ඔසප් දිනයේ කැමතිනම් කමක් නෑ

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඔසප් දිනයේ කැමතිනම් කමක් නෑ

    ad56dc234a7615bd104b2030f0b79e74_M.jpg

    ගැහුණු දරුවකු යෞවනත්වයට පත් වීමත් සමග ද්විතික ලිංගික ලක්ෂණ පහල වීමෙන් අනතුරුව දගකාරම් මැකී යන අතර ලජ්ජාශීලි ගති වැඩිවීමට පටන් ගනී.මේ අතරතුර ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීමෙන් අර්ථවත් වන්නේ ඇය මවක් වීමට සුදුසුකම් ලැබුවාය යන්නයි.

    ගැහුණු දරුවෙකුගේ පළමු ආර්ථවය මල්වර වීම යනුවෙන් හදුන්වන අතර යෝනි මාර්ගයෙන් සෑම මසකදීම රක්ත වර්ණයක් පිටවීම සිදුවේ.දළ වශයෙන් දින 28 වරක් මෙම ක්‍රියාවලිය සිදුවන අතර ඇතැමුන්ට මෙම සිදුවීම ශාරීරික ,මානසික වශයෙන් පීඩා ගෙන දෙන්නක් වේ.

    01 ඔසප් වීම කියන්නේ මොකක්ද?

    ප්‍රසුත ස්ත්‍රිය නැතිනම් සුතිකාව සහ ගැබ් දරණ ස්ත්‍රිය හැර අනිත් යුව අවස්ථා ප්‍රාප්ත සියලුම කාන්තාවන් කෙරේ මාසයකට වරක් ශ්ලේෂ්ම සිවි කොටස් සහිත රක්ත ශ්‍රාවයක් දින 3-4 දක්වා කාලයක් ගර්භාෂයෙන් බැහැර වීම ඔසප් වීම ලෙස හදුන්වනු ලබයි.පැලෝපිය නාලය තුලදී ඩිම්බයක් සංසේචනය නොවුන හොත් (ඩිම්බ කෝෂයක් සහ ශුක්‍රාණුවක් එකට එකතු වීම සිදු නොවුනහොත් )ගර්භාෂයේ ඇතුළු බිත්තිය සිදී යාමෙන් තමයි යෝනි මාර්ගයෙන් රුධිරය ගලා යාම සිදු වන්නේ.

    Menstrual-Cycle 102 නිරෝගී කාන්තාවකගේ ඔසප් චක්‍රය ක්‍රමානුකුල වෙන්නේ කොහොමද ?

    Menstrual-Cycle_1.jpg


    සාමාන්‍යයෙන් නිරෝගී කාන්තාවකගේ සෘතුවිමේ කාලය දින 03 සිට 04 දක්වා පවතිනවා.නැත්තම් දින 03-07 දක්වා වෙන්නත් පුළුවන්.මෙතැන් සිට මාසයක් පාසා ආර්ථව චක්‍රයක් ලෙස සිදුවෙනවා.දින 28 වරක් ඔසප් වන ස්ත්‍රියකගේ බිජ නිහරණය සිදුවන්නේ ඉදිරි ඔසප් වීම ආරම්භයේ දින 14 පෙර.

    03 බීජ නිහරණය කියන්නේ මොකක්ද ?

    බිජ නිහරණය කියන්නේ නැත්තම් ඩිම්බ මෝචනය කියන්නේ ස්ත්‍රී බීජයක් ඩිම්බ කෝෂයෙන් බැහැර වීම.

    04 ඔසප් සමයේදී කාන්තාව මුහුණ දෙන ශාරීරික සහ මානසික දුර්වලතා මොනවද ?

    ඔසප් සමයේ පවතින සුළු උපද්‍රව වශයෙන් ඔසප් කාලයේ උදරයේ වේදනාව ,ඔසප් ලංවන විට සිරුරේ ඇතිවන වෙනස්කම් ,මුහුණේ කුරුලෑ මතුවීම ,යටිබඩ කොරවීම ,යටි ප්‍රදේශයේ වේදනාව ,හිසරදය ,දෙපා වේදනාව ,මල බද්ධය ,වමනය ,පියයුරු වේදනාව ,වහනය වන රක්ත ප්‍රමාණය වැඩිවීම ,ඇළි මැළි ගතිය ,ආදිය තමයි ප්‍රධාන ලක්ෂණ.හැබැයි මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

    (05) මෙවැනි දිනවලදී ස්නානය කිරීම සුදුසුද ?

    සාමාන්‍යයෙන් මෙවැනි දින වලදී කාන්තාවක් ඉතාමත් පිරිසිදු විය යුතුයි.තමන්ගේ යට ඇදුම් මෙන්ම බාහිර පිරිසිදු කමත් රැක ගත යුතුයි.දේශීය වෛද්‍ය මතය අනුව මෙවැනි දින වලදී (විශේෂයෙන් පළමු දින 03 ඇතුලත ) ස්නානය කිරීම එතරම් සුදුසු වන්නේ නෑ.එහෙම වුනොත් ඔසප් වීම නතර වෙන්න තියන ඉඩ ප්‍රස්තාව වැඩි.පුළුවන්තරම් ඇග පත සේදීම ප්‍රමාණවත්.

    k-bigpic(06) මෙවැනි දින වලදී ලිංගික කටයුතු වල යෙදීම සුදුසුද ?

    ලිංගික කටයුතු වල යෙදුනා කියලා ඒක එතරම් බලපෑමක් නෑ .නමුත් ඒ දිනවල කාන්තාවන්ට අධික ලෙස ශාරීරික වශයෙන් පිඩා විදිනවා.යටි බඩේ වේදනාව ,ඈලි මෑලි ගතිය නිසා ඒක ඒ අයගේ කැමැත්ත මත සිදු කරන්න පුළුවන්.

    (07) සමහරුන්ට ඔසප් වීම හරි ආකාරව සිදු නොවන්නේ ඇයි ?

    ඔසප් වීම හරි ආකාරව සිදු නොවන්නේ නැත්තම් ක්‍රමිකව පැවති ඔසප් වීම හිටිවන නතර වේ නම් එයට හේතු ලෙස කල්ගතවූ බෝ වන රෝග ,ක්ෂය රෝග ,වකුගඩු ප්‍රධාහ ,මධු මේහය ,ගර්භාෂගත අර්බුධ ,ලේ අඩුකම ,මන්ද පෝෂණය ,මානසික දුර්වලතා ,කායික සහ මානසික වශයෙන් වෙහෙසීම ,ඩිම්බ කෝෂ ගත රෝග ,තයිරෝයිඩ ග්‍රන්තියේ රෝග ,ආදිය නිසා එහෙම වෙන්න පුළුවන්.ඇතැම් හේතු ප්‍රතිකාර අරගෙන සුව කරන්නත් පුළුවන්.

    (08) සමහරුන්ට ඔසප් වීමට පෙර දින සිට ඉදලම අවසන්වනතුරු කායික වේදනා මෙන්ම මානසික වේදනා ඇතිවෙනවා.ඇයි එහෙම වෙන්නේ?

    ඔසප් වීමට පෙර සිට ආරම්භ වන වේදනාවට බොහෝ විට හේතු වන්නේ නොමේරු ගර්භාෂ වැනි හෙතුන්ය.සමහරුන්ට වේදනාව උකුල් ප්‍රදේශයේ සහ පිටුපසට පැතිරෙනවා.එහෙම වෙන්නේ ගර්භාෂයේ පිහිටීමේ තියන වෙනස් කම් අනුව.ඔසප් වේදනාවට හේතු ලෙස උකුල් ප්‍රදේශයට ලේ සැපයීමේ දුර්වලතා ,තිව්‍ර මල බද්ධය ,ඔසප් සමයේ ගන්නා ආහාරය ,නොසන්සිදුන ලිංගික අවශ්‍යතා සහ ලේ සැපයිමේ දුර්වලතා නිසා තමයි එහෙම වෙන්නේ.

    (09) ඔසප් වීමට පෙර සුද යාම සහ ඔසප් වීමෙන් අනතුරුව සමහරුන්ට අධික ලෙස වමනය යන්නේ ඇයි ?

    ඇතැම් තරුණියන්ට හිසරදය සහ වමනය මසක් පාසා දක්නට ලැබෙනවා.මෙය ඔසප් වීමට පෙර හෝ අතරතුර හෝ අවසානයේදීත් ඇතිවෙන්න පුළුවන්.ඇතැමුන්ට සුළු වශයෙන් මල පහවිමද සිදුවෙනවා .රුධිරයේ ඇතිකරන යම්කිසි අයහපත් තත්වයක් නිසා එම තත්වයෙන් මිදීමට ගන්නා ප්‍රතිචාරයක් ලෙස වමනය ඇති කිරීම මතයයි.

    (10) බහුතරයකට පවතින ලක්ෂණ මොනවද?

    රුධිරය වැඩිපුර පිටවීම නිසා ඇග සුදු මැලි වීම ,වේදනා සහිත බව ,උදරය පුරවා දැමීම ,ස්පර්ශ කිරීමේදී වේදනාවක් දැනීම ,අසහනකාරී බව ,ක්ලාන්ත ගතිය ,ශාරීරික දුරවලතා ,මානසික වශයෙන් පිඩාවට පත් වීම සහ අධිකව ශරීරයෙන් රුධිරය පිටවීම නිසා පාණ්ඩු රෝග ලක්ෂණද මතුවිය හැකිය.ඊට අමතරව ශරීරයේ අප්‍රාණික බව ,කෑම අරුචිය ,නිදිමත ගතිය පවතින්න පුළුවන්.

    (11) මේ සිද්ධීන් සාමාන්‍ය සිද්ධීන්ද ?නැත්තම් ප්‍රතිකාර ලබා ගත යුතුද ?

    නිරෝගී කාන්තාවකට මෙය නිර්ගන්ධයි.වේදනා රහිතයි ,උපද්‍රවයන්ගෙන් තොරයි. ඔසප් රුධිරය සාවෙකුගේ රුධිරය හා සමාන වර්ණයක් ගනී.සෝදා හැරීමේදී වස්ත්‍රයේ නොරැදේ.දින 03 සිට 05 දක්වා උපරිමයෙන් පවතී.දින 28 වරක් ශ්‍රාවය වේ.අවුන්ස 02 සිට 10 දක්වා පවතිනවා.මේ කාලයේදී මෙවැනි සිද්ධීන් සාමාන්‍යයයි.නමුත් යම් කෙනෙකුගෙන් අධික ලෙස රුධිරය වහනය වනවා නම් එයට හේතු කවරේදැයි සොයා බලා වහාම ප්‍රතිකාර ලබා ගත යුතුයි.


    Dr shamaliවෛද්‍ය උපදෙස් -
    නයනතරු ආයුර්වෙද මධ්‍යස්ථානයේ
    වෛද්‍ය ශාමලී වෛද්‍යකුමාරි
    ආයුර්වෙදී ශාස්ත්‍රී,පාරම්පරික සර්වාංග,වෛද්‍ය භූෂණ

    Dr_shamali.jpg


    අංක 184,නයනතරු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,පරණ කොට්ටාව පාර,මිරිහාන ,නුගේගොඩ
    අමතන්න-0717738505


    http://lakpuvath.lk/featured/item/4987-2013-07-16-12-15-32
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    ජෝක් එකට වගේ HI කියලා මැසේජ් එකක් දැම්මා... රිෆ්ලයිත් ඇවිත් HI කියලා :love:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ජෝක් එකට වගේ HI කියලා මැසේජ් එකක් දැම්මා... රිෆ්ලයිත් ඇවිත් HI කියලා :love:

    මම හිතුව හරි. පැණි මුට්ටියට ඇඹලයො ඇවිත්, ඒකම තමයි මම මේ පොටෝ එක දැම්මේ :yes::yes::yes::yes:
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    මම හිතුව හරි. පැණි මුට්ටියට ඇඹලයො ඇවිත්, ඒකම තමයි මම මේ පොටෝ එක දැම්මේ :yes::yes::yes::yes:
    පල යන්න මම නම්බර් එක වැඩද කියලා බැලුවේ. බොරු එකක් නම් ඒක එළකිරියට ලොකු කළු පැල්ලමක් වෙන්න තිබ්බා :yes::lol: