ඔලිම්පික් කමිටුවේ සභාපති

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔලිම්පික් කමිටුවේ සභාපති

14080002_1034317836666750_8421430896961348106_n.jpg


ඔලිම්පික් හමාරවී සුපුරුදු ලෙස ඩියුටි ෆ්‍රී බඩු අතින් කටින් රැගෙන එන අපේ නිලධාරීන් හතලිස් ගනන, හිස් අතින් එන ක්‍රීඩයන් නව දෙනා විසින් බඩු බාහිරාදිය සමග පරෙස්සමින් ඔවුන්ගේ ගෙවල් හතලිස් ගනනට ඇරලනු ඇතැයි බලාපොරොත්තු වෙමින්...

අපිට ඔලිම්පික් පදක්කම් නැතැත් දැන් අවු. විස්සක් - විසිපහක් දිගටම ඉන්න ඔලිම්පික් කමිටුවේ සභාපති කෙනෙක් නම් අපට ඇත..

කොටින්ම ඔලිම්පික් කිව්වොත් හේමසිරි ය..

සාමාන්‍යයෙන් පසුබෑම් සමග නිලධාරීන් පවා වෙනස් වීම , ඔලිම්පික් පදක්කම් දිනන රටවල සාර්ථකත්වයට හේතුවයි..

ඒත් මේ හෙමසිරි ප්‍රනාන්දු නම් කුමන රජයෙන් ආවත් ඔලිම්පික් කමිටුවේ සභාපති ය.. අමාත්‍යාංශ ලේකම් ය.. බැංකු සභාපති ය.

ආන්ඩු වලින් ගන්න පඩියට අමතරව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා කෙලින්ම මුදල් එන්නේ ඔහුටය.. ඊට අමතරව බිස්න්ස් ව්‍යාපාර හිමිකරුවෙකි..

තාමත් ඇඟේ ශක්තිය ඇති, වාර්තාගත පදක්කම් දිනූ සාර්ථකත්වයේ ඉහලින්ම ඉන්න පෙල්ප්ස් සහ බෝල්ට් පවා විශ්‍රාම ගන්නා බව පවසා ඇති කලෙක, අවුරුදු විස්සටම එක් පදක්කමක් පමනක් දිනා ඇති ඔලිම්පික් සභාපති දැන්වත් එලවලා දාන්න එදා මෙදා තුර සිටි ක්‍රීඩා ඇමතිලාට බැරි වීම නම් අවාසනාවකි..

හේමසිරි .. දැන් හම්බකරා ඇති..
සීයුස් දෙයියන්ගේ නාමෙන් දැන් වත් තෝ පල..!!

 

Similar threads