ඔස්ට්‍රේලියා-යන්නෙ-මෙහෙමයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔස්ට්‍රේලියා-යන්නෙ-මෙහෙමයි

    ඒජන්ට්ලට සල්ලි වියදම් නොකර හරි විදියට ඔස්ට්‍රේලියා යන්නෙ මෙහෙමයි.

    1200px-Australia_Day-1-1024x649.jpg


    අපේ රටේ ගොඩක් දෙනෙක්ට තියන ආසාවක් තමයි දියුණු වුනු හොද රටකට ගිහින් සැපවත් ජීවිතයක් ගත කරන එක ඉතින් මේ හොද රටක් කියල අපේ රටේ අය යන්න බලාපොරොත්තු වෙන රටවල් වෙන්නේ ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව,නවසීලන්තය වගේ රටවල් ඉතින් මේ උනන්දුව කොච්චරද කියන එක බලාගන්න පුළුවන් usa green card එකට වසරකට ඉල්ලුම් කරන ප්‍රමාණය දැක්කම ඉතින් මේ විදියට ගිහින් ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් ඉන්න රටක් සහ පදිංචියට යන්න වැඩිපුරම උනන්දුවක් දක්වන රටක් තමයි ඔස්ට්‍රේලියාව කියන්නේ ඉතින් මේ නිසාම ගොඩක් agency ආයතන මිනිසුන්ගෙන් මුදල් මංකොල්ල කමින් ලාබ උපයන්න උත්සහ කරනවා.ඉතින් අපි මේ කියල දෙන්න හදන්නේ ඔබේ මුදල් agency ආයතන වලට හෝ තැරව් කරුවන්ට නොදී අඩු වියදමින් නිවැරදිව ඔස්ට්‍රේලියාවට යන්නේ කොහෝමද කියන එක.

    perth-western-australia1-768x320.jpg


    හරි මුලින්ම දැන ගන්න ඕනි දේ තමයි skilled migration visa එහෙමත් නැත්නම් permanent residency visa වර්ග දෙකක් තියනව පලවෙනි එක තමයි skilled independent visa (subclass 189) දෙවෙනි එක තමයි state nominated visa (subclass 190) මේ දෙකම ඔස්ට්‍රේලියාවේ ස්තීර පදිංචියට ලබාදෙන visa වර්ග දෙකක්. හරි දැන් අපි බලමු permanent residency (PR ) ලැබෙන කෙනෙකුට මොනවද ලැබෙන්නේ කියල?

    දිගටම ඔස්ට්‍රේලියාවේ රැදී සිටින්න පුළුවන්
    තමන් කැමති රස්සාවක් කරන්න පුළුවන්
    අද්‍යාපනය ලබන්න වගේම ඒ සදහා ණය ලබා ගන්නත් පුළුවන්
    පුරවැසිබාවය සදහා ඉල්ලුම් කරන්න පුළුවන්
    හොදයි දැන් අපි බලමු ඔස්ට්‍රේලියාවේ ස්තීර පදිංචියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මොනවද ඒ සදහා තියෙන ඕනි කියලා .
    මුලින්ම වැදගත් වෙන්නේ ඔබ කරන රැකියාවට ඔස්ට්‍රේලියාව තුල තියෙන ඉල්ලුම (demand) එක ඒ වගේම වැදගත්ම දේ තමයි sol list එකේ ඔබට අදාල රැකියාව තියනවද කියන එක ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු රජය විසින් නම් කරලා තියන රැකියා ලැයිස්තුවක් තියවා ඔවුන්ට වැඩිපුරම රටට අවශ්‍ය මොන වගේ අංශ වල රැකියාද කියල අන්න ඒ ලැයිස්තුව තමයි sol list කියල කියන්නේ. මේ රැකියා ලැයිස්තුව කාලෙන් කාලෙට වෙනස් වෙනවා ඔබට මේ ලින්ක් එකට ගිහින් බලාගන්න පුළුවන් ඒ ලැයිස්තුව current list of eligible skilled occupations
    මීට අමතරව ඔබට ඉංග්‍රීසි බාෂාව හොදින් පුළුවන් වෙන්න ඕනි


    Panoramic-View-of-Sydney-City-Skyline-Australia-000023003902_Large_mini-768x237.jpg


    දැන් ඔබ දන්නවනේ ඔබට ඔස්ට්‍රේලියාවේ ස්තීර පදිංචියට යන්න අවශ්‍ය වෙන මුලික සුදුසුකම් ටික හරි දැන් තමයි වැදගත්ම කොටස ඔස්ට්‍රේලියාවේ වීසා ගන්නම් ඔබට වෙනවා ඔස්ට්‍රේලියාවේ රජය විසින් කරන ඔබේ සුදුසුම් සලකා බලන test එකකට ඉන්න ඒ කියන්නේ මෙහෙමයි එයාලා ඔබේ සුදුසුම් කම් වලට points දෙනවා මෙන්න මේ points 60 කට වඩා ඔබ ගන්න ඕනි ඔස්ට්‍රේලියාවේ visa ගන්නම් ඒ points ලබාදෙන්නේ මෙහෙමයි ඔබේ වයස ,අද්‍යාපන සුදුසුකම්,ඉංග්‍රීසි හැකියාව,ඔබේ රැකියාවේ පළපුරුද්ද වගේ කාරනා වලට ඔබට ලකුණු ලබා දෙනවා උදාහරණයක් විදියට ඔබ වයස අවුරුදු 25-32 අතර කෙනෙක්නම් ඔබට points 30 හම්බෙනව. ඔවු එතනම ඔබට අවශ්‍ය points වලින් බාගයක් තියනවා ඔබට මේ link එකට ගිහින් බලා ගන්න පුළුවන් කොහොමද points ලැබෙන්නේ කියලා The points table
    දැන් බලමු කොහොමද visa ගන්න වැඩේ පටන් ගන්නේ කියලා හරි මුලින්ම ඔබ කරන්න ඕනි දේ තමයි මේ ලිස්ට් එකට ගිහින් බලන්න ඕනි ඔබේ රැකියාවට අදාලව තියන Assessing Authority එක මොකක්ද කියල එක රැකියාව ඉදිරියෙන් සදහන් කරලා තියනවා current list of eligible skilled occupations
    Assessing Authority එක කියන්නේ ඔබ කරන රැකියාවට අදාලව ඔබට ඇත්තටම සුදුසු කම් තියනවද කියල බලන ආයතනයක් එක එක රැකියාවලට අදාලව වෙන වෙනම Assessing Authority තියනවා උදාහරණයක් විදියට ඔබ තොරතුරු තාක්ෂණයට (IT ) සම්බන්ද රැකියාවක් කරනවානම් ඔබේ Assessing Authority එක වෙන්නේ Australian Computer Society (ACS) එක.ඉතින් ඔයාලගේ රැකියාවට අදාලව තියන Assessing Authority මොකක්ද කියල මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න your Assessing Authority
    ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔබේ Assessing Authority එකේ වෙබ් අඩවියට ගිහින් පරික්ෂා කරලා බලන්න ඕනි ඔබේ රැකියාවට අදාලව අවශ්‍ය වෙන document මොනවද කියන විස්තර




    featured_48-768x534.jpg


    හරි දැන් ඔයාලා බලා ගන්න ඇතිනේ මොනවද ඕනා කරන document කියලා ඉතින් ඊට පස්සේ කරන්න ඕන වෙන්නේ ඒ කියල තියන document ටිකට එයාලට online යවන එක ඊට පස්සේ එයාල ඒ තොරතුරු බලල ඔයාලට email එකක් මගින් result එකක් එවනවා අන්න ඒ result එක ඉස්සරහට වැදගත් වෙනවා ඒ ගැන ඉස්සරහට කියන්නම්.
    ඊට පස්සේ කරන්න වෙන්නේ ඔයාලගේ English දැනුම හදා ගන්න එක එකට කරන්න exam කීපයක්ම තියනවා ielts,oet,toefl,pte වගේ exam නමුත් මේ අතරින් වඩාත්ම ජනප්‍රිය exam එක වෙන්නේ IELTS exam එක ඉතින් ඔයාලට මේ exam ඒක ගැන වැඩි දුර විස්තර ඕනෑතරම් internet එකෙන් හොයා ගන්න පුළුවන් එහෙමත් නැත්නම් british council එකට ගිහින් විස්තර බලා ගන්න පුළුවන් ඇත්තන්ම ඊලග පියවරට යන්න english කරලා තියෙන්නම ඕනා වෙන්නේ නෑ නමුත් කල් ඇතුව සුදානමක් තියන එක හොදයිනේ
    හරි දැන් තියෙන්නේ තවත් වැදගත් අවස්ථාවක් දැන් කරන්න තියෙන්නේ ඔයාලට immigration වෙබ් අඩවියට ගිහින් EOI එකක් හදා ගන්න එක ඒ කියන්නේ මෙහෙමයි EOI (expression of interest ) කියන එකේ තේරුම තමයි ඔයාලට ඕන වෙනව ඔස්ට්‍රේලියානු රජයේ ලියාපදිංචි වෙන්න වීසා ලබා ගන්න ඔස්ට්‍රේලියානු රජයේ දත්ත ගබඩාවට ඔයාලගේ තොරතුරු ඇතුලත් කරන එක ඉතින් එකට කරන්න තියෙන්නේ මේ link එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න expression of interest
    සාමාන්‍යයෙන් ඔයාල මෙහෙම ඇතුලත් කරන තොරතුරු අවරුදු දෙකක් වගේ කාලයක් වලංගු වෙන්ව ඒ වගේම මේ තොරතුරු එයාල මාසෙකට දෙපාරක් පරික්ෂා කරනව එහෙම කරලා ඔයාගේ තොරතුරු බලල ඔයාට ඔස්ට්‍රේලියාවේ PR එක දෙන්න සුදුසුයි කියලා එයාලා තීරණය කලොත් ඔයාලට invitation එකක් එවනවා email එකක් හරහා මේ invitation එක ආව කියන්නේ ගොඩක් දුරට ඔයාලට visa ලැබුනා වගේ තමයි.



    australian-passport-getty-s-c-s-768x438.jpg


    මේ විදියට invitation එකක් ලැබුනට පස්සේ කරන්න තියෙන්නේ එකේ තියන ලින්ක් එකට ගිහින් එයාලා ඉල්ලලා තියනව විස්තර සේරම ඇතුලත් කරන එක ඔබේ මුලික තොරතුරු වලට අමතරව එයාලා තවත් document දෙකක් විතර ඉල්ලනවා ඒ තමයි ඔයාලගේ medical report එකක් සහ police report එකක් ඉල්ලනවා ඒ තොරතුරු ඇතුලත් කලාට පස්සේ ටිකක් කල් බලන් ඉන්න තමයි තියෙන්නේ ඊට පස්සේ ඔයාලට email එකක් මගින් ඔස්ට්‍රේලියානු PR එක ගැන තීරණය දැනුවත් කරයි මෙතැනදී ඔයාල මතක තියා ගන්න ඕන කාරණයක් තමයි visa ලැබුනට පස්සේ අවුරුද්දක් ඇතුලත ඔයාලා ඔස්ට්‍රේලියාවට යන්න ඕනි මොකද එහෙම ගියේ නැත්නම් visa අවලංගු වෙනවා සාමාන්‍යයෙන් මේ විදියට ඔස්ට්‍රේලියාවට visa ලබාගන්න ඔබට වැය වෙන්නේ ලක්ෂ 4 වගේ මුදලක් මොකද මේ, සියල්ල ඔස්ට්‍රේලියානු රජය අය කරන මුදල් පමණයි අතරමැදියන්ට කිසිදු මුදලක් ගෙවන්න ඕන නැති නිසා ඔබේ මුදල් ඉතුරු කර ගන්නත් පුළුවන්
    මේ ලිපිය රට යන්න ඉන්න ඔයාල දන්න අයට ගොඩක් වැදගත් වෙයි ඒක නිසා අනිත් අයටත් බලන්න share කරන්න.

    මේහි අඩංගු කරුණු ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ලබාගත් තොරතුරු සහ ඔවුන්ගේ අත්දැකීම් මත සකස් කෙරුණු ලිපියකි .


    SOL : https://www.nwivisas.com/nwi-blog/australia/australian-skilled-occupation-list-2017-2018/

    Source : http://www.lifetips.lk/australia-visa-sinhala.html


    Go-For-It-Good-Luck-Smiley-Picture.gif
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දැන් දෙන්න තියෙන හොඳ උපදෙස තමා ඕස්ට්‍රේලියා යන්නෙපා කියන එක. දැන් පරක්කු වැඩී. අර කතාවක් තියෙනව නෙහ් අපායට ගියත් කලින් යන්න කියලා :lol:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    දැන් දෙන්න තියෙන හොඳ උපදෙස තමා ඕස්ට්‍රේලියා යන්නෙපා කියන එක. දැන් පරක්කු වැඩී. අර කතාවක් තියෙනව නෙහ් අපායට ගියත් කලින් යන්න කියලා :lol:

    Ai ban a?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,535
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    දැන් දෙන්න තියෙන හොඳ උපදෙස තමා ඕස්ට්‍රේලියා යන්නෙපා කියන එක. දැන් පරක්කු වැඩී. අර කතාවක් තියෙනව නෙහ් අපායට ගියත් කලින් යන්න කියලා :lol:

    why?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    දැන් දෙන්න තියෙන හොඳ උපදෙස තමා ඕස්ට්‍රේලියා යන්නෙපා කියන එක. දැන් පරක්කු වැඩී. අර කතාවක් තියෙනව නෙහ් අපායට ගියත් කලින් යන්න කියලා :lol:

    :rolleyes:
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    machan aus govt fees monawada kiyala dapan.
    sirawata 4 laks walin karaganna puluwanda?

    anika agent kenek haraha dammoth wade wena chance eka wadi nadda? nattan kohoma karath ekada? mam kiyanne theoritically neme ban practically :)

    4 lakhs application fees bn...
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    දැන් දෙන්න තියෙන හොඳ උපදෙස තමා ඕස්ට්‍රේලියා යන්නෙපා කියන එක. දැන් පරක්කු වැඩී. අර කතාවක් තියෙනව නෙහ් අපායට ගියත් කලින් යන්න කියලා :lol:

    :shocked:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මටත් හිතිලා තියෙන්නෙ මොකක් හරි රටකට යන්න බන් එපා වෙලා මෙහෙ ඉදලා තාත්තලා එක්ක බිස්නස් කරන්න හෙන අමාරුයි. ජොබුත් නෑ සෙට් වුනෙත් මාරම කටු නයිට් ජොබ්. එකේ අවුරුදු 2ක් කටු කාලා දැන් අයින් වෙලත් අවුරුදු 2ක් වෙනවා :sorry::sorry:
    මේ රට එන්න එන්න වලට යන්නේ. MBA එකක් කරන්න හරි යන්න ඔනේ මෙහේ මෙලෝම රහක් නෑ:(:(
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මටත් හිතිලා තියෙන්නෙ මොකක් හරි රටකට යන්න බන් එපා වෙලා මෙහෙ ඉදලා තාත්තලා එක්ක බිස්නස් කරන්න හෙන අමාරුයි. ජොබුත් නෑ සෙට් වුනෙත් මාරම කටු නයිට් ජොබ්. එකේ අවුරුදු 2ක් කටු කාලා දැන් අයින් වෙලත් අවුරුදු 2ක් වෙනවා :sorry::sorry:
    මේ රට එන්න එන්න වලට යන්නේ. MBA එකක් කරන්න හරි යන්න ඔනේ මෙහේ මෙලෝම රහක් නෑ:(:(

    :( sirawata ...... rata patta unstable.... 1year wenna kalin property market eaka 30% walin wage bahinawa.....