ඔය හිනාව රැකදෙන්නම් අපේ දුවේ...
ඔය හිනාව
රැකදෙන්නම් අපේ දුවේ...
ඉතින් දුවේ.....
මේ කථාව කොතනින් පටන්ගන්නද කියලා මම හුඟක් වෙලා කල්පනා කළා. ඒත් තවත් හිත හිත ඉන්න කාලයක් නෑ දුවේ. තවත් පැය 72 කින් ඔබ රෝහලට යා යුතුයි. ඒ ගමන ලේසි පහසු ගමනක් නෙමෙයි. ඔය ඇස් දෙකේ පෙනීම, ඔය අහිංසක ජීවිතේ හෙට දවස ඒ ගමනින් තීරණය වෙනවා. ඒ අභියෝගය දොස්තර මහත්වරු භාරගත්තා. ඒත් තාත්තගෙ පුංචි පඩියෙන් පුළුවන්ද ඒ වියදම දරාගන්න?
දිනය ඉකුත් 22 දා බ්රහස්තින්දා අපි 'නිම්නය 2' අතිරේකය මුද්‍රණයට යෑවීමට සූදානම් වන දිනය. තත්පරයකවත් ඉස්පාසුවක් නැති දවසක්. දුරකථන ඇමතුමක් පවා 'කරදරයක්' වන දවසක්. කාර්යාලයට එන අතරමගම කාර්යාලයේ අංකයෙන් දුරකථන ඇමතුමක් ආවා. මවක් සහ දියණියක් මාව මුණගැසෙන්නට කාර්යාලයට ඇවිත් ඉන්නවලු. ලොකු උපකාරයක් අවශ්‍ය වෙලාලු.
මම 'දිවයින' කන්තොරුවට ඇතුළු වී අමුත්තන්ගේ කාමරයට එන අතරමග මුණගැසුණු කාර්යාලයේ හිතවතුන් කිහිපදෙනෙකුත් මට ඒ පණිවුඩයම දුන්නා. මට දැනුණේ මේ මවත් දියණියත් වෙනුවෙන් මගේ කාර්යාල සහෝදර සහෝදරියන් සියල්ලන්ම උනන්දු වෙන හැඩක්. 'දිවයින' කාර්යාලයේ හැමකෙනෙක්ටම මේ දෙදෙනා වෙනුවෙන් කුමන විදිහකින් හෝ උපකාරයක් කිරීමේ උවමනාව තිබුණු වගයි මට දැනුණේ. හැබෑටම කව්ද මේ අය?
මම අමුත්තන් රැඳී සිටින පරිශ්‍රයට ගියා. පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටින දියණියක්. ඇය ඉතාම ලෙන්ගතුව මා සමග සිනාසුණා. ඒ හිනාව හරිම පිං පාටයි. අව්‍යාජයි. අහිංසකයි.
ඇගේ කිසි අසරණකමක් මට පෙනුණේ නැහැ. අපෙන් ඇයට අවැසි සරණ කුමක්දැයි මම නැවතත් හිතුවා. මම මේ දියණියත් සමග කථාකළා. ඇය ඇගේ කථාව මට කියන්නට වුණා. මම මොහොතකට ගල් ගැසුණා. ඒ පියකරු මුහුණ යට, මේ සොඳුරු සිනහව යට මොන සා ජීවිත අවදානමක් රැඳිලා තියෙනවද? දෙවියනේ ඇය මොනතරම් සුන්දරද? මිනිසුන් ගැහෙන, හඬන, සුසුම්ලන ජීවිත අවදානමක ඇය සිනාසෙන අපූරුව....
මේ නම් දිරිය දියණියක්මයි. ඉතින් දුවේ නුඹ වැන්නියකට උපකාර නොකර අපි කාට නම් උපකාර කරන්නද?
මේ අතිශයින් කාර්යබහුල දිනයේ මම මගේ අන් සියලු රාජකාරි පසෙක තැබුවා. පත්තර රස්සාවේ වගකීම කල් දැමිය නොහැකි ඒවා නමුත් 'වෙන දෙයක් වුණාවේ' යි සිතා මම ඇගේ කථාව ලියන්නට ගත්තා.
ඇය මාධවී මිහිරාණි. ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ ලුම්බිණි විදුහලට පැමිණි ඇය මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය යුතුයි. නමුත් ඇය ඒ අදහස අත්හැරලා. ඇගේ මේ සිනහව තවදුරටත් දකින්න උවමාන නම් ඉතාම ඉක්මනින් ඇයව සැත්කමකට ලක්කරන්නට වෙනවා. මාධවීගෙ ඇසට සෙන්ටිමීටරයක පමණ පසුපසින් පිටියුටරි ග්‍රන්ථියේ ගෙඩියක්..... බරපතළ අවදානමක්. ඇසේ පෙනීම නැතිව යැමේ අවදානම විතරක් නෙවෙයි, ජීවිත අවදානමත් උපරිමයි. වෙන පිළියමක් ඉතිරිවෙලා නැහැ. තව පැය 72 කින්... ඒ කියන්නේ මේ බදාදා (28 දා) කොළඹ සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේදී ඇය බරපතළ සැත්කමකට ලක්වෙනවා. එතැන් පටන් මාසයක කාලයක් ගෙවෙනතුරු හිස නොසොල්වා ඇයව එහිම තබන්නට සිදුවේවි. ටික කලකට පිටියුටරි ග්රන්ථියෙන් හෝමෝන නිපදවීම නතරවෙන නිසා ඒ හෝමෝනය බාහිරින් ලබාදෙන්න වෙනවා. මේ හෝමෝනය බොහොම මිල අධිකයි. රෝහලේ සිටින දවසකට රුපියල් 75,000 ක වියදමක් දරන්නට වේවි. ඇය මට මේ හැම වෛද්‍ය වාර්තාවක්ම පෙන්නුවා. ඒ වාර්තාවල ලියවිලා තිබෙන හැටියට මේ ඔක්කොටම රුපියල් ලක්ෂ 15 ක් - 20 ක් විතර වැය වේවි.
ඒත් ඒ හැටි සල්ලියක් මේ අහිංසකයන් කොහෙන් හොයන්නද? ගෙරදට තිබෙන එකම ආදායම මාධවීගේ තාත්තගේ පඩිය විතරයි. රත්නපුර ශ්‍රී ඥානෝභාස පිරිවෙනේ ගුරුවරයකු වන ඇගේ පියා හරිහම්බකරපු දේවල් වියදම් කළේ මාධවීටත් ඇගේ සහෝදරයටත් උගන්වන්නයි. බැංකු පොත් වල සල්ලි දාන්නයි ඉස්කොලෙ පොත් ටික අරන්දෙන්නයි දෙකක් කරන්න ඒ තාත්තට සල්ලි තිබුණේ නෑ. මෙහෙම ඉන්නකොටයි මෙයට මාස හත අටකට කලින් මාධවීට විටින් විට හිසරදයක් හැදෙන්නට ගත්තේ. විටෙක ඇයව ක්ලාන්ත කළා. හම්බකරගෙන හිටපු දෙයක් වුණානම් ඒකත්, හම්බකරන දේවලුත් වියදම් කරගෙන දරුවගෙ ඔලුව කැක්කුමට හේතුව හොයපු සිරිල් - ශ්‍රියානි යුවළට (මාධවීගේ දෙමාපියන්ට) අවසානයේ අසන්නට ලැබෙන්නේ මවකට පියකුට දරාගැනීමට පහසු දෙයක් නම් නෙවෙයි. ස්නායු ශල්‍යවෛද්‍ය විශේෂඥ සුනිල් පෙරේරා මහතා මෙහි ඇති අවදානම පැහැදිලි කරමින් ඉතාම ඉක්මනින් ශල්‍යකර්මයක් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා. ඒ වෛද්‍යවරයා එම අභියෝගය භාරගත්තා. ඇසටත්, මොලයේ අවයවවලටත් හානිවීමේ අවදානම අවමවන අයුරින් මෙය සිදුකිරීමට ඔහු සූදානම්. රෝහලත් සූදානම්. හිත දැඩි කරගෙන මේ හැමදෙයකටම මුහුණදීමට මාධවීත් සූදානම්. ඒත් තවම සූදානම් නැති එකම දෙය තමයි මුදල්. මෙහෙව් දියණියක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක් වැයකරගන්න බැරි රටක නම් අප සිටිනේනේ......?
ඇත්තමයි. ඇය රටක් වටින දියණියක්. ඇය අපව හමුවන්න ඇවිත් තිබුණේ වෛද්‍ය සහතික විතරක් නෙමෙයි. ඇගේ දක්ෂතාවලට ලැබුණු සහතික ගොන්නත් මාධවී අරන් ඇවිත් තිබුණා. චිත්‍ර, නැටුම්, අත්අකුරු, නිවේදනය, නාට්‍ය, ගද්‍ය රචනා.... අංශ ගණනාවකින් ඇය දිනූ ඒ සහතික ගොනුව මගෙන් නිහඬව ඉල්ලුවේ 'මේ දක්ෂ කෙල්ලව පරිස්සම් කරගන්න' කියලයි.
'ඒ දවස්වල මගෙ අම්මට පිළිකාවක් හැදිලා තිබුණා. මම අම්මව බේරගන්න බොහොම මහන්සි වුණා. ඒ නිසා ඉස්කෝලෙ හතර වසරෙ වගේ ඉඳලා මට මෙයාගෙ ඉගෙන ගන්න කටයුතු ගැන හොයලා බලන්න පුළුවන් වුණේ නැහැ. ඒත් මේ දරුවා තමන්ගේ උත්සාහයෙන් ඉගෙනගෙන ශිෂ්‍යත්වෙ පාස් වුණා. මෙයා පුදුම අධිශ්ඨානශීලී දරුවෙක්. සාමාන්‍ය පෙළ විභාගයෙන් 'ඒ' 9ක් ගන්න එකමයි එයාගෙ ඉලක්කය වුණේ. ශිෂ්‍යත්ව විභාගයේදී එයාට දෙන්න බැරිවුණ සහයෝගය දීලා දුවගේ ඒ ඉලක්කයට යන්න උපකාර කරන්න පුළුවන් කාලය එනකොට මේ අසනීපෙ ආවා'
මෙහෙම කියන මාධවීගේ මව ශ්‍රියානි එදා තම මව බේරාගැනීමට ජීවිතය කැප කළා. අද මවක් ලෙස ඇය ජීවිතය කැප කරන්නේ තම දියණිය බේරාගන්න. අනේ ඇය (ශ්‍රියානි) මොන තරම් වටිනා දියණියක්ද. මොන තරම් වටිනා මවක්ද. ඇය වැන්නියක් අසරණව සිටිනවා අපි කොහොම නම් බලාගෙන සිටින්නද? ශ්‍රියානි නම් ඒ මවටත්, මාධවී නම් මේ දුවටත් මේ කියවන ඔබත්, සටහන තබන අපත් තරම් වෙනත් සරණක් තිබේවිද?
මුළු ලුම්බිණි විද්‍යාලයම මාධවීව පරෙස්සම් කරගන්න වෙහෙසෙනවලු. ඒ මාධවීගේ වටිනාකම ඉස්කෝලෙට උපරිමයෙන් දැනෙන නිසා බව සහතිකයි. තවත් කිහිප දෙනෙක් තමන්ගේ පුළුවන්කමින් උපකාර කරන්න පොරොන්දු වෙලාලු. ඒත් මේ සටහන තබන මොහොත වන විටත් ඒ ඔක්කොම වගේ 'බලාපොරොත්තු' විතරයි. මේ බලාපොරොත්තු ගැන අහස උසට විශ්වාසය තබාගෙන මාධවී අනිද්දට (අඟහරුවාදාට) රෝහලට ඇතුළත් වේවි. අනිද්දා හොඳ දවසක්. පෝය දවස.ඒ පින්බර දවසේ, මේ පිංවන්ත කෙල්ලට, පිංවන්ත ඔබේ කරුණාව ලැබෙන බව අපට හොඳටම විශ්වාසයි. අපි අපේ පාඨක ඔබ ගැන හොඳටම දන්නවා. අපි මේ වගේ ඉල්ලීමක් කරපු කිසිම විටක ඔබ අහක බැලුවේ නැහැ. පුළුවන් උපරිමය කළා. ඔබ අපි එකතුවෙලා කන් නෑසුනු, ඒ නිසා කථා කරගන්න බැරිව උන්නු අහිංසකයන්ට කන් ඇහෙන්න දීලා 'අම්මා' කියන වචනය කියෙව්වා. පාරට වැටෙන්න හිටපු මිනිස්සුන්ට ගෙවල් හදල දුන්නා විතරක් නෙමෙයි ඒ ගෙවල් බඩු මුට්ටු වලිනුත් පිරෙව්වා. කිරි පිටි ටික ගන්න සල්ලි ටික නැතිව උන් අසරණ දෙමව්පියන්ගේ ජීවිත වලට කිරි ඉතිරෙව්වා. අම්මා අප්පා අකාලයේ මියගිහින් අන්තෙට අසරණ වෙලා උන්නු දරුවන්ට අනාගතයම ස්ථාවර කළා. මාධවී වගේම මොලේ සැත්කම් කළ යුතු දුවෙකුට (පියුමලී බස්නායක) ඒ සැත්කමට ඕනි මුදල් සේරම සොයාදීලා ඒ දරුවා පැය 24 ම පීඩා වින්ද හිසේ කැක්කුමෙන් එයාව බේරාගත්තා. ඇගේ ඇහේ පෙනුම රැකදුන්නා.
මේ සටහන තබන්න පැය 24 කට කලින් පියුමලීව අපට කැකිරාවෙදි මුණගැසුණා. එදා පියුමිගෙ මොලේ සැත්කම කරපු සුනිල් පෙරේරා මහතාගේ අනුහසින් අද ඇය අපූරුවට සිටිනවා. අපි පියුමි දිහා බලලා මහා සතුටක් වින්දා. අද අපට ආයෙත් ඒවගේම මෙහෙයුමක් පටන්ගන්න වුණා. ඒත් අද පටන් ගත්ත මෙය ඉතා ක්ෂණික මෙහෙයුමක්. ඉක්මනින්ම මුදල් හොයන්න වෙලා. අපි කියන කථාවලට සංවේදී වෙලා ජීවිත ගණනාවක්, අනාගත රැසක් ගොඩදාපු ඔබ ප්‍රමාද නොවෙන බව අපට හොඳටම විශ්වාසයි. කමක් නෑ කාලය ටිකක් ගෙවුණත්. මොකද මාධවී රෝහල්ගතවෙලා සිටින අතරේ වුණත් ඔබගෙන් ලැබෙන කරුණාව ඒ අසරණ අහිංසක දෙමාපියන්ට මහා ශක්තියක් වේවි.
මාධවී දුවේ. අනේ ඔයා අසරණ නැහැ. ඔයා අපේ දරුවෙක්. රටක් වටිනා මිනිස්සු සිය දහසක් ඔයාට උදව් කරාවී. රටට වටින ඔයාව ඒ අය බේරගනීවී. මේ පාර විභාගය ගන්න බැරිවුණාට කමක් නැහැ. අපි සනීපවෙලා ඊළඟ අවුරුද්දේ 'ඒ' 9 ගනිමු දුවේ. ඔය අහිංසක, සුන්දර, අව්‍යාජ හිනාව අපි ඔයාට පරිස්සම් කරලා දෙනවා. ඒ හිනාව අකාලයේ මැලවෙන්න ඕනෙ හිනාවක් නෙවෙයි දුවේ.....
මාධවීට උපකාර කරන්නේ නම්
ගිණුම් අංක 70505042 එන්. සිරිල් (පියා) ලංකා බැංකුව, රත්නපුර
8760027259 ශ්‍රියානි මතුගම ලියනගේ (මව) කොමර්ෂල් බැංකුව, හොරණ
දුරකථන අංක 0778254477, 0775423894.
ඉන්ද්‍රජිත් සුබසිංහ
[email protected]
ඡායා - නිශාන් එස් ප්‍රියන්ත