ඔබ සමුගෙන 9 වසරක් පිරෙන මොහොතක....
ගුණදාස කපුගේ නම් අග්‍රගන්‍ය සංගීතවේදීයා අපගෙන් සමුගෙන අදට වසර 09ක් ගතවේ. ශබ්ද පාරිපාලකයෙකු වශයෙන් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයට එක්වූ කපුගේ මහතා 1973 වසරේ දී වැඩසටහන් නිෂ්පාදකයෙකු වශයෙන් උසස් වීම් ලබා රජරට සේවයට තම රාජකාරිමය දායකත්වය පිරිනැමීය.
කපුගේ ජන හදවත් තුළ වැජඹෙනුයේ ඔහුගේ රාජකාරිමය ජීවිතය පදනම් කොටගෙන නොවේ. ඔහුගේ විප්ලවීය ගීත සමුච්චය තවමත් ලාංකේය ගීත අම්බරයේ මං සලකුණු සනිටුහන් කරනුයේ විකල්ප සංගීතය මගින් පීඩිත හඩ ලාංකේය දෙරණ තලයේ පැතිරීමත් හේතුවෙනි.
ඔහු සංගීතවේදියෙකු පමණක් නොව දේශපාලන දෘෂ්ටියක් සහිත කලාකරුවෙකි. කලාකරුවන් රැල්ලට තිබෙන ආණ්ඩු සමග පිහිනා යද්දී කපුගේ දුක්විදි ජනයා වෙනුවෙන් උඩුගම්බලා පිහිනීය. 89 - 90 රාජ්‍ය මර්දනය හමුවේ. පවතින දුර්ධාන්ත පාලන තන්ත්‍රය විවේචනය කරමින් කම්පන ප්‍රසංගය පවත්වමින් මර්දනකාරී ආණ්ඩුවට අභියෝග කළේය.
ගුණදාස කපුගේ අලුත් ලොවක් නව සමාජයක් වෙනුවෙන් සිහින දැක්කේය. එය ඔහුගේ විප්ලවීය හුරුවයි. අද එකී අවශ්‍යතාවය සම්බන්ධයෙන් නව මානයන් විවරවෙමින් පවතින වකවානුවකි. එහෙත් කපුගේ අප අතර නැත. එදාට වඩා අද ඔබ අප අතර සිටියේ නම් එකී උවමනාවේ මල්ඵල දැරීම වෙනුවෙන් උදම්‍වනවා නොඅනුමානය. කපුගේ අප අතර නැත. එහෙත් ඔබ හඩ වෙනදා මෙන්ම අප සවන් පිළිරැව් දෙයි. ඔබ මිය ගොස් නව වසරක් ගත වුව කපුගේ ඔබ ජීවත් වනවා නොවේදැයි විටෙක සිතේ... එන්න කපුගේ සමාජය ඉල්ලා සිටින කලාකවරුවන්ගෙන් හිස් වූ අසුන ඔබ වෙනුවෙන් තවමත් අප වෙන් කොට ඇත.