~~ ඔබ නැතුව ඔබ එක්ක ~~
යුද සමයේ බියකරු අතීතයකට මුහුණ දෙන සිංහල හා දෙමළ පෙම්වතුන් දෙදෙනකු වටා මේ චිත්‍රපට ගොඩනැඟී ඇත. සෙල්වි අවතැන් වූ ලස්සන දෙමළ තරුණියක අන්ජලී පටිල් ඒ චරිතයට පණ පොවයි.
තමා ළඟ තුබූ අවසන් රන් අබරණ ටික උගස්කරන්නට යද්දී ඇයට මැදි වයසේ උගස්කරුවෙක් හමුවෙයි. ඔහු බෞද්ධයකි. උගස්කරු ඇයට වශී වෙයි. අය සිටින තැනට යයි. සෙල්වි නාකි මිනිසකු සමග විවාහවීමට යන බව දැනගනී. ඇය හා විවාහවීමට ඔහු සැරැසෙයි. සෙල්වි ඇය හා පෙමින් බැඳේ උගස්කරු ඇගේ ගැලැවුම්කරුවා වෙයි. එහෙත් දෙන්නාම සිය අතීතය ගැන කතා නොකරයි. එහෙත් ඒ ගොළුවත පවතිනුයේ උගස්කරුවාගේ පරණ හමුදා මිතුරකු හමුවී භයානක හෙයක් කියන තුරු පමණි. ....
ඉන්දීය නිළි අංජලි පටිල්, ශ්‍යාමි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ සමඟ මහේෂ්වරී රත්නම් ප්‍රධාන චරිත මවන ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිංහල බසින් මෙන්ම දෙමළ බසින් නිපදවූවකි. එම්. ඩී මහින්දපාල කැමරාකරණයෙන්ද, ඒ. ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, ලක්ෂ්මන් ජෝසප් ද සේරම් සංගීතයෙන් ද, කලා අධ්‍යක්ෂණය රොබ් නේවිස්ගෙනි. අංග රචනය ඊබට් විජේසිංහගෙන්ය.
ප්‍රංශයේ වෙසුල් හි 19 වැනි අන්තර් ජාතික ආසියාතික සිනමා උළෙලේ හොදම සිනමා නිර්මානයට හිමි සික්ලෝ ඩොර් සම්මානයත් නෙට්ෆැක් සම්මානයත් මෙම චිත්‍රපටයට හිමි විය.
ආසියා රටවල චිත්‍රපට 70ක් අතරින් ජයගත් එම සිනමා පටයේ අන්තර් ජාතික 43 වැනි ඉන්දීය සිනමා උළෙලේ හොදම නිළිය ලෙස රිදි මොණරා සම්මානය හිමි විය.
මෙම නිර්මාණය ලන්ඩන්, ජපානය, ඩබ්ලින්, කේරලය, කැනඩාවේ මොන්ට්‍රියල් අන්තර් ජාතික සිනමා උළෙලයන් නියෝජනය කළේය.
ඉන්දු ශ්‍රී ලංකා නළු නිළි සංයෝජනයක් එක් කරමින් නිර්මාණය වූ මෙම සිනමා පුවත, ආදරයේ කවියක් අවසානය දක්වා ගලා යනසේ නිපැයු විශිෂ්ට නිර්මාණයක් බව ලොව ප්‍රකට සිනමා චිචාරක මතය වේ.

Last edited:

පිටරට සිනමා වලට ඉදිරිපත් කරපු ගොඩක් ෆිල්ම්ස් අපිට බලන්න චාන්ස් නෑ. එක්කො මොකක් හරි හේතුවක් නිසා ප්‍රදර්ශනය තහනම් කරනවා. මේකටත් එහෙම වෙයිද