ඔයාට වයස අවුරුදු 10 යි,
හැමෝම ගෙදර. අම්මා උයනවා,
තාත්තා ටීවී බලනවා,
ඔයාගේ අයියලා අක්කලා
එයාලගේ දේවල් කරනවා.
ඒත් හැමෝම ගෙදර.
ඔයා ඔයාගේ කාමරයේ ඇඳ උඩ දිගා වී,
ඔයා ලොකුවෙලා
ඔයාට කැමති ඕනෑම දෙයක්
කරන්නට නිදහස ලබන දිනයක් ගැන
සිහින මවන්නට ඇති.
ඔයාට ඉක්මනට ලොකු වෙන්න
අවශ්‍ය වූනේ පවුලේ සෑම කෙනෙකුම
නිවසේ සිටීමෙන් ලැබෙන සතුට
සැනසුම ඔයාට අගයක්
නොදැනුන නිසා විය හැක.
දැන් ඔබ ඔබේ තිස් හතලිස් ගණන්වල
පසුවන අතර ඔයාට ආපසු
ඒ දවස්වලට යාමට
හැකි නම් ඔබ කැමතිය.
ඔබ සහ ඔබේ සහෝදර සහෝදරියන්
සියල්ලෝම ගෙදරින් පිටව ගොස් ඇත.
ඔබේ මාපියන් වයසට ගොස් ඇති අතර,
ඔවුන් තනිකමට හුදකලාවට
හුරු වීමට උත්සාහ කරමින් සිටී.
ඔබ ඔවුන්ගේ සුදු හිසකෙස් දැකීමට
පටන් ගන්නා අතර කාලය
කොච්චර ඉක්මනට ගෙවී ගොස්
ඇත්දැයි කල්පනා කරනු ඇත.
ඔබ සියල්ලන්ම එකට ජීවත් වන
තවත් දිනක් කිසි දිනෙක නොමැති
බව ඔබට වැටහේ.
ඔබේ සහෝදර සහෝදරියන්
දැන් සිටින්නේ එහා පැත්තේ කාමරයේ නොව, සමහරවිට ඔවුන් වෙනත් රටකය.
ඉඳහිට ඔබ ඔවුන් බැලීමට යනු ඇත,
නමුත් ඔබ එහි රැඳී නොසිටිනු ඇත.
ඔබ නැවත කිසි දිනෙක
එකට සෙල්ලම් නොකරනු ඇත,
ඔබ ආයෙ සෑම රෑකම
එකට රාත්‍රී ආහාරය නොගනු ඇත,
සහ තවත් පවුලේ චිත්‍රපට රාත්‍රීන් නොමැත.
ඔබ සෑම දිනකම එකිනෙකා දකින්නේ නැත.
මම, මගේ මහ ගෙදර යන හැඟීම
සඳහා ආශා කරමි,
නමුත් මට ආපසු යා නොහැක.
මගේ මහ ගෙදර ඉරා දමා ඇති අතර,
එහි කෑලි විවිධ ස්ථානවල විසිරී ඇත.
මහ ගෙදර දැන් කවුරුත් නැත..
Copied
