ඔබ හිතනවාට වඩා ඔබ විශාලයි
මිහයිල් ඉලීන් “මිනිසා යෝදයෙකු වුණේ කෙසේද” (How man become a giant) නමින් විශිෂ්ට පොතක් ලිව්වා. එම පොතේ ඔහු විද්‍යාත්මක පදනමක ඉදලා මිනිසා කියන කුඩා සත්වයා අහසටත්, පොළොවටත් මහ මුහුදටත් කළ අසීමිත බලපෑම් කරන දැවැන්ත යොධයෙකු බවට පත්වුණ ආකාරය ගැන ඉතා රසවත් පැහැදිලි කිරිමක් කරනවා. “ඔබ හිතනවාට වඩා ඔබ කුඩායි” කියලා සොභාදහම මිනිසාට කියන විට “ඔබ හිතනවාට වඩා මම විශාලයි” කියලා මිනිසා සොබාදහමට බය නැතුව කිව්වා. මිහයිල් ඉලීන්ගේ පොතේ අතරින් පතර තැන්වලින් උපුටා ගත්ත පහත වාක්‍යය බලන්න. එවිට මේ කාරණය තව තවත් තහවරු වෙයි.
“උරග ගණයේ කෙටිපාද තියන සතුන්ට කුරුල්ලන් බවට පත්වෙන්න වසර දස ලක්ෂ ගණනක් ගත වුණා. මෙහිදී ඔවුන් අමිල පරිත්‍යාගයක් කළා. එනම් පියාපත් යුගළ උදෙසා ඉදිරි පා යුගල කැපකිරීම. නමුත් සියවසකටත් නොවැඩි කාලයක් තුළ මිනිසා පියාඹන්න ඉගෙනගත්තා. නමුත් මිනිසාට තමන්ගේ දෑත් අහිමි වුණේ නැහැ.

“මිනිසා අශ්වයකුට වඩා වේගයෙන් දුවන්න ඉගෙනගෙන තියනවා. එහෙත් ඔහුට ඒ සදහා එක ඇගිල්ලක්වත් කැප කරන්න සිදුවුණේ නැහැ”
“මිනිසා මාලුවෙකුට වඩා වේගයෙන් පීනන්නට ඉගෙනගෙන තියනවා. එහෙත් ඔහුට සිය අත් හෝ පා වරල් බවට මාරු කරන්න සිදු වෙලා නැහැ.”
“කාන්තාරයේ ජලය ඇත්තේ ඉතා සුලුවෙන්.. සොබාදහම් පොත එහෙම කිව්වාම මිනිසා එම නියමය නොතකා පොලොව ගැඹුරට හාරලා නළ මගින් ගත්ත ජලයෙන් කාන්තාරය තෙත් කළා.”
“මිනිසා කිසිම දක්ෂතාවයක් මිටින් අරගෙන ඉපදෙන්නේ නැහැ. ඔහු දක්ෂතා සෙමින් සෙමින් අත්පත් කරගන්නවා.”
“මිනිසා සිය බුද්ධිය ලබා ගත්තේ සොබාදහමේ දායාදයක් විදියට නිරායාසයෙන් නොවෙයි. ඔහු එය ආයාසයෙන් ලබාගත්තේ සිය දෑතේ වීර්යයෙන්”
-තරගයේ වීරයා

+