බුද්ධ ධර්මය අනුව කටයුතු කර ගත නොහැකි වූ විට කියන කතාවකි ධර්මය, බුද්ධ ධර්මය ම නොවන බව. එනම් ත්‍රිපිටකය බුද්ධ වචනයමදැයි සැක කරති. මෙයට පදනම කීපයක් ම ඉදිරිපත් කරන අතර එයින් එකක් වන්නේ ආනන්ද මහරහතන්වහන්සේ සත්‍ය ලෙසම බුද්ධ වචනය සිහියේ තබා ගෙන සිටියා ද යන්නය. එසේම පසුකාලීනව බ්‍රාහ්මණික බලපෑම බුද්ධ ධර්මයට එකතු වීම, හින්දු ආගමික මතවාද එකතු වීම, අටුවා ආචාරීන්ලාගේ අදහස් එකතු වීම ආදී කාරණා ද ඉදිරිපත් කරයි. මේ සියල්ල ඉදිරිපත් කරන්නේ ධර්මය (ප්‍රධාන වශයෙන් ම ත්‍රිපිටකය) යැයි අද හඳුන්වන දේ සමග ඉදිරියට යාමට නොහැකි අයවලුන් ය. නමුත් ඒ ධර්මය සමග ඉදිරියට යන අය එනම් අද අපට හමුවන බුද්ධ ධර්මය ජීවිතයට ගලපාගන්නා අය එතුලින් බුදුරජාණන්වහන්සේ වදාළ ලෙස සතුටින් ජීවත් වෙති. එසේ නොහැකි අය තර්ක කරමින් සිටිති.