ඔලුබක්කො, තොරන්, කූඩු නැතුව මොන වෙසක් ද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔලුබක්කො, තොරන්, කූඩු නැතුව මොන වෙසක් ද?

    3527193512_bdcc99acfe.jpg


    බොහෝ දෙනෙක් මේ දවස් වල කියනවා දන්සල්, තොරන්, කූඩු, වෙස් මුණු නැතුව මොන වෙසක් ද කියලා. අපි බලමු මුලින් ම වෙසක් කියන්නෙ මොකද්ද කියලා. සිදුහත් කුමරුගේ උත්පත්තිය, ගෞතම බුදුන් බුද්ධත්වය ට පත් වීම, ගෞතම බුදුන්ගේ නිර්වාණය සිදු වෙලා තියෙන්නෙ වෙසක් මස පුර පසලොස්වක දිනයේ. අන්න ඒ දිනය ලොව පුරා ඉන්න බෞද්ධයන් විවිධ පුජෝපහාර කරමින් සමරණවා. නමුත් බුදුන් වහන්සේ සැබැවටම අගය කලේ ආමිසයට වඩා ප්‍රතිපත්තිමය පූජාවයි. නමුත් අද සිද්‍ද වෙන්නෙම ආමිස පූජාවමයි.

    බොහෝ පන්සල් වල ප්‍රතිපත්තිමය පූජාවක් වශයෙන් සංවිධානය වෙන්නෙ සීල සමාදාන වැඩසටහනක් පමණයි. සිල් පද අටක් රකිමින් කරන ඒ ප්‍රතිපත්ති පූජාව සැබෑව‍ටම ප්‍රතිපත්ති පූජාවක් වන්නේ කොහොමද? එදාට වැඩම කරන හාමුදුරුවරු කියන බණ ලෞකික ජීවිතය ගත කරන හැටි කන බොන හැටි අඳින පළඳින හැටි නම් ඒක සැබෑවටම නිවන කරා යොමු වන ප්‍රතිපත්තිමය පූජාවක් වෙන්නෙ නැහැ. අවම වශයෙන් එදාට වත් තමන් රකින සීලය ගැන අවබෝධයකින් කටයුතු කරන්නට පුරුදු කරන බණක් කියනවා නම් ඉතාමත් සුදුසුයි. සීලය තුල පුහුණු කරන්නේ මූලිකවම අත් හැරීමයි. නමුත් ඔබ සිල් ගන්නට කියලා පන්සලට ඇවිල්ලා ඔබේ සිත තියෙන්නේ ජංගම දුරකතනයේ හෝ ගෙදර පරිඝණක‍යේ හෝ වෙනත් පුද්ගලයෙකු ළඟ නම් ඔබ ප්‍රතිපත්තිමය පූජාවක් සිදු කරන බව පිටින් පෙන්නුවත් සත්‍ය වශයෙන්ම එයත් හුදු ආමිස පූජාවක්ම පමණයි. කෙටියෙන්ම කියනවා නම් මලක් පහනක් පූජා කරනවා වගේ, ඔබ ඉඳගෙන එක ඉරියව්වක ඉඳගෙන සිටීමේ පූජාවක් කරනවා. ඒත් ඔබේ මනස සිල් ගැනීමේ ප්‍රතිඵල අත් කරගන්නෙ නැහැ.

    බොහෝ දෙනෙක් කියන ප්‍රශ්ණයක් තමයි, "කොහෙද අනේ ඔය සිල් ගන්න පැය ගණන් වෙලාව තියෙන්"නෙ කියලා. සිල් ගන්න වෙලාවක් අවශ්‍යය ද කියන එක ඔබට ඉදිරියේ දී පැහැදිලි කරන්නම්.

    අපි අට සිල් වලිනුත් සරල වෙලා පන්සිල් වලට යොමු වෙමු, පංච ශීලය කියන්නෙ ඔබට එදිනෙදා කරන කටයුතු වලදී පවා ආරක්ෂා කිරීමට හැකි ශීලයක්. ඒකට වෙනම වෙලාවක් වෙන් කරගැනීම අවශ්‍යය නැහැ. පන්සිල් රැකීම ඇත්තටම ඔය කියන තරමටම නිර්වාණයට අදාල ප්‍රතිපත්ති පූජාවක් ද?

    අපි උදාහරණයක් ගමු,

    ඔබව මදුරුවෙක් කනවා, ඔබට මදුරුවව මරන්නම හිතෙනවා නමුත් ඔබ මදුරුවා මරනව ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔබට ආපු ඒ හැඟීමේ ඔබට පාලනය කරන්න පුලුවන් ද බැරිද කියන එක අනුවයි. ඔබට ඒ එන සිතිවිල්ල පාලනය කරලා මදුරුවා මරන එක නවත්තගන්න පුලුවන් කියන්නෙ ඔබ ඒ හැඟීම අත් හරිනවා.

    ඔබ දකිනවා පාරේ යන මනුස්සයෙක්ගෙන් රුපියල් 2000ක් බිම වැටෙනවා. ඔබ ඒක අහුලලා දෙනවාද නැත්තන් නිශ්ෂබ්දව ඉඳලා අහුලලා සාක්කුවෙ දාගන්නවා ද කියලා තිරණය වෙන්නෙ ඔබට ඒ මුදලට ඇති ආශාව සමහ ආපු සිතිවිල්ල අත් හරින්න පුලුවන් ද කියන එක මතයි. ඔබට පුලුවන් නම් කතා කරලා කියන්න මෙන්න සල්ලි බිම වැටිලා කියලා ඔබ ඒ 2000 මනසින් අත් හැරියා. ඒ 2000 අරගෙන කරන්න පුලුවන් කියලා හිතට ආපු ආශාවල් අත් හැරියා.

    ඔබට හිතෙනවා ඔබේ බිරිදගේ මිතුරියක් සමඟ හාද වෙන්න. නමුත් ඔබට පුලුවන් නම් ඒ හැඟීම පාලනය කරන්න ඔබ තුල බිරිඳගේ මිතුරිය ගැන ඇති උන ආශාව ඔබ අත් හරිනවා.

    මේ ආදී වශයෙන් පංච ශීලය ආරක්ෂා කිරීම තුල නිතැතින් ම ඔබව අත් හැරීමට පුරුදු කරනවා. අත් හැරීම කියන්නෙ භෞතික වශයෙන් තමා සතු දෑ අත් හැරීම ලෙසයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ, නමුත් බුදු දහමේ කියා දෙන අත් හැරීම යනු භෞතික සම්පත් කෙරෙහි ඇති ආශාවන් මනසින් අත්හැරීමයි. බුදු රජාණන් වහන්සේ පවා මෙය සංසාරය තුල ක්‍රමයෙන් පුරුදු කළ අයෙක්.

    ඔබ රැස් කරගන්නට වඩා කැමති පින් වුවත් වඩා වැදගත් වන්නේ කුසලයයි. පින කියන්නෙ මාසික වැටුපක් නම්, කුසලය කියන්නෙ රැකියාවයි. රැකියාව ඇත් නම් වැටුප තියෙයි. රැකියාව කියන්නෙ වැටුප් ඉපයීමට ඇති හැකියාවයි.

    ඉතින් ඔබම හිතන්න මෙයට ඔබේ කාලයෙන් අමතර ප්‍රමාණයක් වැය කරන්නට අවශ්‍යය නැහැ. එදිනෙදා වැඩ කටයුතු කිරීමේ දී හොඳ දේ කරන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න, එවිට ඔබට සම්මතයට පටහැනී දෑ අත් හරින්නට සිදු වේවි අන්න එය ඔබව නිරන්තරයෙන් ම ඔබට නොදැනීම "මනසින් අත්හැරීම" ට පුරුදු කරාවි. හිතන්න , අපි මේ පාරත් වෙසක් සමරන්නෙ ඔලුබක්කො නටල ද? එසේත් නැත්තම් බුද්ධිමත් ලෙස බුදු දහම අවබෝධ කරගෙන අත් හැරීමට මනස පුරුදු කිරීමෙන් ද? තීරණය ඔබේ අතේ...

    මුල් ලිපිය >> www.himakalhara.info
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    වෙසක් දවසේ දන්සල් නවත්තන එකට නම් මම කැමති නෑ....

    ඔලුබක්කො වගේ විකාර කරලා බුදු හාමුදුරුවන්ට අපහාස කරනවටත් මම විරුද්දයි. වෙසක් කියන්නේ
    Halloween නෙමෙයි!!!!

     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඔලුබක්කෝ, හොල්මන් මන්දිර වගේ දේවල් නතර කරනවට මමත් එකඟයි. ඒ වගේ විකාර වෙසක් වගේ උත්සවයකට ගැලපෙන්නේ නෑ.
    ඒත් වෙසක් දන්සැල්, තොරන්, කූඩු නම් නැතිව වෙසක් උත්සවේ සර්ව සම්පූර්ණයෙන් සමරන්න බෑ කියල තමා මට හිතෙන්නේ.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    වෙසක් දවසේ දන්සල් නවත්තන එකට නම් මම කැමති නෑ....

    ඔලුබක්කො වගේ විකාර කරලා බුදු හාමුදුරුවන්ට අපහාස කරනවටත් මම විරුද්දයි. වෙසක් කියන්නේ
    Halloween නෙමෙයි!!!!


    :yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක හරි ඒත් මට තියෙන ප්‍රශ්නේ මිනිස්සු මේ තරම් කල් ඕවා වෙසක් එකට කරානේ.දැන්ද ඕවා ඔය නවත්තන්න හදන අයට පෙනිලා තියෙන්නේ.:confused:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ප්‍රමාද වෙලා උනත් අරගත්තු පියවර හොඳයි. වෙසක් දවසෙ ඔය වගේ දේවල් නැතුව පන්සල් ගිහින් පිනක් දහමක් කරගත්තා නම් හරිනෙ. වෙසක් දවසෙ බීලා සිගරට් එක කටේ ගහන් පාරේ රස්තියාදු ගහන එකෙන් කෙල්ලොන්ට කරදර කරන එකෙන් වෙසක් උත්සවය සම්පූර්ණ වෙනවා කියලා හිතනවා නම් ඒක වැරදියි. කොළඹ තදාසන්න ප්‍රදේශ වල වෙසක් බලන්න කියලා එන්නෙ බහුතරයක් බෞද්ධයො නෙමෙයි ඒ අයට අපේ දේ ගැන තැකීමක් නැහැ. ඒ අයට පේන්නෙ නිකන් කන්න දෙන එක විතරයි.

    25 ඉඳලා දන්සල් කූඩු තොරන් පුලුවන්නෙ. පෝය දවසට බජවු දාගෙන අපහාස නොකර ඊට පස්සෙ ඒවා කරගත්තා නම් වෙසක් දිනය දැහැමිව ගත කරලා වෙසක් උත්සවයත් හොඳට සමරන්න පුලුවනි. මම නම් හිතන්නෙ බුද්ධිමත් තීරණයක්.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ප්‍රමාද වෙලා උනත් අරගත්තු පියවර හොඳයි. වෙසක් දවසෙ ඔය වගේ දේවල් නැතුව පන්සල් ගිහින් පිනක් දහමක් කරගත්තා නම් හරිනෙ. වෙසක් දවසෙ බීලා සිගරට් එක කටේ ගහන් පාරේ රස්තියාදු ගහන එකෙන් කෙල්ලොන්ට කරදර කරන එකෙන් වෙසක් උත්සවය සම්පූර්ණ වෙනවා කියලා හිතනවා නම් ඒක වැරදියි. කොළඹ තදාසන්න ප්‍රදේශ වල වෙසක් බලන්න කියලා එන්නෙ බහුතරයක් බෞද්ධයො නෙමෙයි ඒ අයට අපේ දේ ගැන තැකීමක් නැහැ. ඒ අයට පේන්නෙ නිකන් කන්න දෙන එක විතරයි.

    25 ඉඳලා දන්සල් කූඩු තොරන් පුලුවන්නෙ. පෝය දවසට බජවු දාගෙන අපහාස නොකර ඊට පස්සෙ ඒවා කරගත්තා නම් වෙසක් දිනය දැහැමිව ගත කරලා වෙසක් උත්සවයත් හොඳට සමරන්න පුලුවනි. මම නම් හිතන්නෙ බුද්ධිමත් තීරණයක්.


    100% true bro good Post
    Rep added