ඔයාලා?

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    එදිනෙදා ජීවිතයේදී බහුලව භාවිතා කරන පහත සදහන් කෙටි නාම වලින් අදහස් කරන්නේ මොනවද කියලා නම් ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ.
    ඒත් හිතලා බැලුවද මේව හැදුනේ කොහොමද කියලා? මේ කෙටි යෙදුම් බොහොමයක් බිදිලා ඇවිත් තියෙන්නේ ලතින් භාශාවෙන්.
    A.M
    අපි පෙරවරුව සදහා භාවිතා කරන A.M කියන කෙටි යෙදුම ඉංග්‍රීසි භාශාවට එකතු වෙලා තියෙන්නෙත් ලතින් භාශාවෙන්. ඒ Ante Meridiem කියන යෙදුම කෙටි කරලා.
    දවසේ පැය 24 කොටස් දෙකකට බෙදුවාම එයින් පලමු කොටස ලතින් වලින් හදුන්වන්නේ Ante Meridiem කියලා. ඒ කියන්නේ මධ්‍යාහනයට පෙර කියලා.

    P.M
    ඒ වගේම අපි පස්වරුව සංකේතවත් කරන්න භාවිතා කරන P.M කියන කෙටි යෙදුමත් ලතින් භාශාවෙන් එකතු වුනු එකක්. දවසේ පැය 24 කොටස් දෙකකට බෙදුවාම එයින් දෙවෙනි කොටස ලතින් වලින් හදුන්වන්නේ Post Meridiem කියලා. ඒ කියන්නේ මධ්‍යාහනයට පසු කියලා.

    e.g
    අපි නිදසුනක් වශයෙන් කියන දේ අදහස් කරන්න භාවිතා කරන e.g කියන කෙටි යෙදුම ඉංග්‍රීසි භාශාවට එකතු වෙලා තියෙන්නේ Exempli Gratia කියන ලතින් වචනයෙන්.
    මුලින්ම මෙහෙම භාවිතා කිරීම ආරම් භ වෙලා තියෙන්නේ 1602දී විතර.

    i.e
    අපි “ඒ කියන්නේ-(that is)” කියලා අදහස් කරන්න කෙටියෙන් භාවිතා කරන කියන i.e කෙටි යෙදුමත් හැදිලා තියෙන්නේ id est කියන ලතින් යෙදුම කෙටි කිරීමෙන්.
    ලතින් භාශාවෙන් “ඒ කියන්නේ” කියලා කියන්නේ id est කියලා.

    etc
    අනෙක් දේවල් කියලා කියන්න අපි භාවිතා කරන etc කියන කෙටි යෙදුමත් අනෙක් දේවල් කියලා ලතින් වලින් අදහස් කරන et cetera කියන යෙදුමේ කෙටි කිරීමක්.

    p.s
    පසු වදන(ITN වැඩසටහන නොවේ) කියලා ලියන්න අපි භාවිතා කරන p.s කියන කෙටි යෙදුමත් Post Scriptum කියන ලතින් වචනයෙන් හැදුන කෙටි යෙදුමක්.

    per cent
    ප්‍රතිශත ගැන කතා කරනකොට අපි භාවිතා කරන per cent කියන වචනයත් Per Centum කියන ලතින් වචනයෙන් බිදිලා ආව එකක්.

    vs
    ක්‍රිකට් මැච් වලදි කණ් ඩායම් දෙක අතරට දාන කියන වචනයත් ලතින් භාශාවේ versus කියන වචනයෙන් හැදුන එකක්.

    :cool::cool::cool:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Okkoma lathin

    9Y7qmQ3.png
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ක්‍රි:පු සහ ක්‍රි:ව යන වචනත් එවගේමයි

    BC - Before christ - ක්‍රිස්තු පුර්ව

    AD - Anno Domini - ( He was born ) - ක්‍රිස්තු වර්ෂ


    Thanks + :cool::cool::cool: