ඔබ සුන්දර සිහින දකිමින් සිටින්නේද? එසේ නමš
ජනපතිවරණය දිනෙන් දින ළං වෙමින් තිබේ ඒ සමගම ජනතාවට ලබාදෙන සහන පොරොන්දු ද ඉහළ ගොස් ඇත. ජනාධිපතිවරණ වේදිකාවලදී ප්‍රධාන ජනපති අපේක්‍ෂකයන් දෙදෙනාම ලබාදුන් නොයෙකුත් සහන පොරොන්දු පිළිබඳව අප මීට පෙරද සාකච්ඡා කළෙමු. එහෙත් දැන් අපට මේ ජනාධිපතිවරණයේ සහන පොරොන්දු පිළිබඳව වඩාත් නිශ්චිතව කතා කිරීමට හැකියාව ඇත. එයට හේතුව නම් ප්‍රධාන ජනපති අපේක්‌ෂකයන් දෙදෙනාගේම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වන විට ජනතාව හමුවට ඉදිරිපත් කර තිබීමයි. පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ "විශ්වසනීය වෙනසක්" නමිනි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හඳුන්වාදී ඇත්තේ "මහින්ද චින්තන ඉදිරි දැක්‌ම" ලෙසය. මේ ලිපියෙන් අපගේ අවධානය යොමුවන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රකාශනයේ අන්තර්ගත වන පොරොන්දු සහ ඒවා ඉටුකරගැනීමට යැමේදී මුහුණදීමට සිදුවන යථාර්ථය පිළිබඳවයි.
"විශ්වසනීය වෙනසක්" නමින් ඉදිරිපත්ව ඇති ජෙනරාල් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මූලික කරුණු දහයකින් සමන්විතව සංක්‍ෂිප්තව ඉදිරිපත් කර ඇත. මෙය ඉදිරිපත් කරමින් කතා කළ සරත් ෆොන්සේකා මහතා පැවසුවේ මෙය සියලු ජනවාර්ගික හා ආගම්වලට අයත් ජනතාවට පිළිගත හැකි මෙරට සියලුම අංශ පිළිබඳව සලකා බැලූ රටේ අනාගතය තීරණය කරනු ලබන ස්‌ථිර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බවයි. ආර්ථිකමය වශයෙන් බැලීමේදී රජයට (මහජනතාවට) අතිවිශාල වියදම් දරන්නට සිදුවන සහ ආදායම් අඩුවීමට තුඩු දෙන යෝජනා මෙහි අන්තර්ගතව ඇත. මහින්ද චින්තන ඉදිරි දැක්‌මේද එවැනිම යෝජනා ඇතුළත්ව තිබේ. ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් විසින් ලබාදෙනවා යෑයි කියන සහන පොරොන්දු පිළිබඳව සාකච්ඡා කිරීමේදී එම එක් එක් කාරණා පිළිබඳව වෙන වෙනම කතා කිරීමට ප්‍රථම මෙකී සහන පොරොන්දුවල පොදු යථාර්ථය ගැන අපි මුලින්ම හඳුනාගැනීම වැදගත්ය.
කවුරු බලයට පත් වුවත් තමන් ජනතාවට ඉදිරිපත් කළ පොරොන්දු ඉටුකිරීමට යැමේදී යම් වියදමක් දැරීමට රජයට සිදුවෙනවා නම්, එසේත් නැතහොත් යම් ආදායම් අහිමිවීමක් සිදුවෙනවා නම් මේ බර දරනු ලබන්නේ කවරෙක්‌ද යන්න අප හඳුනා ගැනීම වැදගත්ය. අවසානයේ සියලුම රාජ්‍ය වියදම් දරනු ලබන්නේ මහාභාණ්‌ඩාගාරයයි. මහාභාණ්‌ඩාගාරයට ආදායම් රැස්‌කර ගනු ලබන්නේ මහජනයා ගෙවනු බදු මුදල් වලිනි. බදු හා බදු නොවන ආදායම් වලින් රාජ්‍ය ආදායම සමන්විත වන අතර මෙම රාජ්‍ය ආදායමෙන් සියයට 90 ක් පමණ වන වැඩි කොටස රජය උපයා ගන්නේ බදු ආදායම් වශයෙනි. මේ නිසා කුමන රාජ්‍ය වියදමක් දැරුවද ඒ සඳහා රජය විසින් වියදම් කරනු ලබන්නේ මහජනතාව ගෙවන බදු මුදල්ය. ඒ නිසා කවර ජනපති අපේක්‍ෂකයකු විසින් කවර සහන පොරොන්දුවක් ලබාදුන්නත් ඒ සඳහා වියදම් දරන්නේ අපයි. එනම් මහජනතාවයි. ඒ නිසා සහන පොරොන්දුවලින් උද්ධාමයට පත්ව සිටින ජනයා තේරුම් ගත යුතුවන්නේ "යමක් දෙනවා" යන්නෙහි තේරුම ඊට සමාන මුදලක් යළි අපෙන් ලබා ගන්නවා යන්න බවයි.
මෙහිදී තේරුම් ගත යුතු තවත් වැදගත් දෙයක් තිබේ. එනම් යම් සහන පොරොන්දුවක් නිසා අදාළ රාජ්‍ය වියදම දරන්නේ යම් පිරිසක් වෙනුවෙන් වුවද, ඒ සඳහා වන වියදම සොයා ගනු ලබන්නේ සමස්‌ත මහජනතාවගෙන් වීමයි. සමස්‌ත මහජනතාවගෙන් බදු වශයෙන් මේ මුදල් උපයා ගත යුතු වෙයි. ඒ නිසා ඔය කවුරු කවුරුත් දෙනවා කියන ප්‍රමාණයටම නැවතත් අපෙන් ලබා ගන්නවා කියන එකද අප අමතක කළ යුතු නැත. ඒ නිසා ජනාධිපති අපේක්‍ෂකයින් මැතිවරණ දිනන්නට නොයෙකුත් කණ්‌ඩායම් ඉලක්‌ක කර ගනිමින් සහන පොරොන්දු ලබාදෙයි. එම සහන හිමිවන පිරිස් මේ නිසා සතුටට පත් වුවද ඒ වියදම අප විසින් දැරිය යුතු බව, එසේත් නැත්නම් බදු හරහා ඒ වියදම් නැවත අපෙන්ම අයකර ගන්නා බව ඉතාමත්ම පැහැදිලි සරල සත්‍යයකි.
නාස්‌තිය දූෂණය නැති කොට ඇමැති මණ්‌ඩලය අඩුකර මේ සහන ලබාදීම සඳහා මුදල් සොයා ගත හැකි බවටද කරුණු ඉදිරිපත්ව ඇත. නාස්‌තිය හා දූෂණය මුලිනුපුටා දැමීම කෙසේ වෙතත් එය හැකිතාක් අවම මට්‌ටමක් දක්‌වා උපරිම ලෙස අඩුකර ගැනීම ඉතා හොඳ දෙයකි. එය කළ යුතුමය. රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන නාස්‌තිය "දූෂණය" වංචා සහ අක්‍රමිකතා පිළිබඳව පුවත්පත්කලාවේදීන් වශයෙන් අප ඕනෑ තරම් සාකච්ඡා කර තිබේ. විවේචන ඉදිරිපත් කර තිබේ. ඒ නිසා නාස්‌තිය හා දූෂණය සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමීමෙන් වුවද ඔය කියන සහන පොරොන්දු ඉටුකළ හැකිද සහ එසේ කළ යුතුද යන්න වෙනම ප්‍රශ්නයක් වුවත්, නාස්‌තිය හා දූෂණය නැති කිරීම සඳහා දැඩි පියවර ගැනීම ඉතාමත්ම අත්‍යාවශ්‍ය දෙයකි. මෙසේ නාස්‌තියට දූෂණයට ලක්‌වන සෑම රුපියලක්‌ම මහජන මුදල්වීම ඊට හේතුවයි. මහජනයාගේ රුපියලක්‌වත් නාස්‌තියට, දූෂණය වන්නට ඉඩ දිය යුතු නැත.