ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ලංකාව&#

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ලංකාව&#

    ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ලංකාවට

    9b88dbf8-363b-47f4-a84c-48e7b1954517-2060x1236.jpeg

    ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වන ජුලියා බිෂොප් එළඹෙන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඉතා වැදගත් සංචරයක නිරත වෙන බව ඔස්ට්‍රේලියානු රජයේ විදේශ අමාත්‍යාංශ වෙඩ් අඩවියේ දක්වා තිබෙනවා.

    එම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දීය රාජ්‍ය නායකයින් සමග කලාපයේ ආරක්ෂාව, ආර්ථිකය සහ තවත් වැදගත් අංශ ගණනාවක් කෙරෙහි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

    ජුලියා බිෂොප්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශාල ගැටලුවක්ව පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජයේ සහය සහ තාක්ෂණික දැනුම ලබා දීම කෙරෙහි ජනාධිපතිවරයා දැනුවත් කිරීමට නියමිතයි.

    මේ අතර ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වන ජුලියා බිෂොප් මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය රවී කරුණානායක සමගද සාකච්ඡා කිරීමට සැළසුම් කර තිබෙනවා.

    එහිදී නව තාක්ෂණික ප්‍රවනතා, ආර්ථිකය සහ ව්‍යාපාරික අවස්ථා, විද්‍යාව, බලශක්ති සහ සම්පත් යන විෂයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.


    neth news​