ඔස්ට්‍රේලියාවට_යනවද ?
පුද්ගල ජාවාරම වැළැක්වීමේ නිවේදනය
Operation Sovereign Borders
ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂා කිරීමට සහ මුහුද ආශ්රිත පුද්ගල ජාවාරම නැවැත්වීමට ඕස්ට්‍රේලියානු රජය මෙතෙක් ගෙන ඇති දැඩිම දේශසීමා ආරක්ෂක උපක්‍රම ක්‍රියාවට නගමින් සිටී.
Operation Sovereign Borders (OSB) යනු බෝට්ටු නැවැත්වීමට, අපරාධකරුවන්ට රැවටී පුද්ගලයන් මුහුද මැද තම ජීවිත අනතුරේ හෙළීමෙන් වැළැක්වීමට, සහ ඕස්ට්‍රේලියානු සංක්‍රමණ ව්‍යාපාරයෙහි සාධාරණත්වය රැකගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලබන දේශසීමා ආරක්ෂණ ක්‍රියාවලියකි.
වීසා බලපත්‍රයක් නොමැතිව බෝට්ටුවෙන් පැමිණෙන සරණාගතයින්ට කිසි සේත්ම ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට නොලැබෙනු ඇත. මෙම නීති පවුල්, ළමයින්, භාරකරුවකු නැති ළමයින්, අධ්‍යාපන සුදුසුකම් ඇති අය සහ පුහුණු ශ්‍රමිකයන් යන සියලු දෙනාටම අදාළ වේ. කිසිවෙකුටවත් සහනයක් හිමි නොවේ.
ඕස්ට්‍රේලියාව තම දේශසීමා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් යොමු කරන අතර බෝට්ටු මාර්ගයෙන් අනවසරයෙන් පැමිණීමට තැත් කරන කවර හෝ අයෙකු වැළැක්වීමට ක්‍රියා කරනු ඇත.
ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් පැමිණීමට, සිතන පුද්ගලයන්ට නීති වෙනස් වී ඇති බව, පුද්ගල ජාවාරම්කරුවන්ගේ බොරුවලට නොරැවටිය යුතු බව සහ ඔවුන් ඕස්ට්‍රේලියාවේ කිසි ලෙසකත් පදිංචි කර නොගන්නා බව දැනුම් දීම සදහා, OSB Joint Agency Taskforce ඕස්ට්‍රේලියාවෙන් පිටතදී පුළුල් සන්නිවේදන ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාවට නගමින් සිටී.
ස්වාධිපත්‍ය දේශසීමා මෙහෙයුම
මුහුදුමාර්ගික නීතිවිරෝධී සංක්‍රමණය පාලනය කිරීමට සහ පුද්ගල ජාවාරම වැළැක්වීමට ඕස්ට්‍රේලියානු රජය මෙතෙක් ගෙන ඇති දැඩිම දේශසීමා ආරක්ෂක උපක්‍රම ක්‍රියාවට නගමින් සිටී.
ස්වාධිපත්‍ය දේශසීමා මෙහෙයුම යනු කුමක්ද?
ස්වාධිපත්‍ය දේශසීමා මෙහෙයුම යනු බෝට්ටු නැවැත්වීමට, අපරාධකරුවන්ට රැවටී පුද්ගලයන් මුහුද මැද තම ජීවිත අනතුරේ හෙළීමෙන් වැළැක්වීමට, සහ ඕස්ට්‍රේලියානු සංක්‍රමණ ව්‍යාපාරයෙහි අවංකභාවය රැකගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලබන දේශසීමා ආරක්ෂණ ක්‍රියාවලියකි.
වීසා බලපත්‍රයක් නොමැතිව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින්ට මෙය බලපාන්නේ කෙසේද?
ඔබ වීසා බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් පැමිණෙන්නේ නම්, ඔබට ඕස්ට්‍රේලියාව නිවහන කර ගැනීමට කිසිදු ඉඩක් නොලැබෙනු ඇත.
වීසා බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කරන කවර හෝ අයෙකු (පවුල්, ළමයින්, භාරකරුවකු නැති බාලවයස්කරුවන් අතරමගදී නැවැත්වීමට සහ ආරක්ෂාකාරී ලෙස ඕස්ට්‍රේලියානු මුහුදු කළාපයෙන් ඉවත් කිරීමට ක්‍රියා කෙරෙනු ඇත.
මෙම නීති පවුල්, ළමයින්, භාරකරුවකු නැති බාලවයස්කරුවන්, අධ්‍යාපන සුදුසුකම් ඇති අය සහ පුහුණු ශ්‍රමිකයන් යන සියලු දෙනාටම අදාළ වේ. කිසිවෙකුටවත් සහනයක් හිමි නොවේ.
ඔබව පැය 48ක් ඇතුළත පැපුවා නිව්ගිනියාවේ හෝ නාවුරුවල ඇති එතෙර පිරිසැකසුම් මධ්‍යස්ථාන වෙත මාරු කර යැවෙනු ඇත. ඒ අනුව ඔබ සරණාගතයෙක්ද යන වග පරීක්ෂා කරනු ලබන්නේ පැපුවා නිව්ගිනියා රජය හෝ නාවුරු රජය මගිනි.
ඔබ සරණාගතයෙක් නොවන බව තහවුරු වුවහොත්, ඔබව ඔබේ මව් රටට හෝ ඔබට ජීවත් වීමට අයිතිය ඇති වෙනත් රටකට ආපසු යැවෙනු ඇත.
ඔබ සරණාගතයෙක් ලෙස තහවුරු වුවද, ඔබව ඕස්ට්‍රේලියාවේ පදිංචි කරවන්නේ නැත.
දැනටමත් මගේ ඥාතීන් ඕස්ට්‍රේලියාවේ සිටීනම් කුමක් වේද? ඥාතීන්හට දැනටමත් වීසා ඇත්නම් හෝ ඔවුන් එහි ස්ථිර පදිංචිකරුවන් හෝ පුරවැසියන් හෝ නම් මෙම නීතිවල වෙනසක් සිදුවේද?
ඔබේ පවුලේ අය දැනටමත් ඕස්ට්‍රේලියාවේ සිටියත් එමගින් කිසිදු වෙනසක් ඇති නොවේ. නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කරන කාටත් මෙම නීති එක සේ බලපායි.
බෝට්ටු ආපසු හරවා යවන්නේද?
ඕස්ට්‍රේලියාවට නීතීවිරෝධී ලෙස ඇතුළු වීමට තැත් කරන ඕනෑම යාත්‍රාවක් අතරමගදී නැවැත්වීම සහ ආරක්ෂාකාරී ලෙස ඕස්ට්‍රේලියානු මුහුදු කළාපයෙන් ඉවත් කිරීම ඕස්ට්‍රේලියානු රජයේ ප්රතිපත්තියයි.
මිනිස් ජාවාරම්කරුවන් මට කියා ඇත්තේ ආපසු යරවා යැවීම් මගහැරීම සඳහා ඔවුන් ඕස්ට්‍රේලියාවට යන අලුත් සහ වෙනස් මාර්ග භාවිත කරන බවයි. ඕස්ට්‍රේලියාව කරා ළඟා විය හැකි බව ඔවුන් මට සහතික කොට කියා ඇත.
මිනිස් ජාවාරම්කරුවන්ගේ සහතිකය බොරුවකි. කුමන මාර්ගයකින් ආවත් ඔබට ඕස්ට්‍රේලියාවට ළඟා වීමට ලැබෙන්නේ නැත.
මිනිස් ජාවාරම්කරුවන් කීවේ මට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට සුදුසුකම් ඇති බවයි.
මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවලට රැවටෙන්න එපා. ඔවුන් ඔබේ මුදල් සොරාගෙන ඔබගේත් ඔබේ පවුලේ අයගේත් ජීවිත නිකරුණේ අනතුරේ දමයි.
ඔබ හෝ ඔබේ පවුලේ අය ඕස්ට්‍රේලියාවේ ස්ථිර ලෙස පදිංචි කරන්නේ නැත.
ඔබ වීසා බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කරන්නේ නම්, ඔබ ඔබේත් ඔබේ පවුලේ අයගේත් ජීවිත ඇතුළු සියලු දේම නැතිකර ගැනීමේ අවදානමකට ලක්වේ.
හරවා යැවීමෙන් බේරී සරණාගතයින් ඕස්ට්‍රේලියානු භූමියට පැමිණියහොත් සිදුවන්නේ කුමක්ද?
ඕස්ට්‍රේලියානු දැඩි දේශසීමා ආරක්ෂක ක්‍රියාමාර්ග මගින් කිසිදු බෝට්ටුවකට බාධා කිරීමකින් තොරව ඕස්ට්‍රේලියානු භූමියට ඇතුළු වීමට ඉඩ නොලැබේ.
සරණාගතයින් බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවේ කුමන ස්ථානයකට පැමිණියත්, පැය 48ක් ඇතුළත ඔවුන් පැපුවා නිව්ගිනියා රටේ හෝ නාවුරු රටෙහි ඇති එතෙර පිරිසැකසුම් මධ්‍යස්ථාන වෙත මාරු කර යැවෙනු ඇත.
ඔබ නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් පැමිණෙන්නේ නම්, ඔබට කිසිවිටෙක ඕස්ට්‍රේලියාවේ පදිංචිය ලබාගැනීමට හැකි නොවනු ඇත.
ඕස්ට්‍රේලියාව, පැපුවා නිව්ගිනියාව සහ නාවුරු අතර ඇති එකඟතාවන් මොනවාද?
මුහුදුමාර්ගික නීතිවිරෝධී සංක්‍රමණිකයන් සරණාගතයින්ද යන්න සලකා බැලීම සඳහා යැවීමට ඕස්ට්‍රේලියාව පැපුවා නිව්ගිනියාව සහ නාවුරු යන රටවල් සමග එකඟතා ගිවිසුමකට අත්සන් කර ඇත.
පවුල්, ළමයින්, භාරකරුවකු නැති ළමයින්, අධ්‍යාපන සුදුසුකම් ඇති අය සහ පුහුණු ශ්‍රමිකයන් යන කවරකු හෝ වේවා, සියලු නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැය 48ක් ඇතුළත පැපුවා නිව්ගිනියා රටේ හෝ නාවුරු රටෙහි ඇති පිරිසැකසුම් මධ්‍යස්ථාන වෙත මාරු කර යැවෙනු ඇත.
මෙම නීති සියලු දෙනාටම අදාළ වේ: කිසිවෙකුටවත් සහනයක් හිමි නොවේ.
පැපුවා නිව්ගිනියා රටේ හෝ නාවුරු රටෙහි රජයන් මගින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගවලින් පැමිණෙන සංක්‍රමණිකයන්ගේ රැකවරණ ඉල්ලීම් සලකා බැලෙනතුරු රඳවා ගැනීම සඳහා දෙරටේම ඇති රැඳවුම් මධ්‍යස්ථාන පහසුකම් පුළුල් කෙරෙමින් පවතී.
පැය 48ක් ඇතුළත PNG හෝ නාවුරු වෙත මාරු කර යැවීම කාන්තාවන් සහ ළමුන්ටත් අදාළ වේද?
ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වන ඕනෑම අයෙකු පැපුවා නිව්ගිනියාව හෝ නාවුරු වෙත මාරු කර යැවෙනු ඇත. ළමුන් සහ පවුල් කණ්ඩායම් මෙයින් නිදහස් නොවේ.
වැඩිහිටියන් හෝ භාරකරුවන් නොමැති බාලවයස්කරුවන්ට කුමක් සිදු වේද?
එතෙර පිරිසැකසුම් මධ්‍යස්ථානයකට මාරු කර යැවීමෙන් නිදහස් නොවේ.
වැඩිහිටියන් හෝ භාරකරුවන් නොමැතිව නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට එන බාලවයස්කරුවන් එතෙර පිරිසැකසුම් මධ්‍යස්ථාන වෙත මාරු කර යවා ඇත. මෙය ඒ අයුරින්ම තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.
නව එකඟතාවන් යටතේ පැපුවා නිව්ගිනියාවලට හෝ නාවුරුවලට මාරු කර යැවිය හැකි පුද්ගලයන් ප්‍රමාණය කොපමණද?
මාරු කර යැවිය හැකි පුද්ගලයන් ප්‍රමාණය පිළිබඳ සීමාවක් නොමැත.
රටවල් දෙකේම රැඳවුම් මධ්‍යස්ථාන පහසුකම් දිගටම පුළුල් කෙරෙමින් පවතී. නව එකඟතාවන් යටතේ පැපුවා නිව්ගිනියාවලට හෝ නාවුරුවලට මාරු කර යැවිය හැකි පුද්ගලයන්ගේ ප්‍රමාණය පිළිබඳ සීමාවක් නොමැත.