ඔලු දෙකේ සුනඛයා - විස්මිත රුසියාව

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ඔලු දෙකේ සුනඛයා - විස්මිත රුසියාව

    ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ ආයෙත් නූලක් අමුනන්න හිතුන. ටිකක් අමුතු ඇඟ කිලි පොලා යන දෙයක් ගැන තමයි කියන්න හදන්නෙ. දැන් කට්ටිය හිතනව ඇති මේ ඉතින් ඔලු දෙකක් එක්ක ඉපදෙච්ච බල්ලෙක්, මේකෙ මොනවද අලුත් දෙයක් කියල. ඔහොම හරකෙක් ගැන ලංකාවෙනුත් වාර්තා උනා මට මතකයි.

    හැබැයි මේ කියන්නේ සොබාදහමේ නිර්මානයක් හෝ විකෘති බවක් ගැන නම් නෙවෙයි.ඇත්තටම මිනිසුන් එකතුවෙලා කරපු නිර්මානයක් ගැන. මම මේක ගැන මුලින්ම දැක්කේ National Geographic Channel එකේ යනකොට.

    මේක කරල තියෙන්නේ සොවියට් රුසියාවෙ හිටපු කෙනෙක්. ඒ කියන්නෙ පරණ රුසියාව. අර ඇමරිකාවෙ මාමල එකතුවෙලා යහපාලයන ගෙනාවෙ ඒ සෝවියට් රුසියාවට තමයි. කොහොම හරි මේක සිද්ද උනේ ගොඩක් ඉස්සර. 1959 අවුරුද්දෙ තමයි මේ පරීක්ෂණය කරල තියෙන්නේ.

    මේක කරන්න මූලික වෙලා තියෙන්නෙ ව්ලැඩිමීර් ඩෙමිකෝ(Vladimir Demikhov) කියන සෝවියට් විද්‍යාඥය. ඔය පහල ඉන්නෙ ඒ හාදය තමයි.
    hqdefault.jpg


    එයා අවයව බද්ධ කිරීම ගැන නම් දාරපු කෙනෙක්. මෙයා හොඳම වැඩ පෙන්නල තියෙන්නෙ 1930 ඉඳන් 1959 වගේ කාලෙදි. මේයා මුලින්ම 1934 දී කෘතිම හදවතක් නිර්මාණය කරනව.

    0.jpg


    ඒ කෘතිම හදවත පාවිච්චි කරල සෑහෙන්න පරීක්ෂණ එයා කරනව. ඒ පරීක්ෂණ වලින් එයා ඉගෙන ගන්න දේවල් වලින් එයාට හිතෙනව අවයව බද්ද කරන්න. එහෙම පරීක්ෂණ කීපයක්ම එයා කරනව. ඒ වලින් ගත්ත අත්දැකීම් වලින් තමයි එයා මේ වැඩේ කරන්නෙ.

    එයා මේකට බල්ලො දෙන්නෙක් පාවිච්චි කරනව. එක්කෙනෙක් පොඩි බැල්ලියක්. උගේ නම තමයි ශැව්කා. අනිත් බල්ල ටිකක් ලොකු එකෙක්. ඌට දාල තිබ්බ නම තමයි බ්‍රොඩ්යාගා. මේ ලොකු බල්ලගෙ ඇඟට තමයි අර පොඩි බල්ලගෙ බාගයක් බද්ද කලේ. මේ පහල තියෙන්නෙ එහෙම බද්දකරන වෙලේ ගත්ත පින්තූරයක්.

    1430860076406436.jpg


    කොහොම හරි මේ පරීක්ෂණය ගොඩක් සාර්තක වෙනව. මේ බල්ලො දෙන්නම තමන්ගෙ සාමාන්‍ය හැසිරීම් පෙන්නනව. ඔතනින් පොඩි බල්ල ටිකක් ආක්‍රමණකාරී හැසිරීමක් තිබ්බලු. මේ ඉතින් සාර්තකයි කියල කිව්වට ඉතින් එහෙමම නැහැ. ටික දවසකින් උන් දෙන්නම මැරුනලු. ඒත් ඉතින් ඒ ටික දවසෙ හරි මුන් දෙන්න ඉඳල තියනව.

    1430860254712809.jpg


    ඔය උඩ තියන පින්තුරෙ අරගෙන තියෙන්නෙ මේ වැඩෙන් පස්සෙ. ඔය පල්ලෙහ තියන පින්තුරෙ තවත් හොඳ අවස්තාවක්. ඒ තමයි බ්‍රොඩ්යාගා වතුර බොනව. මේ වගේ දෙවල් නිසා තමයි මේක සාර්තක උනා කිව්වෙ.

    143086029064789.jpg


    යන්න කලින් ඔය පල්ලෙහා තියන වීඩියෝ එකත් බලලම යන්න. ආ නිකන් යන්න එපා හොඳේ. REP දීලම යන්නකෝ..



    REP ඕන හොඳේ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූව මරාගෙන කන්න එපෑය බං.. සක්කිලි වැඩක් කරල තියෙන්නෙ..:frown:
    අදටත් ඔය දේවල් සිද්ධ වෙනවා බං.. උන්ගෙ සොයාගැනීම් අත්හදා බලන්න සත්තු කොච්චරක් ගන්නවද.. පව් වැඩේ.. උන්ට දස වස දෙනවා..:(

    REP 33+
     

    blue_in_rio

    Well-known member
  • ඔය වැඩේ කරපු වේස ඩොකාගේ බිජ්ජ කපලා ඒ වෙනුවට එතනට අලියෙක්ගේ හොඬ්වැලක් හයි කරන්න ඕනි!!!!!!:frown:

    මූව මරාගෙන කන්න එපෑය බං.. සක්කිලි වැඩක් කරල තියෙන්නෙ..:frown:
    අදටත් ඔය දේවල් සිද්ධ වෙනවා බං.. උන්ගෙ සොයාගැනීම් අත්හදා බලන්න සත්තු කොච්චරක් ගන්නවද.. පව් වැඩේ.. උන්ට දස වස දෙනවා..:(

    REP 33+

    සිරාවට බන්, මහ කැත වැඩ.මේක දැක්කම මට අපේ ජේසොන් කාරයව මතක් වෙන්නේ ඇයි කියලා කවුරු හරි කියපල්ලකෝ :eek::eek:

    බම්ප් කරන්න එපා මචන් :(:(
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    වැඩේ කැත උනාට , ඔය වගේ පරිකෂණ කිසා තමා නේ වෛයියද විදයාව දියුනු වෙලා තියෙන්නේ හා නැද්ද....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට බන්, මහ කැත වැඩ.මේක දැක්කම මට අපේ ජේසොන් කාරයව මතක් වෙන්නේ ඇයි කියලා කවුරු හරි කියපල්ලකෝ :eek::eek:

    බම්ප් කරන්න එපා මචන් :(:(
    ඌ බල්ලෙක්ගෙ ඇවටා එකක් දාන් ඉන්න නිසා වෙන්න ඇති..:(
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මේ වගේම එකක් මේ ලඟදිත් ඇමරිකාවෙ කරල තියන්වලු මචන්ලා.. මම හරියට ඒක ගැන කියෙව්වෙ නම් නැහැ. අනික මේ වගේ පරීක්ෂණ නාසීන් කරල තියනවලු යුදෙව් ජාතිකයින් යොදා ගෙන.