ඉංජිනේරුවෝ එන්න ඉන්නවනම් අහපල්ලා ඕන දෙයක්
danaganna ona dewal kiyanna balanna..

ඉංජිනේරුවෝ එන්න ඉන්නවනම් අහපල්ලා ඕන දෙයක්

හරි මගේ කලින් Australian student visa thread එකෙන් පස්සේ දැන් ඔයාලට කියල දෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිට ඉන්න කෙනෙක්ට කොහොමද ඔස්ට්‍රේලියාවට skilled migration අවස්ථාව ලබා ගන්නේ කියලයි.
හරි මුලින්ම අපි බලමු මේ සදහා අදාළ වෙන visa category එක, ඒක හැදින්වෙන්නේ Independent (Migrant) Visa (Subclass 175) කියලයි.
1. මේ වීසා එකට සුදුසුකම් ලබන්න ඔයාල වයස අවුරුදු 50 ට වඩා අඩු,
2. පිළිගත හැකි ඉංග්‍රීසි දැනුමකින් යුක්ත,
3. skilled migration සදහා අදාළ වෙන වෘතීයයන් සදහන් Skilled occupation list එකට ඇතුලත් වෙන සුදුසුකම් වලින් සම්පුර්ණ කෙනෙක් විය යුතුයි.
මේ Skilled Occupation List (SOL) ඒක ඔයාලට් මෙන්න මේ link එකෙන් බලා ගන්න පුළුවන්.
http://www.immi.gov.au/skilled/_pdf/sol-schedule1.pdf
මේ තියන pdf ලියවිල්ලේ අදාළ රැකියාවේ නම හා ඒ ඒ රැකියාවට අදාළ ඔබට තිබෙන සුදුසුකම් පරීක්ෂා කරන්නේ කුමන ආයතනයද කියන ඒක සදහන් වෙනවා.
උදාහරණයක් විදියට Architect වෘතියට අදාළ සුදුකම් පරික්ෂා කරන්නේ Architects Accreditation Council of Australia කියන ආයතනය විසිනුයි.
දැන් අපි හිතමු ඔයාටත් Architect රැකියවකට අදාළ සුදුසුකම් තියනවා කියලා. දැන් කොහොමද ඔයාලගේ සුදුසුකම් skilled migration සදහා ප්‍රමාණවත්ද කියලා දැන ගන්න මීට අදාල ආයතනය වෙන Architects Accreditation Council of Australia ගැන දැන ගන්නේ ?
එකට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ පහලින් තියන් link එකට ගිහින් ඒ ඒ ආයතනයේ වෙබ් ලිපිනය හා අනිකුත් සම්බන්ධතා තොරතුරු ලබා ගැනීමයි.
http://www.immi.gov.au/skilled/_pdf/assessing-authorities.pdf
එතනින් ඔයාලට මෙන්න මේ විදියට අදාල තොරතුරු ලබා ගන්න පුළුවන්.
Architects Accreditation Council of Australia (AACA)
Address: Architects Accreditation Council of Australia
PO Box 236
Civic Square Canberra ACT 2608
Australia
Email: [email protected]
Website: Architects Accreditation Council of Australia
මේ වගේ අපිට ගැලපෙන වෙන ඕනෙම වෘත්තීයකට අදාළ Assessment authority ඒක මේ list එකේ තියෙනවා.
දැන් අපි සරලව දැන ගත්තා අපිට තියෙන සුදුසුකම් skilled migration සදහා වලංගු වෙනවාද නැද්ද යන දේ කොහොමද සොයා ගන්නේ කියලා.
දැන් අපි බලමු Australian skilled migration සදහාවන Point Test ඒක ගැන.
මේ test එකත් NZ වලට අදාළ වෙන test ඒක හා සමානයි. මේ test එකෙන් සුදුසුකම් ලබන්න ඔයා අවම වශයෙන් ලකුණු 65 ක ලබා ගන්න පුළුවන්.
මේ සදහා ලකුණු ලබා දෙන ආකාරය අපි පහතින් බලමු.
ලකුණු වයස
18 - 24 25
25 – 32 30
33 – 39 25
40 – 44 15
45 – 49 0
ඔයාලගේ ඉංග්‍රීසි දැනුම සදහා
IELTS 8 points (කොටස් 4 සදහාම) ලකුණු 20
IELTS 7 points (කොටස් 4 සදහාම) ලකුණු 10
ඔයාලගේ වෘත්තීය පළපුරුද්ද සදහා
Three years ලකුණු 5
Five years ලකුණු 10
Eight years ලකුණු 15
ඔයාලගේ අධ්‍යාපනික සුදුසුකම් සදහා
Doctorate Degree - 20
At least a Bachelor Degree - 15
Australian Diploma or trade qualification - 10
Award or qualification recognized by the assessing authority in the assessment of the skilled occupation - 10
ඔයාගේ සහකරුගේ හෝ සහකාරියගේ සුදුසුකම් සදහාත් ලකුණු 5 ක ලැබෙනවා.
මීට අමතරව තව ලකුණු කීපයක් ඔයාලට එකතු කර ගන්න අවස්ථාව ඔයාලට තියෙනවා, හැබැයි එත මේ මුලික කරුණු සදහා ලකුණු එකතු කර ගත්තයින් පස්සෙයි.
මේ Point test ඒක ගැන වැඩි විස්තර ඔයාලට මේ පල්ලෙහා link එකෙන් ලබා ගන්න පුළුවන්.
http://www.immi.gov.au/skilled/general-skilled-migration/pdf/points-test.pdf
දැනට මම හිතන විදියට මූලික හැදින්වීමක් විදියට මේ විස්තර ටික ප්‍රමාණවත්. මේ ගැන තව තවත් උනන්දු වෙන අයට මම ඉදිරියට අවශ්‍ය විස්තර මේ thread එකෙන්ම ලබා දෙන්නම්. එතකන් ඔයාල හැමෝටම සුබ රාත්‍රියක්.
machanla aussi yana visa gana kalin, IELTS 6 Months kalin karana oneda ?? IELTS kochara kalayak valid da ??
6 month kalin karanna one na. EOI eka submit karanakota kalama athi. IELTS valid for 2 years.