ඔවුහු නොසිතන තැනක මහා නගර තැනූහ. දැවැන්ත ශ&#35

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    Amazonian Civilization: ඔවුහු නොසිතන තැනක මහා නගර තැනූහ.

    උපුටා ගැනීමකි....

    Question:
    ජීවත් වෙන්නට අසීරු පරිසරයක හුන් මෙම ජන කොටස කොහෙත්ම වගා කළ නොහැකි එම බිමෙහි සෞභාග්‍යමත් ශිෂ්ටාචාරයක් බිහි කිරීම සඳහා විශේෂ පාංශු වර්ගයක් භාවිතා කරන ලදී. අවට කොහෙවත් නැති ඒ පාංශු ඔවුන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඒවායේ ශක්‍යතාවය කෙතරම්ද යත් වර්තමාන මිනිස්සු ඒවා හාරා පොහොර ලෙස විකුණති.

    මේ හැකියාව නිසා ඔවුහු නොසිතන තැනක මහා නගර තැනූහ. දැවැන්ත ශිෂ්ටාචාරයක් බිහි කළහ. එහෙත් ක්ෂණයකින් සියල්ල නැති වී ගියේය. පසුකාලීනව ඔවුන් සොයා ගිය බොහෝ දෙනෙකුට අත්වූයේ කනගාටුදායක ඉරණමකි.

    1. හරියටම තවම නමක් නැති මේ ප්‍රජාව කවුද?

    2. ඔවුන්ට සිද්ධ වූ බවට පිළි ගැනේන්නේ කුමක්ද?

    3. ඔවුන්ගෙන් ශේෂ වූ ප්‍රජාව ලෙස සැලකෙන්නේ කවුද?

    4. ඔවුන් අපට ඉතිරි කර ගිය අදටත් විද්‍යාගාරයක තනා ගන්න බැරිව දඟලන විශ්මය දනවන පාංශු වර්ගය කුමක්ද?


    Short Answer:
    1 -amazonian civilization
    2 - due to the spread of european diseases
    3 - marajoara
    4 - terra preta

    Long Answer:
    ඇමේසන් වනයේ සැඟවුණු නගරයක් තියේ කියා මුලින්ම කියන්නේ පළමු ස්පාඥ්ඥ ගවේශකයින්. ඉතාම දියුණු මේ නගරයේ රත්තරන් තියෙන බවත් කියවෙනවා. එල් දොරාඩෝ කියල නමකුත් දානවා. ඇමසන් ගඟ හොයා ගත්ත ෆ්රැන්සිස්කෝ ඔර්ලනි මේ නගරය දැක්ක කියනවා. යුරෝපයේ නගර පරදවන තරම් ලොකුයි කියලත් කියනවා [පොඩ්ඩක් අතින් දාපු කෙනෙක් ඔර්ලානි]. පොර නගරය හොයන්න ආපහු එන ගංංදෙඉ ඇමසන් මුවවිටේදී මියයනවා.

    ඊටපස්සේ සිය ගානක් යනවා එල් දොරාඩෝ හොයන්න. පසු කාලෙක ඇමසන් වල මිනුම් කරන පර්සි ෆෝසේ මේ නගරය තියේ කියා ස්ථිරවම තැනක හිතාගෙන තමන්ගේ පුතත් එක්ක යනවා. ඒ අයට වුන දෙයක් අදටත් දාන්නේ නැහැ. එයා ලියන්නේ Z නගරය කියලා ඒකට. එයා ෆොලෝ කරන්නේ පෙර අයගේ වාර්තා

    කවුරුත් පිළිගන්නේ නැහැ ඇමසන් අස්සේ නගර තියෙන බව. පළමුවෙන්ම ඒ පසේ වගා කල නොහැකියි. පස සුදුසු මහා ගස් වලට. එමෙන්ම නිසරුතණබිම්. සත්තුත් නැහැ. ඒ නිසා ශිෂ්ටාචාරයක් හැදෙන්න බැහැ කියල කියන්නේ.

    ඒත් ෆෝසේ අතුරුදහන් වෙච්ච තැනම පොලොව යට වැළලුනු නගරයක් හමුවෙනවා. kuhikugu කියන නගරයේ දහස ගානක් හෝ ලක්ෂ ගානක් උන්නු බවයි කියන්නේ. මෙය සමහරු කොන්ස්තන්තිනෝපලය ලන්ඩන් එක්කත් සංසන්දනය කරනවා. සැලසුම් කල නගරයක් කිසියම් ජ්‍යාමිතික සකස්මකට. පාරවල් හා විශාල පාලම එහෙමත් තිබ්බ බවට මුල් කාලේ වාර්තා වල කියන්නේ

    නගරය හා ශිෂ්ටාචාරය ගැන තාම දාන්නේ ටිකයි. ඒත් මුළු ඇමසන් කැලෑව පුරාම මෙහෙම තැන හමු වෙන්න පටන්ගෙන.

    මේ අය මිය යන්නේ ඇයි? පළමු ස්පාඥ්ඥ වාර්තා වල මේ නගර ගැන කියවෙනවා. ඒත් පස්සේ ගියපු අයට හෝඩුවාවක් වත් ලැබෙන්නේ නැහැ. ඔහොං දෙනෙක් හිතන්නේ පළමු ස්පාඥ්ඥ හමුවෙන් මේ ජනයාට මහාමාරිය වසංගතය ලැබුනා කියලා. සියවසකදී ඇමසන් වනයේ ඕනෑම දෙයක් වැලලෙන්න පුළුවන්.

    වර්තමාන ගවේෂණ වලට මුල් වෙන කාරනාව නම ඇතැම් දකුණු ඇමරිකානු ඇමසන් ගෝත්‍රිකයන් [ඇමසන් ඉන්දියානුවන්] සතුව ඉතා දියුණු සමාජ ලක්ෂණ ශේෂ වී ඇති බවට අන්ත්රෝපොලොජිස්ට් ලා කියන නිසා. මේ ජනතාව පෙර උන්නු දියුණු ශිෂ්ටාචාරයෙන් ඉතිරි වූ අය බවයි කියන්නේ. marajoara කියන්නේ kuhikugu අවට ඉන්න එවැනි ගෝත්‍රයක්. තව ඇති සමහර විට.

    මේ අය පසත් එක්ක කරන ගනුදෙනුව තවා වැටහිලා. නැහැ. මේ ජනාවාස ට්ඨිබ්බ තැන්වල අක්කර ගානක් ප්ලොවේ මීටර ගානක් යටට තියෙන්නේ අමුතු කළු පසක්. ටෙරා ප්රෙටා කියන්නේ එය. මේ පස ස්වාභාවිකව හොයා ගන්න නැහැ. ජනාවාස වල වටේට තියෙන්නේ. විශ්ලේෂණය කලාම පෙනෙනවා ඒවා ට්‍රීට් කල බව. කොම්පෝස්ට් වගේ ක්‍රමයකින්. ඒ පසේ භොඅ වල අස්වැන්න මාර වැඩියි,. මේක කොච්චර් සිරාද කිව්වොත් දන පොරවල් ඒවා හාරලා කොම්පෝස්ට් ලෙස විකුනනවා [නොදකින් වර්තමානය]. ලැබ් වල හදන්න හැදුවට හැදෙන්නෙත් නැහැල්ලු හරියට. සමහරු කියන්නේ වසර සිය ගානක සූක්ෂම වැඩක් කියලා. සමහරු කියන්නේ වසර දහස ගානක ඔවුන්ගේ පරිනාමයත් එක්ක ඉබේම හදුනා කියලා. ඔවුන්ගේ අපරි ද්‍රව්‍ය වලින්ම. වැඩේ තියෙන්නේ ඒ පස තාමත් හැදෙනවා. ඔවුන් මිය ගොස් සියවස් හතරක් ගිහිල්ලත් එලෙසම තියෙනවා. මිශ්‍ර නොවී.

    පොඩ්ඩක් නොවේ. ඇමසන් වලින් 5% විතර මේවා හොයාගෙන තියෙනවලු. ඒ බොහෝ තැන්වල ඔවුන්ගේ ගම්මාන හෝ නගර තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් අය කියන හැටියට ඇමසන් වලින් 10% කට වඩා මේ ඇමසන් ශිෂ්ටාචාරයේ ටෙරා ප්රෙටා ගොවිබිම්.

    මේ නගර වලින් එකක් එල් දෙරාඩෝ බවත් Z කියන්නේ kuhikugu බවත් බොහෝ දෙනෙක් දැන් හිතනවා. කාටවත් රත්තරන් හමුවෙලා නම නැහැ.


    සැලකිය යුතුයි:
    මෙහි සඳහන් සියලු කතා තවම පූර්ණ ලෙස තහවුරු වී නැති අතර විවිධ පුරා විද්‍යාඥයින් වෙනස් මත දරනවා.


    I just found this on a facebook IQ page, and its really interesting for me, so here im sharing it. This is NOT from my own knowledge or NOT to show off.

    Copy Rights @ සුජීව කොකාවල and Nadeeka
    :cool:

    More Info:
    http://elakiri.com/forum/showthread.php?t=1586280
     
    Last edited: