මේ මට කියහන් දැන් ඔය අපේ උන් මෙල්බෝන් කියල යන්නේ ඔය හැම එකාලම ඉන්නේ මෙල්බෝ න්සිටි එකේද?
ඒ කිව්වේ 'මෙල්බෝන්වල' මද?
එහෙමනම් ඒ හෙනම ලොකු සිටි එකක් වගේ...
නැත්තන් ඔය වගේ දුර තියෙන සිටි වලමද?
මෙල්බෝන් කියන්නේ දිස්ත්‍රික්කෙද?
එහෙම ඉන්න්වනම් ඉන්නේ මෙල්බෝන් කිව්වට අර අපි කියන්නේ මහියන්ගනේ ඉදන් නුවර ඉන්න්වා කියලා ඒ වගේ නේ...
කොළබ හිතහන්කො, කොළඹ 15 ක් තියෙනවානෙ.
හොමාගම මහරගම එවුනුත් කොළඹ කියනවානෙ?
අන්න ඒ වගෙ තමා.
කොළඹ කියලා සර්ච් කලහම එන්නෙ අර පිට්ටු බම්බුවයි ලොක වෙලඳ මධ්‍යස්ථානයයි නෙ?
එත් ඇත්ත කොළඹ හැව්ලොක් සිටි වගෙ කොටිපතියො ඉන්න පැතිත් තියෙනවා ඊටත් වඩා මුඩුක්කු තියෙනවා,
ඉතිං මෙල්බර්න් කියන්නෙත් අන්න ඒ වගෙ තමා
ලොකු සිටි එකක්. ගොඩාක් උන් ඉන්නෙ සිටි එකෙන් ඇතට වෙන්න.
එත් ෆෙස්බුක් එකෙ දාන විදියට හිතෙන්නෙ ඌ ඉන්නෙ නගරෙ මැද්දෙ වගෙ