ඔහියෙන් යකාගේ පඩිපෙල දිගේ බඹරකන්දට..

gepa

Well-known member
  • ඔහියෙන් යකාගේ පඩිපෙල දිගේ බඹරකන්දට..

    යක්ශයාගේ පඩි පෙල කියන්නේ කලුපහන ඉඳන් බඹරකන්ද දිය ඇල්ල හරහා ඔහිය ට වැටිලා තියන ලස්සනම ලස්සන මාර්ගය.මේ පාර ජීප් රත මාර්ගයක් ලෙසත් හදුන්වනවා.ඉතා මනරම් දසුන් සමගින් ජීවිතයේ අමතක නොවන ගමනක් යන්න සංචාරකයෙක් ‍තෝරාගත යුතුම ගමනක් තමයි මේ යකාගේ පඩි පෙල තරනය කිරීම.ගෙපාගේ අද සංචාරක සටහන යකාගේ පඩි පෙල ගැන.

    14125728_939702042805343_5614387218667274555_o.jpg


    මේ පාරේ යන්ට ෆෝ වීල් වාහනයක් ඕනි කරනවා.පාර නම් හොඳටම දුශ්කරයි.ඒක හංදා දක්ශ රියදුරෙක් ඉන්නත් වෙනවා.පොඩක් හරි මිස් උනොත් ඩවුන්ද පල්ලම්.කලුපහනෙන් ගමන පටන් ගන්නව නම් දිගටම කඳක් තමයි නගින්න තියෙන්නේ.එහෙමත් නැත්නම් බයිකලයක් හරි ලොරියක් හරි මහේන්ද්‍රා වගේ ජීප් එකකින් යනව නම් මේ ගමන හෝටන් තැන්න පැත්තෙන් ඇවිත් කලුපහනෙන් අහවර කරන්න පුලුවනි.එතකොට කන්ද පල්ලම නිසා ලොකු අමාරුවක් නෑ.

    14124286_939701996138681_5299229980721086734_o.jpg


    කොහොම උනත් වානේ කන්ඩිශන් නම් හොඳටම තියෙන්න වෙනවා.මොකක් හරි වාහනේ අවුලක් උනොත් මෙහේම නතර වෙන්නයි වෙන්නේ.පයින් යන්නත් පුලුව්නෛ.මුලු ගමන කිලෝමීටර් 20ක් විතර තියනවා.අපිට ෆෝ වීල් රතයක් හොයාගන්ට බැරි උන නිසා මේ ගමන පටන් ගත්තේ හෝටන් තැන්න පැත්තෙන්.මේ පාර වැටිලා තියෙන්නේ හෝටන් තැන්නේ බෑවුම් කොටස හරහායි.

    14188242_939702026138678_6893371629356487604_o.jpg


    අපේ ගමන හපුතලෙන් ඔහියට ගිහින් එතනින් හෝටන් තැන්නට වැටී තියන ප්‍රධාන පාරේ තමයි වැටිලා තියෙන්නේ.මේ මාර්ගයේ ටිකක් දුර ගියහම උඩවේරිය වත්තට යන පාර හමුවෙනවා. ඒ පාර දිගේ තමයි මේ යකාගේ පඩි පෙලට යන මාර්ගය වැටිලා තියෙන්නේ.අපි නම් ඉතින් හෝටන් තැන්න කිට්‍ටුවටම ආපු හඳා පොඩ්ඩක් ඒ පැත්තටත් ගිහින් ආවා.

    14138727_939702136138667_5885068996474863896_o.jpg


    14188396_939702146138666_8872363973654639374_o.jpg


    14115402_939702142805333_765723430049005304_o.jpg


    14188255_939702209471993_1613468399894855050_o.jpg


    14115011_939702242805323_4498203013988165672_o.jpg


    මේ තියෙන්නේ ෆුල් රූට් එක.පොඩ්ඩක් විතර ඈතට දැක්කහම බයත් හිතෙනවා.කඳු අතරි වැටිලා තියන ගමනක් නිසා පොඩ්ඩක් වත් මිස් උනොත් අඩි ගානක් ගැඹුරු ප්‍රපාතෙක තමයි නතර වෙන්න වෙන්නේ.


    14124412_939702029472011_126368548529595102_o.jpg


    ටිකෙන් ටික අපිත් යකාගේ පඩිපෙල දිගේ බඹරකන්ඳ පැත්තට යන්න පටන් ගත්තා

    14107775_939702249471989_3735683825876667550_o.jpg


    පාර නම් ගන්නම දෙයක් නෑ.මේ පාරවල් මෙහෙම තියන නිසා වෙන්න ඕනි තවමත් මේ පාරවත් දෙපස මෙහෙම සුන්දරත්වයක් තියෙන්නේ.,මේ අපි යකාගේ පඩි පෙල දිගේ හෙමින් හෙමින් පහලට යනවා.

    14188159_939702396138641_3455033581592154025_o.jpg


    මීදුම් දවසක් නොවුනොත් ඔබට දකුනු මුහුදු තීරය දක්වාම පැහැදිලිව බලාගන්න පුලුවනි.ඒ වගෙම මිහිදුමින් වැසුනු දවක ඔබ මෙහි ආවොත් වෙනම සුන්දරත්වයක් තමයි තියෙන්නේ.

    14195977_939702266138654_8624227206969849658_o.jpg


    14115641_939702302805317_4376663485735782265_o.jpg


    14124526_939702312805316_7112107135753034184_o.jpg


    14188365_939702319471982_1834029439563184992_o.jpg


    පහල මේ පින්තූර දකිනකොට පේනවා ඇති මේ ගමනේ යකාගේ පඩි පෙල කොහොමද තියෙන්නේ කියලා.කන්ද හරයට වංගු වංගු වලින් යුතුව තමයි පාර හදලා තියෙන්නේ.සුද්දෝ රට පාලනය කරන කාලේ තේ දලු ප්‍රවාහනය කරන්න තමයි මේ පාරවල් හදන්න ඇත්තේ

    14107891_939702402805307_5479324890645619467_o.jpg


    14188328_939702406138640_7429817996933573628_o.jpg


    මේ තියෙන්නේ අපි ගිය වංඩිය.
    14188316_939702472805300_8826556636779941652_o.jpg


    ගමන පුරාවටම පල්ලම් ම තමයි.

    14206141_939702636138617_7957420559695190656_o.jpg


    මේ ගමනෙදි ගම් 4ක් වගේ හම්බවෙනවා.මේ ගම්මාන වල ජිවත් වන්නේ දෙමල පවුල්

    14125113_939702466138634_5938994672569568690_o.jpg


     
    Last edited:

    gepa

    Well-known member
  • මේ ගමන අතර මග අත ඇරලා දාපු වතු බංගලා. තේ වතු.පාලුවට ගිය වතු පිටි,සීත දියපාරවල් වගෙම පරාන ඩෙලිකා වෑන් දකින්න පුලුවනි.

    14207648_939702592805288_5933810974749404367_o.jpg


    14196187_939702456138635_319208972510926161_o.jpg



    අපේ ගමන පුරාවටම මගින් සෙට් උනා හුරතල් බල්ලෙකුත්.මූ වාහනේ දිගේ කිලෝමීටර් 6ක් විතර පහලට අපිත් එක්ක දුවගෙන ආවා.

    14188563_939702626138618_3518064404795174946_o.jpg


    14115388_939702706138610_6818611347394552187_o.jpg




    අපි හවස් වෙනකොට ගමනේ කෙලවරකට ආවා.ඒ එනකොට ඉර බහින්නත් ලඟයි.මෙතනට එක කන්දකට ඉර වැහිලා බැහැගෙන යන වෙලාව.අමුතුම වීව් එකක් කියන්න පුලුවනි.

    14188613_939702746138606_5103965501709596762_o.jpg


    14137995_939702649471949_428833107134233431_o.jpg


    මේ පාරේ ටිකක් දුර එනකොට හම්බවෙනවා වී කට් කියලා තැනක්.ඒක හරියටම කඳු දෙකක් වෙන් කරන ලස්සන තැනක්.

    14188350_939702829471931_719956692803008734_o.jpg



    මේ එක කන්දක් උඩින් තමයි සුන්දර ලංකාවේ උසම දිය ඇල්ල වෙන බඹරකන්ද දිය ඇල්ල කඩගෙන වැටෙන්නේ.ඒත් එක්කම තව ටිකක් දුර යනකොට පාර උඩින් වතුර ගලාගෙන යන දිය පහරක් හම්බවෙනවා.මේ දිය පහර තමයි බඹර කන්දට ජලය සපයන ප්‍රධාන ජල පහර.මෙතනින් නාගන්නත් පුලුවනි.වතුර නම් සීතලම සීතලයි.ඉස්සර වාහන කදු නැගලා බොයිල් කලහම සුද්දන්ගේ වාහන වලට වටුර දාලා තියෙන්නෙත් මේ ජල පාරෙන්ලු

    14125492_939702789471935_7058966301752133596_o.jpg


    ඔහොම ටිකක් පහලට එනකොට අපිට බඹරකඳ දිය ඇල්ල පේන්න ගනන්වා.ගමන සම්පූරන වෙන්න බඹරකඳටත් අපි විසිට් පාරක් දැම්ම.බඹරකඳට යන තැනට උඩින් ලංකා ඇල්ල වැටෙන්න පටන් ගන්න තැනට යන්නත් අඩි පාරක් තියෙනවා.ඔබ මෙහි එනවා නම් එතනත් බලන්න යන්න.

    14138609_939702856138595_2747749449040319578_o.jpg


    කොහොමින් හරි අපේ ගමන බඹරකඳත් බලාගෙන කලුපහන හඳියෙනෙන් අවසන් වෙනවා.

    14102447_939702922805255_4499047332086065096_n.jpg


    පරිසරයේ සුන්දරත්වය උපරිමයෙන් විදින්න පුලුවන් අගනාම පාරක් තමයි මේ යකාගේ පඩිපෙල හරහා කලුපහනින් ඔහියට වැටී ඇති පාර.එහෙනම් අදට මෙච්චරයි.

    939702872805260


    පොටෝ ගත්තේ නිකොන් ඩී 5300.ලෙන්ස් එක 18-105
    මේ පින්තූර ටික ෆේස්බුක් එකේ මගේ කනා ශොට් පේජ් එකෙත් ඇති.
    දුර ගමන් යනව නම් මගේ බඩජාරි ඩොට් කොම් එකට ගිහින් මේ ගමන් අතර කන්න බොන්න තැනකුත් හොයාගෙනම යන්ට.

    ඔක්කොටම ජය

     
    Last edited:

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    patta machan ,
    පයින් ගියොත් වට පිට කට්ටිය හෙල්ප් එකක් දෙයිද ?
    නවතින්න වගේ තැනක් නැද්ද මචන්