ඔසප් නිවාඩු

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩු..? කාන්තා ඇමතිවරිය මැදිහත් වෙයි..!



ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතුයැ’යි කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට සූදානම් බව කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර පවසන බව බීබීසීය පවසනවා.
ඇමතිවරිය ඒ බව පවසා ඇත්තේ චීනයේ පළාත් ගණනාවක් තුළ දැනටමත් ක්‍රියාත්මක ඔසප් නිවාඩුව ශ්‍රී ලංකාවේත් ක්‍රියාවට නැගිය හැකි දැයි සංදේශය කළ විමසීමකදීය. ශ්‍රී ලංකාවේත් එවැනි නිවාඩුවක් ලබා දිය යුතුයැ’යි තමන් පුද්ගලිකව විශ්වාස කරන බව චන්ද්‍රානි බණ්ඩාර ඇමතිවරිය පවසා තිබෙනවා.
“දරන්න බැරි වේදනාවක් එන කාන්තාවෝ ඉන්නවා. මමත් ඒ වගේ කාන්තාවන් ගැන හොඳට දන්නවා. ඒ නිසා මගේ පෞද්ගලික මතයක් හැටියට මම හිතනවා එහෙම නිවාඩුවක් දෙන්න පුලුවන්නම් හොඳයි කියල.”
ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව ලබාදී තිබෙනවා. එවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට පෙර එහි ඇති ප්‍රායෝගික ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇති බව කාන්තා කටයුතු පිළිබඳ ඇමතිවරිය පවසා තිබෙනවා.
images
images
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලන්කාවේ ගෑනු නම් හොදටම අමාරුයි කියල දවස් 3ම නිවාඩු දාලා ඉදී
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    ස්වප්න මෝචනයටත් නිවාඩු දියව්!
    ඇයි යකෝ :angry:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Woman who had MENOPAUSE may not eligible for this leave. So who is going to check that ??? BOSS ???