from FB
ඔයාගෙ personality type එක මොකද්ද?
Introvert Vs. Extrovert
Introvert
ඉන්ට්‍රවට් කියන්නෙ සාමාන්‍යයෙන් තනියම ඉන්න වඩාත් කැමති අයට. මෙයාලා සමාජ විරෝධී අයමත් නෙමෙයි හැබැයි. මෙයාලගේ ලක්ෂන තමයි:
1. තනියම කාලය ගත කරන්න කැමතියි. එහෙම ඉන්න එක තේරුමක් තියෙනවා කියලා හිතනවා සහ enjoy කරනවා.
2. ගොඩක් පිරිසක් එක්ක ඉන්නවට වඩා පොඩි සෙට් එකක් එක්ක සෙට් වෙලා ඉන්න තමයි ට්‍රයි කරන්නෙ.
3. හැඟීම්, සිතුවිලි අනිත් අයට කියන්න කලිං ඒක කියන විදිහ ගැන කලින් හිතලා බලනවා.
4. ගොඩක් කන්ටැක්ස් තිබුණත් යාළුවො සුළු ප්‍රමාණයක් ඉන්නෙ.
5. තීරණයක් ගන්න කලිං ගොඩක් වෙලා තියෙන options ගැන හිතනවා.
6. ලොකු පිරිසක් එක්ක සෙට් වෙන්න කලින් (socializing) සහ සෙට් උනාට පස්සෙ ආපහු තමන්ගෙ comfortable zoon එකට එන්න පොඩි කාලයක් (downtime) ඔිනෙ වෙනවා.
ඉන්ට්‍රවට් කෙනෙක් වීමේ වාසී.
1. ගොඩක් කල්පනාකාරී නිසා තමන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හොඳ සවන්දෙන්නෙක් වෙනවා. relationship ගොඩ කාලයක් තියාගන්න පුළුවන්.
2. හොඳ නිරීක්ෂණ හැකියාවක් තියෙනවා. (strong observation skill) මේ නිසා මිනිස්සු කවුද කියලා හරියටම අඳුනගන්න මෙයාලට පුළුවන්.
3. තීරණයක් ගන්න කලින් ගොඩක් හිතන නිසා ගන්න තීරණ ගොඩක් දුරට නිවැරදියි.
4. ආවේගශීලිත්වයෙන් අඩුයි. (less impulsive) මේ නිසා කතා කරද්දි හොඳට හිතලා බලලා කතා කරන්නෙ.
ඉන්ට්‍රවට් කෙනෙක් වීමේ අවාසි.
1. ලොකු පිරිසක් ඉන්න තැනක ඉන්න එක uncomfortable වෙන්න පුළුවන්. අනිත් අය ඉන්ට්‍රවට්ලා දිහා බලන්නෙ වැරදි විදිහට: ඉන්ට්‍රවට්ලා කියන්නෙ උඩඟු හෝ unfriendly අය කියලා හිතන්නෙ.
2. emotions හරියට manage කරගන්න බැරි නිසා සමහර වෙලාවට අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ටිකක් negatively හිතන්නත් පුළුවන්. මේ නිසා යාළුකම් හදාගන්න අමාරුයි.
Extrovert
එක්ස්ට්‍රවට් කියන්නෙ ඉන්ට්‍රවට් එකේ අනිත් පැත්ත. මෙයාලා ගොඩක් සමාජශීලි අය. සමහර වෙලාවට ටිකක් තනියම ඉන්නත් කැමති. මෙයාලගේ ලක්ෂණ තමයි:
1. කට්ටිය එක්ක සෙට් වෙලා එන්න එක energizing or refreshing කියලා මෙයාලට දැනෙනවා.
2. මොකක් හරි කේස් එකක් උන ගමං ඉන්ට්‍රවට්ලා වගේ ගොඩක් වෙලා හිත හිත ඉන්නැතුව යාළුවෙක්ට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දානවා.
3. තනියම වැඩ කරනවට වඩා සෙට් එකක් එක්ක වැඩ කරන්න කැමතී.
4. අඳුනන්නැති අය එක්ක පවා හොඳට කතා කරනවා.
5. club, organization වල එහෙම ඉන්න ගොඩක් කැමතී.
එක්ස්ට්‍රවට් කෙනෙක් වීමේ වාසි.
1. මිනිස්සු එක්ක සම්බන්ධතා හදාගන්න ලේසියි. මිනිස්සු එක්ක කතා කරලා සෙට් වෙන එක uncomfortable වෙන්නෙ නෑ මෙයාලට.
2. තමංගෙ goals වලට උපරිමයෙන් කැපවෙලා වැඩ කරනවා.
3. ගොඩක් අය මෙයාලට කැමතී. ඒ නිසා ගොඩක් අයගෙ සපෝට් එක තියෙනවා මෙයාලට.
එක්ස්ට්‍රවට් කෙනෙක් වීමේ අවාසි.
1. ගොඩක් යාළුවො, relationships තියෙන නිසා මෙයාලට ගොඩ කාලයක් තියෙන strong relationship නැති වෙන්න පුළුවන්.
2. අනිත් අයට ඇහුම්කන් දීම අඩුයි. කතාව පොඩ්ඩක් වැඩියි.
3. ගොඩක් ආවේගශීලි නිසා වලි දාගැනීමේ හැකියාව ඉහලයි.
Ambivert (Omnivert)
මෙයාල ඉන්ට්‍රවට් සහ එක්ස්ට්‍රවට් ලක්ෂණ දෙකම තියෙන මැද මට්ටමක ඉන්න අය.