ඔයා අහගෙනද නංගි
ඔයා අහගෙන ද නංගි...
දරුවන් ගෙ හිත්වල තියෙන දුක, සතුට අම්මලට හංගන්න බැරිලු...ඒ දේවල් කොහොම හරි අම්මල දැන ගන්නවලු..ඔයා මට තවත් අම්ම කෙනෙක් වුණා නංගි..
ගුරුගීතය පොතේ එක තැනක දී අල්තිනායි ව නපුරු මිනිහෙකුට බන්දල දෙනව. අල්තිනායි කෑ ගහනකොට ඒ මිනිහ එයා ව අරගෙන යනව. ඔය සිද්ධිය මට දවසක් හීනෙන් පෙනුන. ඒත් ඒ හීනෙ අල්තිනායි වෙනුවට හිටියෙ ඔයා....මට කෑගැහිල නැගිට්ටුනා නංගි.. අම්මත් බය වුණා. ඊට පස්සෙ එක මොහොතක් වත් මට නින්ද ගියෙ නෑ.. ඔයාට මොනා හරි කරදරයක් වෙලා ඇති කියල මහම මහ කාළකන්නි හැගීමක් මගෙ හිතේ පිරිල තිබුණ..
ගෙදර අයට පේන්න බොරුවට හිනා වෙලා උදේ ක්ලාස් ගියත් මගේ හිතේ ඒ දුක හැංගිලා තිබුණ. බුදු සරණින් ඔයා ක්ලාස් ඇවිල්ල, දුර තියා ම මට හිනා මලක් පූජා කළා. ඒත් ළගට ආපු ඔයා ඇහුවෙ, ''දුකිං නේ ද හිටියෙ" කියල..
මට දැනුණ......
ඔයා මට අහිමි වුන නපුරුම නපුරු
බය හිතෙන හීනෙකින් ඇහැරිලා..
ඉකිගගහ මං අඩනකොට
මගෙ ඇස් දෙකේ කඳුලු ඔය ඇස් වලට අර ගත්ත රත්තරන්..
ඔයා ආය කවම කවදාකවත්
මගෙ කඳුළු
ඔය ඇස් දෙකට
ගන්නෙ නෑ නේ ද කියල
මට දැනුණ...
සත්තම යි....
මම බැලුව..මට පෙනුන..මට ඇහුණ..
ඒත් දෙයියම්ප...."ආදරේ ගින්දරක්." ඒක මට දැනුන.....