ඔබ නොලිව් කවිය....

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මේ සින්දුව ලියවෙන්නේ දෙන්නෙක් ගේ(astronautes or scientists කියල හිතන්නකෝ ) ආදරය සහ ලෝකයේ අනාගතය එකට එකතුවන තැනක් ගැනයි. ඒ දෙන්නා එකතුවෙලා අනගතයේ ගොඩනැගෙන නව ලෝකයක් ගැන සිහිනයක් දකිනවා. ඒකට කැපවෙලා වැඩකරනවා. ඒ අතරතුර ඒ කොල්ලා මියයනවා. ඊට පස්සේ ඒ කෙල්ල ඒ දෙන්නා එකට එකතුවෙලා කරපු කැපවීම කරගෙන යනවා. මේ සින්දුව එයා ඒ අනාගතේ යම් කිසි අවස්තාවක ඒ ඔහුට කරන ආමන්ත්‍රනයක්. ඔවුන් දෙදෙනා දකින්නට ආශා කල ඒ නව ලෝකයේ තනිවම ඉන්න ඇය තමා ඔහුගේ දෑස බවට පත්වෙමින් ඔහු නොදුටු දේ දකිමින් සහ ඔහු නොලියූ දේ ලියමින් ඔවුන් දෙදෙනාගේ උරුමය අනාගතයට අරගෙන යන බව ගායනා කරනවා

    ඔබයි මගෙ ලොවේ
    ඉරයි සඳයි වුනේ
    සැමදා නොසැලී ඔබෙ නෙතු මානේ රැඳුනේ
    ඉතින් සෙනෙහසින් සිහිකරමී ඔබෙ අභිමන්
    නැතත් අද මා දෙස බලා සැනසෙන්නට සිත සතුටින්
    ඔබ ආශාවෙන් දුටු සිහින පුරා
    සැරිසරමී එහි කුමරියක වෙලා
    ඔබ සිටියානම් මා සමගින් අද කොතරම් මිහිරිද සඹදේ
    ඔබ ආශාවෙන් දුටු සිහින පුරා
    සැරිසරමී එහි කුමරියක වෙලා
    නව ලොවකට පියවර තබන නිසා
    එහි හිමිකම අපට නිසා

    අහසේ ගිනි පුලිඟුවේ
    ක්ෂිතිජයේ සැදු නගරයේ
    අපගේ කඳුලැල් සුසුමන් සැඟවී ඇත්තේ
    ඉතින් සෙනෙහසින් සිහිකරමී ඔබෙ අභිමන්
    නැතත් අද මා දෙස බලා සැනසෙන්නට සිත සතුටින්
    ඔබ වැලඳගනිමි මගෙ දිවිය පුරා
    සිත ඔබට පුදමි මලසුනක තියා
    ඔබ නොදුටුව ලොවකට කැඳවන් යමි
    ඔබෙ නෙත් දෙක මමම වෙලා

    මම ලියමි ඔබ නොලිව් කවි සොයා
    මම දකිමි ඔබ නොදුටු දේ සොයා
    ඔබ ඇවිදන් ගිය මාවත දිග පිය මැන මම ආ දුර බලමී
    පතමින් ඔබ හා ඒ අනන්තේ
    එක් වීමට නැවතත් වසන්තේ
    හිරු තරු ජයගන්නා ඒ දිනයක යලි අප ඔබ හමුවේවී
    එක දිනක් අප නමින් ලියවේවි ආකාසේ
    තරු පවා මුමුනමින් කියවාවි ඔබෙ නාමේ
    පතමින් ඔබ හා ඒ අනන්තේ
    එක් වීමට නැවතත් වසන්තේ
    හිරු තරු ජයගන්නා ඒ දිනයක යලි අප ඔබ හමුවේවී.



    මෙලඩිය මගෙ නෙවේ...
     

    nidarsha91

    Well-known member
  • මචං AI වලින් කරපු දේවල් තිබුණත්, මේක AI කියල කැටගරයිස් කරන්න එපා. මොකද එතනදි කෙලින්ම මේක අස්සෙ වෙන නිර්මාණ ගානක කොටස් ඇහෙනවා මිසක් යුනික් රසයක් ඉස්මතු කරගන්න බැරි වෙනවා. ඒක නිර්මාණයට ලොකු හානියක් කියලයි මගෙ අදහස. මොකද කලා නිර්මාණයක රඳා පැවැත්ම, රසිකයා ඒක පවත්වගෙන යන්න හේතු වෙන කාරණා ගත්තම අපුර්වත්වය ඉස්සරහටම එනවනෙ. අපූර්වත්වය නැත්තං මේකත් පරන කෑලි ගොඩක එකතුවක් වගේ දැනෙනව නං ඒක නැවත නැවත අහන්න යොමු වෙන්නෙ නැති වෙනවා. උඹට හදවතින්ම සුබ පතනවා 🕊️
     
    • Love
    Reactions: jamiezue