ඔබ_මගේ_වෙලා, මම_ඔබේ_වෙලා
එවන එවන ලියුම පරිස්සං කරල තියාගන්න එක. එවන හැම මැසේජ් එකම සේවු කරන එක. ස්කෝලෙ කාල ලවු වලදි ගොඩක් උන් කරන දෙයක් ... පොත් අස්සෙ ලාච්චුවල තිබිල පරන කෞතුක බාන්ඩ තාම ලැබෙනව මටත් .. ඔය ලවු මේනියාව තව ටිකක් වැඩියෙන් හැදුන උන් ඉන්නවා ...
කොල්ල කෙල්ල ප්රසන්ට් එකක් දුන්නම ඒක ඔතල දීපු කොලේ අරන් තියගන්න අය.
බස් එකේ යන ටිකෙට් එක
පාක් එකට ගිය ටිකට් එක
ෆිල්ම් එක බලපු ටිකට් එක
එච්චරයැ
කොහේ හරි ගිහින් ටොපියක් කෑවත් ඒකෙ කොලෙත් උස්සගෙන යනවා..
ගොඩක් වෙලාවට තෙළිගු ෆිල්ම් එකක එන ආත්මගානක ආදරයක් වගේ ඔය විදියට එක සිතින් පේවී සැදැහැවත්ව උන්ඩුකපුච්චෙන්ම ලවු කරන්නෙ කෙල්ලො ...
ඔය වගේ ලවු කරනව කියන්නෙ අතුරු ආන්තරා සහ බෙල්ල ගසා යෑමෙ අවදානම ඉතා වැඩියි ...
ඒත් ඉතිං ඒක තමයි උන්ගෙ ආතල් එක ...
ඔය අවදානම සිය දහස්ගුණයකින් වැඩියි කෙල්ල ඩයිරියක් ලියනවනම් ... මොකද කියනවනම්
අපේ මහ මරම්පරාව ඔය මැනර්ස් කියන ඒව ගෑවිලවත් නෑ ...
ඩයිරියක් දැක්කොත් බඩුම තමයි ...
ඉතිං ඔය වගෙ අවාසනාවන්ත ඉරණමකට මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් ලක් උනා ...
ඌම තමයි වැඩේ වනකරගෙන තියෙන්නෙ ...
කෙල්ලට යාලුවෙච්ච දවසෙම ඌ දීල තියෙන්නෙ චොකල්ට් එකකුයි තඩි ඩයිරියකුයි...
බාදක කම්කටලු මැඩගෙන ... ඒ කිවුවෙ අම්මල තාත්තල සර්ල මිස්ල ප්රින්සිපල්ල ෆ්රිෆෙක්ට්ල කෙලම් කාරයො ඉරිසියාකාරයො මිත්ර දෝහියො එහෙම මැඩගෙන මුන්ගෙ ලවු එක අති සාර්තකව මාස හය හතක් රන් උනා කියමුකො ...
දවසක් වහාම ක්රියාත්මක වන පරිදි කෙල්ලගෙ අම්මල තාත්තල... පුංචිල බාප්පල.. මැර අයියයල
අයියගෙ වසවර්ති යාලුවො සෙට් එකක්ම කෙල්ලව පෙරහැරෙන් කොල්ලගෙ ගෙදර එක්කගෙන එනවලු අවේලාවෙ ...
මේ පාත් වෙන්න යන්නෙ මුරුගසං වරුසාව කියල කොල්ලට පංචස්කන්දෙම තේරුනත් .. ගෙදරින් පැනල යන්නයැ..
දෙවියන් සිහි කරල කොල්ල උඩ තට්ටුවට වෙලා හැංගිල හිටියලු
ටික වෙලාවක් ගියාලු .. පහලින් පියාගෙ අදරණීය ආමත්රණේට කොල්ල පහලට වීසි උනාලු ...
කෙල්ල සහ නැදෑ පිරිවර ඉස්සරහ වාඩිවෙලා ඉන්නවලු. කෙල්ල නිකං සෝමාලියාවෙ එකියක්ට මැලේරියාව හැදිල වගේ ඉන්නකොට මූ දැනගත්තලු බඩු බනිස් තමයි කියල ...
කොල්ල ගියාම තාත්තම ඩයිරිය අතට දුන්නලු ..
" කියවනවා .. "
>>>>>>>>>>>>
ජනවාරි 25
" ________ තමයි මට මේ ඩයිරිය දුන්නෙ ... ඒ ඩයරි එකයි රසම රස චොකල්ට් එකයි එක්ක එයා මට එයාගෙ දවතත් දුන්නන. මං දන්නව ________ ඔයා ටිකක් දගයෙක් උනාට හරිම හොද කෙනෙක් කියල මගෙ වස්තුවේ ... මගේ පන තියෙනකල් ඒ ආදරේ ඒ විදියටම රකිනව කියල ඔයාගෙ පුංචි කෙල්ල පොරොන්දු වෙනවා ...
මේ ලෝකෙ මට බලා බ්ලා බ්ලා බ්ලා ...
ඔන්න ඔය විදියට පටන්ගත්ත දිනපොතේ විස්තර ... ගියපු බස් ටිකට් පාක් ටිකට්.. කෑම බිල් වල ඉදල අලවල ලස්සනට අතින් අල්ලපුව වෙන වෙන තැන් වලින් අල්ලපුව මිරිකපුව ... කරපු කියපුව
හිනාවෙච්ච අඩපුව .. සිංදු කවි කෑලිත් එක්ක පාට පාටින් ඔක්කොම පස්චාත් යුද වාර්තාවක් වගේ මේකි ඩයිරියෙ ලස්සනට ලියලා ...
පලවෙනි පිටුවෙන් බාගයක් කියවනකොටම කොල්ලට අතීසාරෙ... පාචනේ.. ගලපටලෙ.. කක්කල් කැස්ස ඔක්කොම හැදීගෙන ආවලු ...
කියවන ඒව සද්දෙ එන්නෙ නෑලු ... වටේ කට්ටිය බලන් ඉන්නවලු ...
" පෙරේද දවසට පෙරලනවා ... "
තාත්තගෙ විදානය ආයෙත් ...
ගැහෙන වෙවුවලන අත් දෙකෙන් කොල්ල ඩයිරිය පෙරලුවලු ...
ඒ පිටුවෙනම් එච්චර දෙයක් තිබිල නෑ ..
මුලින්ම මෙන්න මෙහෙම පොඩි කවි කෑලක් තියෙනවලු ...
>
>
>
" ඔබ මගේ වෙලා .... මම ඔබේ වෙලා ...."
යටින් හිස් ප්රීති කොන්ඩම් එකක කවරයක් අලවල තිබුනලු .....

ඉස්සුවේ - http://mamaiarui.blogspot.com/
හැබැයි ඉතින් කාටවත් මලාට හොයන්න නම් බෑ.
ඔක්කොම එක තැන තිබ්බොත් තමා වැඩේ ගැස්සෙන්නේ
adama hoyala balanne one 