ඔහු ලෝකයට හොඳ පූර්වාදර්ශයක් වෙවා

gepa

Well-known member
  • ඔහු ලෝකයට හොඳ පූර්වාදර්ශයක් වෙවා

    14990943_1158564040887963_6449443266078709487_o.jpg


    යම් යම් වැරදි ඇතත් ඔහු පුදුම මිනිසෙකි. මෙතෙක් ලොව අත්දුටු පුදුමාකාර ධෛර්යවන්තයෙකි.

    සිය පියා තමන් වෙත පිරිනැමූ ඩොලර් මිලියන දෙසීයක් ඔහුට විය.
    නානා ව්‍යාපාර කරමින් හෙතෙම කිහිප වරක් බංකොලොත් විය.
    ඔහු සිහින දුටුවේය.
    ධෛර්යයෙන් වැඩකොට ඉතිරි මුදල් නිසිසේ ව්‍යාපාරයේ යොදවා බිලියනපතියෙකු වුයේය.

    හෙතෙම රිපබ්ලිකන් පක්ෂයෙන් චන්දයට ඉදිරිපත් වන්නට සිතුවේ උපරිම වුවොත් නාමයෝජනා අවසන් වීමට මසකට කලිනි.
    කවුරුත් සිතුවේ ඔහු අන්ත පරාද වන බවය. සැබවින්ම මුල් අසුන IOWA අන්ත පරාජයකට පත්විය.
    ඔහු සැලෙතයි සැමදෙනාම සිතුමුත් ඔහු නොසැලුනේය. මහන්සියෙන් වැඩකොට එතැන් පටන් දිනන්නට වුයේය.
    තේරීම් චන්දයේ බාගයක් දුර යනවිට ඉතිරි වුයේ ඔහු පමණි. ඉතිරි සියල්ලෝ පරාජය භාරගෙන ඉල්ලා අස්වුහ.

    "ඔය දින්නත් ජනපතිවරණ නාමයෝජනා ඔහු නොලබනු ඇති" ඇතැම්හු සිතුහ. තම පක්ෂයේම ඇතැම්හු ඔහුට විරුද්ධව රහසේද ප්‍රසිද්ධියේ ද ක්‍රියා කළහ. ඔහු සටන ඇත නොහැරියේය. බැරිම තැන ඔහුට නාමයෝජනා ලැබිණි.

    නාමයෝජනා ලැබුණද ඔහු දිනාවි යයි කිසිවෙක් නොසිතුහ. ජනපතිවරණයේ මුල්කලත්, මැදකලත්, අවසන් මුවවිටේදීත් සියල්ලෝම ඔහුට විරුද්ධව ප්‍රචාරය ගෙනගියහ. මත විමසුම් 90%ක්ම කීවේ ඔහු පරදින බවය. එකක් දෙකක් ඇරෙන්නට බොහෝ මාධ්‍ය ඔහුට විරුද්ධ වුහ. ජනපතිවරණ වාදයේදී පවා ඔහුට නොයෙක් කෙනෙහිලිකම් කෙරිණි. එහෙත් ඔහු ලෙහෙසියෙන් පසුබහින්නෙකු නොවීය. ජනපතිවරණයේ 60%ක් පමණ ප්‍රතිඵල නිකුත්වන කල හෙතෙම වාර්තා පිට වාර්තා පිහිටුවමින් ඉතිහාසත්මක ජයක් ලැබුයේය .

    ඒ පුද්ගලයා අන් කවරෙකුවත් නොව 45වන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

    අපි ඔහුටත් ඔහුගේ ධෛර්යයටත් හදවතින් සුබපතමු.
    ලෝකයට ඔබ යහපත් පුර්වාදර්ශයක් වනු ඇතැයිද බලාපොරොත්තු වෙමු.

    - වැදගත් ලිපි
     
    • Like
    Reactions: sat_12 and kosy1

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔය පන්නරය ව්‍යාපාර වලින්ම එන දෙයක් බන්. පොර ජර්මන් ,ස්කොටිෂ් සම්භවයක් තියෙන එකෙක්. ජර්මන් ගතිය ඇඟෙ ඇති නේ .
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • ඔය පන්නරය ව්‍යාපාර වලින්ම එන දෙයක් බන්. පොර ජර්මන් ,ස්කොටිෂ් සම්භවයක් තියෙන එකෙක්. ජර්මන් ගතිය ඇඟෙ ඇති නේ .

    යස් යස්..ගෑනු පෙරේත කමකුත් තිබේ..මූ බැඳපු ගෑනු දිහා දැක්කහම ඒක පේනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City

    යස් යස්..ගෑනු පෙරේත කමකුත් තිබේ..මූ බැඳපු ගෑනු දිහා දැක්කහම ඒක පේනවා
    සල්ලිනෙ බන් ඉතිං ගැණු එකෙක් නෙම් කීයක් නම් ගන්න බැරිද. හැබැයි හැම ගැනිගෙන්ම ඉපදිච්ච ළමයි එකෙක්වත් පිස්සු කෙළින්නෙ නැහැ මන් හිතන්නෙ. ඔක්කොම ට්‍රම්ප් වගෙම බිස්නස් කරනවා .
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ........
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සල්ලිනෙ බන් ඉතිං ගැණු එකෙක් නෙම් කීයක් නම් ගන්න බැරිද. හැබැයි හැම ගැනිගෙන්ම ඉපදිච්ච ළමයි එකෙක්වත් පිස්සු කෙළින්නෙ නැහැ මන් හිතන්නෙ. ඔක්කොම ට්‍රම්ප් වගෙම බිස්නස් කරනවා .

    :):):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මනුස්සයා ගැන මගේ යම් ගෞරවයක් තියනවා.
    පොර මාර වැඩ කරනවා. ඔය රියලිටි ප්‍රෝග්‍රෑම් එකක් මතක ද ඇපරැන්ටිස් කියලා...
    පොර තමා හිටියේ...පොරට අලුත් සීඊඕ කෙනෙක් ගන්න....
    ඒ වැඩසටහනින් ව්‍යාපාර ගැන සෑහෙන්න මං ඉගෙන ගත්තා......
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔය මනුස්සයා ගැන මගේ යම් ගෞරවයක් තියනවා.
    පොර මාර වැඩ කරනවා. ඔය රියලිටි ප්‍රෝග්‍රෑම් එකක් මතක ද ඇපරැන්ටිස් කියලා...
    පොර තමා හිටියේ...පොරට අලුත් සීඊඕ කෙනෙක් ගන්න....
    ඒ වැඩසටහනින් ව්‍යාපාර ගැන සෑහෙන්න මං ඉගෙන ගත්තා......
    ඔය ඇපැරන්ටිස් සීන් එක මටත් මතකයි.
    ආර්ට් ටීවි හරි එම් ටී වි එකෙ හරි ගියෙ. හරියටම දන්නෙ නැහැ. ඔය ඇමරිකන් අයිඩල් ෆෙමස් වෙච්ච කාලෙ තමා. අපිට ඉතිං ඉස්සර ඔව්වා බලන්න ඉංගිරීසි තෙරෙන එකෙක් යැ. ඉතිං බලන්නෙ නැතුව හිටියා.
    පොර තව ව්‍රෙස්ලිං වලත් හිටියා ඔට්ටු අල්ලන්න වගෙ සීන් එකකට .බිස්නස් වලින් ආදර්ශයට ගන්නවානම් බිල් ගෙට්ස් ලාට වැඩිය මෙ පොර සිරා. බිල් ගෙට්ස් ලා හොරකම් කරල හදපු දෙවල් වලින් නෙ දියුණු උනෙ.