ඔවුන්ට අපි ආශා කරන්නේ ඇයි?

obama2

Member
Apr 18, 2012
424
30
0
ඔවුන්ට අපි ආශා කරන්නේ ඇයි?

ඔවුන්ට අපි ආශා කරන්නේ ඇයි?

Posted: 10:42 pm, January 6, 2014
1465184_215444891970624_985173440_n-511x320.jpg

එච්.ආර් ජෝතිපාල ගේ කනත්තේ පැවති ප්‍රසිද්ධ අවමගුලට පසුව සිංහල දේශපාලනයට ජනප්‍රිය මිනිසුන් අවශ්‍ය විය. විජය කුමාර තුංරණතුංගගෙන් පටන් ගත් එම රැල්ල මේ වන විට නදීෂා හේමමාලි,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දක්වා දිගුවිය. ජනප්‍රිය මිනිසුන් අපට අවශ්‍ය ඇයි?

ලංකාවේ ද ජනප්‍රිය වූ “THE KARATE KID” නම් ච්ත්‍රපටය අපි නොසිතන දෙයක් කියා දෙයි. ඩැනියල් නම් චරිතය කරාතේ ක්‍රීඩාව ඉගෙන ගැනීමට ආසියාතිකයෙකු වූ මියැගි මහතා ලගට යයි. නමුත් ගුරුවරයා කරාතේ උගන්වන්නේ අමුතු ආකාරයකටයි. ගුරුවරයා බොහෝ විට කරාතේ ඉගැන්වීම වෙනුවට තමන්ගේ මෝටර් රථය සෝදන්න කියයි. එසේත් නැත්නම් වත්ත සුද්ද කර ගනියි. ගුරුවරයාට අනුව ඔහු ඩැනියල් ට මේ සියල්ල හරහා උගන්වන්නේ කරාතේ ක්‍රීඩාවයි. නමුත් ඒ ගැන ඩැනියල්ට වැටහීමක් නැත. ටික කලක් යන විට ඩැනියල්ට වැටහෙන්නේ තමා ගුරුවරයා වෙනුවෙන් සේවය කරන්නේ ඔහුට ඇති ආදාරයකට නොව තමන්ට කරාතේ උගත යුතු නිසා බවයි.

ඉහත ජනප්‍රිය ච්ත්‍රපට උදාහරණය හරහා අපට වටහා ගත හැකි කරුණ වන්නේ දැනුම සම්ප්‍රෙක්ෂණය කළ හැකි බවයි. සරලව කිව්වොත් ඩැනියල්ට තම කරාතේ ගුරුවරයා හරහා ආපසු ලැබෙන්නේ තමන් ගැනම වූ දැනුමක්, හැබැයි කණපිට පෙරලල. කෙනෙකුට තමන්ගේ පණිවිඩය ආපසු ලැබෙන්නේ කණපිට හැරීමෙන් පසුවය. උදාහරණයක් වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් විජය කුමාරණතුංගට ආශා කරන ලද්දේ ඔහු අතිශය ජනප්‍රිය නළුවෙක් නිසා බවට වූ ජනප්‍රවාදයක් අප රටේ පවතියි. නමුත් ඇත්ත තත්ත්වය වන්නේ ‘විජය’යනු චන්ද්‍රිකා ගේ ආශාව ඇයට යළිත් කණපිට හැරී ලැබීමයි. චන්ද්‍රිකා අවිඥාණකව විජය හරහා අනුමාන කරන ලද්දේ චපල ස්වාමිපුරුෂයෙකි. ඩැනියල් සේම ඇයත් විජය වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කරන ලදි. නමුත් ඇය ඔහුගෙන් අවිඥාණකව බලාපොරොත්තු වුයේ ඇයව කණගාටුවට,කරදරයට,හිංසනයට පත් කරන සැමියෙකි. ඇත්තටම ඇයට එම තත්ත්වය විජය ගෙන් පසුව ආරෝපණය විය. ඇය ඔහු හරහා ඇගේ ජීවිතය යනු අවුල් ජාලාවක් බව වටහා ගත්තාය. එය ඇගේ පණිවිඩය ඇයටම කණපිට හැරී තැපෑලෙන් ලැබීමකි. මගේම එක අර්ධයක් යළිත් ලිපියක් මෙන් මගේ නිවසට තැපෑලෙන් ආ විට ඒ ‘මම’ යැයි මටවත් වටහා ගත නොහැක.

ජනප්‍රිය සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට අප ආශා කරන්නේ මන්ද? නිසැක වශයෙන්ම මට එවැන්නකු මුණ ගැසීමෙන් අනතුරුව අවසානයේ හමු වන්නේ දුකට පත් වූ මමම මිස අදාල ජනප්‍රිය පුද්ගලයා නොවේ. ඔවුන් අපට උගන්වන්නේ අපගේම ආශාව ගැනය. අප එය පිළිගැනීමට සූදානම් ද?

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
 
  • Like
Reactions: hacker T

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    Therune ne :(

    මට නං යංතං වගේ තේරැණා.ඒක පැහැදිලි කරන්න පුලුවන් වෙයිද දන්නේ නැ.මට තේරැනු ටික කියන්නනම් වැරදුනොත් කින්ඩිය දාන්නේ එහෙම නැ ඔන්න

    අපි සවිඥාණකව දකින දෙයි අවිඥානිකව බලාපොරොත්තු වෙන දෙයි අතර විශාල පරස්පරයක් තියෙනවා.සවිඥානිකව අපි සමහර වට කවදාවත් පිලි ගන්නෙත් නැ ඒ අපේම අවිඥානික ආශාවක් කියලා.
    එතකොට අපි කාටත් පේන දේ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක විජයව බැන්දේ ජනප්රිය හා ලස්සන නිසා කියලා.නමුත් චන්ද්‍රිකාගේ අවිඥානික ආශාව උනේ තමන්ව රිදවන විදවන්න ඉඩ හදලා දෙන තමන් සමග වගේම වෙනත් ගැහැනුන් සමග නිදියන ඒ නිසාම තමන් නොසතුටට පත් කරන සැමියෙක්...ඒ නිසා තමන් ජිවිතේ වැඩි කාලයක් වේදනාවක් විදිනවා.එය වේදනාවක් ලෙස පෙනුනත් ඇය ඉන් ලබන්නේ වේදනාත්මක සතුටකි....

    එය ඇය අපේක්ෂා කල දෙයයි ඇයද නොදැනුවත්ව...

    ඔන්න ඔය වගේ දෙයක් තමයි මට තේරැනේ මගේ අදහස හරියටම ගලපා ගන්න අමාරැයි
     
    blue_in_rio

    Well-known member
  • මට නං යංතං වගේ තේරැණා.ඒක පැහැදිලි කරන්න පුලුවන් වෙයිද දන්නේ නැ.මට තේරැනු ටික කියන්නනම් වැරදුනොත් කින්ඩිය දාන්නේ එහෙම නැ ඔන්න

    අපි සවිඥාණකව දකින දෙයි අවිඥානිකව බලාපොරොත්තු වෙන දෙයි අතර විශාල පරස්පරයක් තියෙනවා.සවිඥානිකව අපි සමහර වට කවදාවත් පිලි ගන්නෙත් නැ ඒ අපේම අවිඥානික ආශාවක් කියලා.
    එතකොට අපි කාටත් පේන දේ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක විජයව බැන්දේ ජනප්රිය හා ලස්සන නිසා කියලා.නමුත් චන්ද්‍රිකාගේ අවිඥානික ආශාව උනේ තමන්ව රිදවන විදවන්න ඉඩ හදලා දෙන තමන් සමග වගේම වෙනත් ගැහැනුන් සමග නිදියන ඒ නිසාම තමන් නොසතුටට පත් කරන සැමියෙක්...ඒ නිසා තමන් ජිවිතේ වැඩි කාලයක් වේදනාවක් විදිනවා.එය වේදනාවක් ලෙස පෙනුනත් ඇය ඉන් ලබන්නේ වේදනාත්මක සතුටකි....

    එය ඇය අපේක්ෂා කල දෙයයි ඇයද නොදැනුවත්ව...

    ඔන්න ඔය වගේ දෙයක් තමයි මට තේරැනේ මගේ අදහස හරියටම ගලපා ගන්න අමාරැයි

    :eek::eek::baffled::baffled: