ඔබ මා හමු වුණ මේ ඉර හඳ යට

ඔබ මා හමු වුණ මේ ඉර හඳ යට

384978_10150458973853241_234924181_n.jpg


ඔබ මා හමු වුණ මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී//

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පිබිදී පරවූ පෙම් මල //
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවී

ඔබ මා...

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි//
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවී

ඔබ මා...

ගායනය : කරුණාරත්න දිවුල්ගනෙ
Oba Ma Hamu Una / Karunarathna Diwulgane
 
Last edited: