ඔබ මේ පිළිබඳ දැනුවත්ද?
භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳ පොළට පිවිසෙන ඔබට, අවශ්‍ය නිෂ්පාදනය තෝරා ගැනීමේදී විවිධ වෙළෙඳ නාම අතරින් කුමක් තෝරාගත යුතුද යන්න පිළිබඳ එකවර තීරණයකට එළඹීමට නොහැකි වනු ඇත. බාහිරින් භාණ්‌ඩයක් දෙස බැලීමේදී බර, පරිමාව, කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදිත දිනය, අඩංගු ද්‍රව්‍ය වැනි බොහෝ තොරතුරු ලේබලය පරික්‌ෂාකර ලබාගත හැකි වුවද, එය නිසි ප්‍රමිතියට අනුකූලද යන්න පිළිබඳ එකවර අදහසක් ලබා ගත නොහැක.
මෙවැනි අවස්‌ථාවකදී පාරිභෝගිකයාට සහාය වීමට එනම් නියම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුනාගැනීමට SLS ලාංඡන ක්‍රමය හඳුන්වා දී ඇත. මෙම භාණ්‌ඩ සහතිකය හෙවත් Sඛී ලාංඡන ලබාදීමේ පූර්ණ හිමිකම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතු වේ. භාණ්‌ඩයක් මත Sඛී ලාංඡනය තිබීමෙන් එම නිෂ්පාදනය එයට අදාළ ශ්‍රී ලංකා ප්‍රමිතියේ අවශ්‍යතාවයන්වලට අනුකූලව නිපදවා ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සහතික වන බව අදහස් කරනු ලබයි. SLS ලාංඡනය සමඟම එයට අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති අංකයද සඳහන් කළ යුතු වේ. බෝතල් කල පානීය ජලය සඳහා SLS 894 , විදුලි බුබුළු සඳහා SLS 984 සහ උකුකිරි සඳහා SLS 179 නිදසුන් වශයෙන් දැක්‌විය හැක.
මෙම Sඛී තත්ත්ව සහතිකය නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිෂ්පාදන ආයතනය විගණන ක්‍රියාවලි දාමයකට සහ නියෑදි පරීක්‌ෂාවන්ට භාජනය කර අදාළ ප්‍රමිති අවශ්‍යතා සපුරන්නේ නම් පමණක් බලපත්‍රය පිරිනැමීම සිදුකරනු ලැබේ. මෙහිදී බලපත්‍රය නිකුත් කිරීමෙන් පමණක් නිමානොවන මෙම ක්‍රියාවලිය, වසරකට කීපවතාවක්‌ම සහතිකලාභී ආයතනය පශ්චාත් විගණනවලටද භාජනය කිරීම් සමගින් අඛණ්‌ඩව ඇගැයීම් සිදුකරන්නකි.
මෙම අගනා තත්ත්ව සහතිකය දිනා ගැනීමට , තම නිෂ්පාදන ප්‍රමිතියට අනුකූලව අඛණ්‌ඩව පවත්වාගෙන යාමට උනන්දුවක් දක්‌වන නිෂ්පාදකයන් හට ස්‌වේච්ඡාවෙන් අයෑදුම් කළ හැකි අතර එතුළින් තම අලෙවිකරණ ජාලය පුළුල් කර ගැනීම වැනි ප්‍රතිලාභ රැසක් ඔවුන්ට අත් කර ගත හැකි වේ. බොහෝ නිෂ්පාදකයන් එසේ ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත්වනවාසේම වංචනික ලෙස බාල තත්ත්වයෙන් භාණ්‌ඩ නිපදවන කූට ව්‍යවසායකයින්ද කොතෙකුත් දක්‌නට හැක.
එවැනි තත්ත්වයන් පාලනය කර පාරිභෝගික ජනතාවට අවශ්‍ය ආරක්‌ෂණය සැලසීම උදෙසා, හඳුනාගත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩ කිහිපයක තත්ත්වය, ප්‍රමිතියට අනුකූලව පවත්වාගෙන යාමට Sඛී සහතික ලකුණ අනිවාර්යෙන් තිබිය යුතු බවට රජය විසින් නිවේදනය කර තිබේ. 1979 අංක 01 දරන පරිභෝගිකයන් ආරක්‌ෂා කිරීමේ පනත හා ඉන්පසුව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ වරින් වර රජය විසින් නිකුත් කළ විධිවිධාන මඟින් එම භාණ්‌ඩ වර්ග ප්‍රකාශයට පත් කොට තිබේ. එම විධානවලට අනුව නම් කරන ලද භාණ්‌ඩ වර්ග, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන විටදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කළ SLS ලාංඡනය එම භාණ්‌ඩ මත තිබේ නම් පමණක් විකිණීම මෙන්ම විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමද කළ හැකි අතර නැතහොත් මෙම භාණ්‌ඩ ආනයනය කරන්නේ නම්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් ආනයන පරීක්‌ෂාවේදී, පරීක්‌ෂාකොට ලත් අනුමැතිය තිබේ නම් පමණක් විකිණීම සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සිදුකිරීමට අවකාශ ඇත.
වෙළෙඳ පොළේදී ඔබ ගෘහස්‌ථ පරිභෝජනය, ඉදිකිරීම් කටයුතු මෙන්ම වෙනත් නොයෙකුත් අවශ්‍යතාවන් සඳහා භාණ්‌ඩ මිලදී ගැනීම්වල නිරත වන අවස්‌ථා ඇත. එවැනි අවස්‌ථාවක මෙම
SLS ලාංඡනය අනිවාර්යයෙන්ම තිබිය යුතු භාණ්‌ඩ පිළිබඳ දැනුවත් භාවය වැදගත් වනු ඇත. ඒ සඳහා එම භාණ්‌ඩ ලැයිස්‌තුව පහතින් ඉදිරිපත් කරමු.
ආහාර නිෂ්පාදන
1. දුඹුරු සීනි
2. ටින් මාළු
3. උකු කිරි
4. නැවුම් පලතුරු කෝඩියල්
5. පලතුරු රසපාන, සාර පලතුරු යුෂ සාර සහ පලතුරු සිරප්a සාර
6. පිළිගැන්වීමට සූදානම් පලතුරු බීම
7 සින්තටික් කෝඩියල්
විදුලි උපකරණ
8 ගෘහස්‌ථ හොට්‌ප්ලේට්
9 විදුලි බුබුළු
10 ගෘහස්‌ථ විදුලි පහන් හෝල්ඩර්
11 ගෘහස්‌ථ විදුලි ප්ලග් සහ සොකට් අවුට්‌ලට්‌ස්
12 ගෘහස්‌ථ විදුලි ස්‌විච්
සිමෙන්ති සහ සිමෙන්ති නිෂ්පාදන
13 සාමාන්‍ය පෝට්‌ලන්ඩ් සිමෙන්ති
14 මේෂන් සිමෙන්ති
15 හුණුගල් මිශ්‍රිත සිමෙන්ති
16 බ්ලෙන්ඩඩ් හයිෙඩ්‍රාලික් සිමෙන්ති
17 සිමෙන්ති බ්ලොක්aගල්
18 පැතලි ඇස්‌බැස්‌ටෝස් තහඩු
19 රැළි වැටුණු ඇස්‌බැස්‌ටෝස් තහඩු
වානේ නිෂ්පාදන
20 කොන්ක්‍රීට්s ශක්‌තිමත් කිරීම සඳහා මෘදු වානේ දඬු
21 කොන්ක්‍රීට් ශක්‌තිමත් කිරීම සඳහා දාර සහිත වානේ දඬු
22 කම්බි කණු සඳහා මෘදු වානේ කම්බි
23 සාමාන්‍ය ඉංජිනේරුකාර්යන් සඳහා මෘදු වානේ කම්බි
24 උණුසුම් රෝලකරන ලද රවුම් වානේ දඬු
25 උණුසුම් රෝලකරන ලද හතරැස් හැඩැති වානේ දඬු
26 උණුසුම් රෝලකරන ලද සඩස්‍ර වානේ දඬුq
27 උණුසුම් රෝලකරන ලද පැතලි වානේ දඬු
28 උණුසුම් රෝලකරන ලද ව්‍යqහ ඹ වානේ කාණු
29 උණුසුම් රෝලකරන ලද ව්‍යqහ ඛ වානේ ඈන්ගල්ස්
30 උණුසුම් රෝලකරන ලද ව්‍යqහ ඔ වානේ පැතිකඩ
31 PVC පයිප්ප
32 PVC පයිප්ප සන්ධි සහ උපාංග
33 දන්තාලේප