ඔබ_විමසිලිමත්ද_?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔබ_විමසිලිමත්ද_?

    ඔබ විමසිලිමත්ද ?

    01-64.jpg

    ලංකාවට ආනයනය කල පසුගිය කාලයේ මහත් ආන්දොලනයකට තුඩු දුන් තත්වයෙන් බාල තෙල්, බාල සේලයින් කට්ටල, බාල ඖෂධ වර්ග, තත්වයෙන් බාල සිරින්ජර් කට්ටල සහ නිසි ප්‍රමිතියකින් තොර පොහොර වර්ඟ අපසු හරවා යැවූ බවක්, එසෙත් නැතිනම් එවා ප්‍රසිද්ධියේ විනාශ කල බවක් නම් ඔබට ආරංචි උනේ නැහැ නේද ? :no: රහසේ වරාය පැමිණි එතනොල් බලපත්‍ර සහිතව රටට ඇතුල් උනා නේද ? :shocked:

    දැන් අප ඉදිරියේ ඇත්තේ කිරිපිටි ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නය මතුවූ විගසම එක්තරා සමාගමක් තම කිරි පිටි 300 වාරයකටත් වැඩියෙන් පරික්ෂා කරන බව පවසමින් වෙළඳ දැන්වීම් මාලාවක් ප්‍රචාරය කලා ඔබට මතකද ? :baffled: තවත් සමාගම් කිහිපයක් තමන් ආනයනය කරන කිරිපිටි මෙරටට ගෙන්වන්නේ නවසීලන්තයෙන් නොව ඔස්ට්‍රේලියාවෙන් කියා අත පිසදාමා ගත්තා නේද ? :baffled:

    තවත් සමාගම් ඔවුන් විසින් ගෙන්වනු ලැබූ කිරිපිටි වෙනත් සමාගම් මඟින් බෙදාහැරීම සිදුකලේ එම කිරි පිටි වල විෂ රසායන සහ බැක්ටිරියා ඇති නිසා විය නොහැකිද ? :oo: ඇත්ත වශයෙන්ම මේ කිරිපිට කීවාරයක් පරීක්ෂා කර තිබේද කියා මේ අශ්චර්යමත් රටේ ඇති වෙළද අමාත්‍යාංශය නම් නොදන්නවා බිය හැකිය. :lol:

    Untitled-2copy-5.jpg

    දැන් පැමිණ ඇත්තේ අප විමසිලිමත්ව සිටිය යුතු කාලයයි. ඒ මිනිස් පරිභොජනයට අහිතකර යයි පවසමින් ඉවත් කිරීමට සිදුවූ කිරිපිටි වලට සිදුවන්නේ කුමක්ද කියාය. :nerd: විශාල මුදලක් යෝදවා මෙරටට ආනයනය කල එම කිරිපිටි ගෙන්වූ සමාගම් මඟින් අපසු හරවා නොයවන බවනම් සත්‍යකි. එවුන් කවදාවත් අතින් කා හරක් බලන්නේ නම් නැත. :no: එම කිරිපිටි විවිධ මාර්ඟ ඔස්සේ විවිධාකාරයෙන් අප අතරට ඔවුන් එවනු ඇත. :eek: ඔබ කෑමට ගන්නා අයිස්ක්‍රරිම් එක ඇතුලේ මෙම අහිතකර විස රසායන සහ බැක්ටීරියා අඩංගු කිරිපිටි තිබිය හැකිය. ඔබ ආහාරයට ගන්නා යෝගට් එක ඇතුලටද රිංගීමට බොහෝ ඉඩ ඇත. බටර්, මාගරින්, චීස් වගේම එදිනදා ඔබ කඩවලින් පානය කරන කිරි වීදුරුවෙත් ටී එකෙත් මෙම අහිතකර පිටිකිරි වර්ඟ මිශ්‍ර වී තිබෙන්නට පුළුවන් නේද ? :shocked: මෙවැනි තත්වයක් යටතේ ඔබගේ දරුවාට විශ්වාසයෙන් යුතුව කිරි වර්ඟ මිශ්‍ර ආහාර, චොකලට් වැනිදේ ගෙනවිත් දීමට පුළුවන්ද ? :dull:

    දැන් අපට විශ්වාසයෙන් යුතුව පානය කල හැක්කේ රජයේ අනුග්‍රහය ඇතිව පවත්වාගෙන යන කිරිහලවල් වල කිරි පමණක්මද ? :oo: රජය අනුග්‍රහය ඇතිව පවත්වාගෙන යන කිරිහල් හැර අනෙකුත් කිරිහලවල් වල මෙම අහිතකර විෂ රසායන සහ බැක්ටීරියා අඩංගු කිරි කලවම් නැතැයි අපට සහතික වෙන්නේ කව්ද ? :dull:

    dfg.jpg

    දෙනෙත් හරින්න. මේ විමසිලිමත්ව සිටිය යුතු කාලයයි. :)

     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අහිංසක මිනිස්සු නැති කරනව මුන්... මට කෙනෙක් කිවුව 1kg ඇන්කර් එකට එන්නෙ 300ටලු ඇත්තද බොරුද දන්නෙ නෑ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam mcn powdered milk podi kale idalama bonne naha. dan nam liquid milk bonnat bayay bn, habai itin ewa tikak hari safe ati, lankawe hadana nisa.