මේ පිළිතුර ලියන්නේ ඔබෙන් බොහෝ තොරතුරු විමසලා...ඒ බව ඔබ දන්නව ඇති.
අපි කොටසින් කොටසට එමු.
ඔබ ඇයට පිළිතුරක් දීම කල් තබනවා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි අධ්‍යාපනය නිසා. ඇය තේරුම් ගත යුතුයි මේ කාලයේ දී වඩාත් වැදගත් කුමක් ද කියා. මේ කාලයේදී කරන ආයෝජනය-අධ්‍යපනය-ඔබව වඩා හොද තැනකට ඉදිරියේදී ගෙන යනවා. ඇයට එය අවබෝධ කර ගත නොහැකි නම්-එනම් යහපත් වූ ඔබේ තීරණය ගැන බලා සිටීමට බැරි නම්- ඔබ අතීරණයෙන් සිටින කාලය තුළ වෙනකෙකුට ලංවීමට ඇයට හැකි නම් එහි තේරුම ඔබ වෙනුවෙන් බලා සිටීමට ඇයට බැරි බව නොවේද? මෙවැනි අය ආදරය කරන්නේ පුරුද්දකටය. නැතිව යහපත් වූ පදනමක සිට නොවේ. අනික මේ ටික කාලය ඔබ වෙනුවෙන් බලා සිටිය නොහැකි තරුණියක ගෙන්, ඔබ පතන අවංක ආලය ලැබිය හැකි වෙද?
දෙවැන්න-
අනික් හාදයා කර ඇත්තේ ඇය ගේ ආදරය බලහත්කාරයෙන් ගැනීමක්, එය එසේ නොවේද? මම දිවි නසා ගන්නවා යන තර්ජනය කොට ඇය නම්මා ගැනීම බලහත්කාරයක් විනා අන් කවරක්ද? ඔහු ද ඇගේ ඇග මසට ලොබ බදින්නෙක් විනා ඇයට සත්‍ය ලෙසට ආදරය කරන්නෙකු නොවේ. මේ කරුණ ඇයට අවබෝධ කොට ගත නොහැකි නම් ඇය ප්‍රඥාවිහීනයෙකි. ඇයට නිවැරදි ලෙස ආලය හදුනා ගත නොහැකි නම් ඔබට ඇය සමග අනාගතයක් ගැන සිතිය හැකි වෙද?
තෙවැන්න-
කෙනෙකුට දෙදෙනෙකුට ප්‍රෙම කල හැකිය. නමුත් විවාහය සදහා ඉදිරිය දැකිය හැකි වන්නේ එක් අයෙකු සමග පමණි. ඔබ සමග ඇය අනාගතයක් ගැන සිතයි නම්, ඔහු ගෙන් අත්මිදීම අනිවාර්යය කරුණකි. නිකං සිත් රවටා ගත යුතු නැත. ඇයට එසේ කළ නොහැකි නම් ඇයට ඔහු සමග යන්නට හැරීම වඩා සුදුසුය. ඒ කවදාක හෝ ඔබ විවාහ වූ විට ඔබට ලැබෙන්නේ ඇය ගේ ශරීරය පමණක් වීම නවතනු සදහාය. ආදරය යනු සිතින් ඇරඹී, සිරුර තුළින් ගලා ගොස් ලංගික අවයව තුලින් එළියට එන හැගීමකි. අපි මොන අයිසිං දමා තොරොම්බල් කොට කිව්වත් ස්ත්‍රී පුරුෂ ආලයට හේතුව අපේ වර්ගයා බෝ කිරීමේ රැළ වැසි ඉව විනා අන් කවරක් වත් නොවේ.