ඔළුවට අත සේදීම!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔළුවට අත සේදීම!!

    හොඳ පුතා

    “අම්මේ, අර ගේට්ටුව ළඟා ඉන්න මිනිහට අම්මගෙ පර්ස් එකෙන් රුපියල් දෙකක් අරන් දෙන්ඩ ද?” පුතා ඇසුවේ සාලයේ වාඩි වී පුවත්පතක් බලමින් සිටි තම මව ගෙනි.
    “මගෙ හොඳ පුතා, කෙනෙකුගෙ දුක දැක්කම උණු වෙන හදවතක් පොඩි කාලෙ ඉඳලම තියෙන එක ලොකු දෙයක්. මොකද පුතා ඒ මිනිහා හිඟා කන්නෙ, මක්වෙලා ද? මව ඇසීය.
    “නෑ අම්මේ, මම ඒ මිනිහාගෙන් අයිස් ක්‍රීම් එකක් අරගෙන කෑවා.”



    ඔළුවට අත සේදීම

    සිරිසේන, සෝමපාලත් සමඟ තැබෑරුමට ගොඩවුණේ තම බිරිඳ තමාගේ යහළුවකු සමඟ පැන යාමෙන් ඇති වූ හිත් අමාරුව නිසාය.
    වේටර් ගෙනා අරක්කු වීදුරු දෙකෙන් එකක් එක හුස්මට බිව් හෙතෙම සෝමපාල දෙස බලා මෙසේ කීවේය.
    ’බැල්ලි, ඒකිට මම කොයිතරම් හොඳ කළත් ඒකි අන්තිමේදි මගෙ ඔළුවට අත හෝදලා, ගුණපාලයත් එක්ක පැනලා ගියානෙ’
    සෝමපාල තම මිතුරාට වූ ඇබැද්දිය විග්‍රහ කළේ මෙසේය.
    ’පැනලා ගිය එක පැත්තකට දාමු. හැබැයි ඒකිට කොහොමටවත් වටින්නෙ නෑ උඹේ ඔළුවට අතහෝදන්න’



    එලාම් ඔරලෝසුව

    ’ටයිම්පීස් ඔරලෝසුව නොතිබුණා නම් අද මට ඔෆීස් එන්න හොඳටම පරක්කු වෙනවා’ එදින කාර්යාලයේ යතුරු රාජකාරිය භාර වූ සුමිත් කාර්යාලයේ ප්‍රධාන දොර විවෘත කරන තෙක් බලා සිටි ප්‍රියන්තට කීවේය.
    ’එහෙනං තමුසෙ ඊයෙ කිව්වේ, ටයිම්පීස් ඔරලෝසුව කැඩිලා, ඒක ඉක්මනට හදාගන්ඩ ඕනෙ කියල.’ ප්‍රියන්ත ඇසුවේ සෝපාහාසයෙනි.
    ’ඒක කැඩිලා තමයි. ඒත් අද උදේ අපේ මායියට තරහා ගිහින්, මං නිදා ඉන්න කොට ඒකෙන් මට දමල ගැහැව්වයින් හොඳට ගියා’ සුමිත් කීවේ තට්ටය අතගාමිනි.