මට මේ වැඩේ කරපු දෙවැනි සරේ මෙක.
ගිය අවුරුද්දෙ මගෙ බර්ත් ඩේ එකට. බලෙන්ම මම වැඩ කර කර ඉද්දි එක පාරටම Hr එකේ 3ක් පැනල. මගේ ඔලුවට ගොට්ටක්දාල ඩෝනට් 4ක් තියෙන බොක්ස් එකක් ඇරල ඒක මගේ ටේබල් එක උඩින් තියල පැනපු 3න් දෙනා බැලුන් අල්ලන්. හැපි බර්ත්ඩේ කිය කිය නටන්න ගත්ත. අනිත් උනුත් වට උනා තව department එකක එකෙක් dslr එකක් උස්සන් ඇවිත් පොටො ගත්ත. මට හැපි ඒත් ඩෝනට් 4න් එකක් වත් කාගන්න බැරි උනා අනිත් උන් බලෙන්ම අරං කෑව.
ඊට ටික වෙලාවකට පස්සේ මේන Office fb page එකේ මගේ පොටෝ දාල. මට මලේ මල. උන් මගෙන් අහන්නැතුව දැම්මෙ. මට කන්ග්‍රැට්ස් කරල. මම කම්ප්ලේන් කරල අයින් කරව ගත්තෙත් ලෝක අමාරුවෙන්. එදායින් පස්සෙ කීපදෙනෙක් මාත් එක්ක එච්චචර ෆිට් නෑ.
මේ මිනිස්සු අදත් මට කන්ග්‍රැට්ස් කරල ෆොටා් එකක් දාල මගේ බර්ත් ඩේට් එක තිබ්බෙත් මාසෙකටත් එහා. කෝල් කරල ඇමතුව තාම අයින් කරල නෑ. පුදුම මින්සුසෙ බං. අහල කරපන්කො කරන මගුලක්.
මේ වගේ වැඩ කරන උන්ට හෙනම ගහන්න ඕන. මිනිහෙක්ගෙ පවුද්ගලිකත්වයට ගරුකරන්න දන්නැති උන්. ගිය අවුරුද්දෙත් පොාටා ගහල Fb දාන්න හිතාගෙන මට ඩොනට් ගෙනාව කියල දන්නව නම් උන් ඉස්සරම ඩස්ට් බින් දානව.

