හරි හේතුවක් නිසා ප්‍රදර්ශනය තහනම් කරනවා. මේකටත් එහෙම වෙයිද? :shocked::shocked::shocked:

    මම හිතන්නේ නෑ මේ චිත‍්‍රපටයට ඒ වගේ ප‍්‍රශ්ණයක් එයි කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං සිනමාව කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ ප‍්‍රකාශන මාධ්‍යයක් ගොඩක් වේලාවට අපේ රටේ බොහෝ දෙනා චිත‍්‍රපටය කියන්නේ යම් කතන්තරයක් කියන එක අමතක කරනවා. ඒවායේ එන දේවල් ඇත්ත වෙන්නත් පුලූවන් බොරුවෙන්නත් පුලූවන් ඒක කතාන්දරයක්

    හමුදාව සම්බන්ධ යම් සිද්ධි අපේ සිනමාවේදි යම් යම් ගැටලූකාරි අවස්ථා මෑත ඉතිහාසයේ ඇතිවුනා. ප‍්‍රසන්න විතානගේටත් "පුරහඳ කලූවර" චිත‍්‍රපටයටත් ඔය චෝදනාව ආවා. මමත් ඒ චිත‍්‍රපටය බැලූවා මගේ අදහස නම් ඒ චිත‍්‍රපටයට කල චෝදනා අසාධාරණයි කියලා.

    මම හිතන්නේ නෑ මේ චිත‍්‍රපටයට ඒ වගේ ප‍්‍රශ්ණයක් එයි කියලා
    එයි කියල මට හිතෙනවා ජානා.......
    මොකද මෙහේ සිනමාව ගැන තීරණය ගන්නේ මොලේ වලිගෙ තියන දේශපාලන ඩයිනසෝර්ලා, ඒකට විරුද්ධ මතවාද ගේන්නේ මොලේට උපදංශ හැදිච්ච වහුකුණාලා.........

    නඩු නැති රටකට මොට පායා ද සූරියා...............:dull::dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එයි කියල මට හිතෙනවා ජානා.......
    මොකද මෙහේ සිනමාව ගැන තීරණය ගන්නේ මොලේ වලිගෙ තියන දේශපාලන ඩයිනසෝර්ලා, ඒකට විරුද්ධ මතවාද ගේන්නේ මොලේට උපදංශ හැදිච්ච වහුකුණාලා.........

    නඩු නැති රටකට මොට පායා ද සූරියා...............:dull::dull:

    පුරහඳ කලූවර තහනම් කලේ සරත් අමුණුගම ඇමතිවරයා විසින්, එකල සිටි රැගුම් පාලක මණ්ඩලයේ සහාපති සෝමරත්න බාලසුරිය මහතා මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශණයට අනුමැතිය දිලා තිබුනේ, අවසානයේදි අධිකරණයට ගියවිට රජයට විරුද්ධ සාක්ෂි දෙන්න ඒකල සිටි රැගුම් පාලක මණ්ඩලයේ සභාපතිට කොන්දක් තිබුනා.
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ඒ මොකද බං උඹ ඉන්නේ ලංකාවේ නෙමේද?

    lankawe thami inne.. eth owa film hall walata enawa adui.. enna kalinma thahanam karanawane... film hall wala penanne maha gode gon films