ඕට්ස් අනුභව කරන්නට පටන් ගත් විට ඔබේ ශරීරය&#349

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    🥣🥣 ඕට්ස් අනුභව කරන්නට පටන් ගත් විට ඔබේ බර


    දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් පරිවෘත්තිය ක්‍රියාවලිය විධිමත් වී ඔබේ බර වේගයෙන් අඩු වීම සිදු වෙනවා.
    cg1-htzt34gcim-mqmA6BJmNP8hbZiC484pwpf.jpg


    ලෙඩ රෝග වලින් තොරව දීර්ඝායු ලබන්න නම් සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක් අතවශ්‍ය වෙනවා. අද අපි ඔබට කියා දෙන්නේත් එවැනි සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක් ගැන. බොහෝ පෝෂණ වේදීන් මෙය ලොව සෞඛ්‍ය සම්පන්නම උදෑසන ආහාරය ලෙසත් හදුන්වනවා. මෙහි නම තමයි ඕට්ස්. ඔබ බොහෝ විට මේ ගැන අහලත් ඇති. ඔබ දිනපතා ඕට්ස් අනුභව කරන්නට පටන් ගත් විට , ඔබේ ශරීරයට සිදුවන දේවල් 8ක් ගැනයි මේ ලිපිය සැකසෙන්නේ.


    සම සුවපත් කරනවා
    සමේ දැවිල්ල සහිත ඉදිමුම් සහගත තත්වයන් වන කසන ගතිය , රත්පැහැ වීම හා වියලි ස්භාවයන් මර්ධනය කර සුවදායක සමක් ලබා ගැනීමට ඕට්ස් ආහාරයට ගැනීමෙන් හැකියාව තිබෙනවා. ඕට්ස් තුල අඩංගු වන සින්ක් මගින් සම ගැඹුරින් පිරිසිදු කර සම අභ්‍යන්තරයේ තැන්පත් වී ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කරනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස සමේ කුඩා සිදුරු පටු වී , ඔබේ සමට තරුණ පෙනුමක් ලැබීම සිදු වෙනවා.


    ඒ වගේම ඕට්ස් තුල අඩංගු යකඩ මගින් සමට අවශ්‍ය නිසි පෝෂණය හා තෙතමනය නිසි පරිදි ආරක්ෂා වීම සිදු වෙනවා. මැන්ගනීස් මගින් සමේ ඇති වී ඇති ඇති තුවාල , සුළු සිරීම් , පිළිස්සීම් වැනි තත්වයන් සුවපත් කර, සම ඉක්මනින් යතා තත්වයට පත් කරනවා. ඕට්ස් වල අඩංගු වන මැග්නීසියම් මගින් සම අවට ලේ ගමනාගමනය විධිමත් කර සමේ සෛල වේගයෙන් නැවත අලුත් කිරීම සිදු කරනවා.


    ඔබේ මස් පිඩු වලට වැඩිපුර ප්‍රෝටීන් ලැබීම
    ඕට්ස් වේලක් ආහාරයට ගැනීමෙන් එහෙමත් නැතිනම් ඕට්ස් මේස හැඳි 8ක් අවම වශයෙන් ආහාරයට ගැනීමෙන් පමණක් ඔබට දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 15% සපුරා ගන්නට පුළුවන්. ඒ වගේම ඕට්ස් වල අඩංගු විටමින් E , ප්‍රතිඔක්සිකාරක හා ග්ලුටමින් මගින් මාශ පටක නැවත ප්‍රකෘතිමත් කිරීමද සිදු කරනවා.


    ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්
    ඕට්ස් කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාරයක්. ඕට්ස් වල අඩංගු එවැනි ප්‍රබලම ප්‍රතිඔක්සිකාරයක් තමයි ඇවි-නැන්-ත්‍රිමයිඩ් කියන්නේ. එමගින් ශරීරයේ ඉදිමුම් සහගත තත්වයන් , කැසීම් හා අහිතකර රුධිර පීඩන තත්වයන් සුවපත් කිරීම සිදු කරනවා. ඕට්ස් වල අඩංගු තවත් ප්‍රතිඔක්සිකාරකයක් වන බෙටා ග්ලුකන් මගින් රුධිර සිනි ප්‍රමාණය අවම කර ගන්න පුළුවන්. මෙහි ප්‍රතිපලය විටමින් C සමග ඒකාබද්ධ වූ විට තවත් ප්‍රබල වෙන බව පැවසෙනවා. එම නිසා දියවැඩියා රෝගින්ට උදැසන ආහාරය ලෙස ඕට්ස් කෝප්පයක් හා ලෙමන් යුෂ වීදුරුවක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි


    හොද ජවයක් ලැබෙනවා
    ඕට්ස් කියන්නේ කබෝහයිඩ්රේට් වලින් පිරිපුන් ආහාරයක්. ටිකක් විතර වියලි ඕට්ස් කෝප්පයක් උදෑසන ආහාරය ලෙස ගන්න පුළුවන් නම් ඔබට දිනය පුරාම උනත් හොද ජවයකින් වැඩ කරන්න ශක්තිය ලබා ගන්නට පුළුවන්.


    ශරීර බර අඩු වෙනවා
    දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් පරිවෘත්තිය ක්‍රියාවලිය විධිමත් වී ඔබේ බර වේගයෙන් අඩු වීම සිදු වෙනවා. කාලයක් තිස්සේ උදෑසන ආහාරය ලෙසට ඕට්ස් අනුභව කරන්නට පුරුදු වීම මගින් අනවශ්‍ය ලෙස ශරිරය තුලට අමතර කැලරි ලබා ගැනීම වැලකි යනවා. මෙම ක්‍රියාව මගින් අපිට අනාගත ලෙඩ රෝග කන්දකින් වැලකී සිටින්නට හැකියාව ලැබෙනවා. මොකද ස්ථුලතාවය කියන්නේ ලෙඩ රෝග ගොඩක ආරම්භයක් නිසා.


    කොලොස්ටරෝල් අඩු කරනවා
    ඕට්ස් වල අඩංගු ලිනෝ – ලෙයික් අම්ල හා දියවන සුළු තන්තු මගින් රුධිරයේ ට්‍රයි-ග්ලිසරයිඩ් හා නරක කොලොස්ටරෝල් අඩු කිරීම සිදු කරනවා. මෙම පෝෂක මගින් රුධිර නාලයන්හි බිත්ති වල මේද තැන්පත් වීම වළක්වා , හෘදයාබාධ හා ආඝාතය වැනි දරුණු රෝග වලින් අපව ආරක්ෂා කරනවා.


    හදවත නිරෝගී කරනවා
    ඕට්ස් තුල හදවතට හිතකර සෞඛ්‍ය සම්පන්න මේද අම්ල රාශියක් අඩංගු වෙනවා. මෙම මේද අම්ල මගින් හදවත් සෛල වල නිරෝගී තාවය හා රුධිර සංසරණ පද්ධතියේ නිරෝගිතාවය නිරතුරුවම ආරක්ෂා කරනවා. ඕට්ස් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක බලය නිසා නිදහස් අණු මගින් , රුධිර නාල වල බිත්ති වලට හානි කිරීම අවම කර අනාගත හදවත් රෝග අවධානම අවම කරනවා.


    ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශ්න අවම කරනවා
    ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහමින් පවත්වා ගැනීමට නම් දිනකට තන්තු ග්‍රෑම් 25ත් – 35ත් අතර ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගත යුතු බව වෛද්‍යවරුන් පවසනවා. උදෑසන ආහාරය ලෙස ඕට්ස් සුළු ප්‍රමාණයක් අනුභව කිරීමෙන්ම පමණක් මෙම තන්තු අවශ්‍යතාවයෙන් පහෙන් එකක්ම සම්පුර්ණ කර ගන්නට පුළුවන්. ඉතින් ඔබටත් ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහමින් පවත්වා ගෙන , මල බද්ධය වැනි අපහසුකාරී රෝගයන්ගෙන් බේරිලා ඉන්න අවශ්‍ය නම් , එකට කරන්න තියෙන හොදම දේ තමයි ඕට්ස් කන්න පුරුදු වෙන එක


    හරි අපි දැන් ඕට්ස් ගැන ගොඩක් දේවල් කතා කරානේ. දැන් අපි බලමු උදේට කන්න ඕට්ස් කොහොමද හදා ගන්නේ කියලා


    ඕට්ස් කෝප්ප භාගයක් සමඟ කිරි කොප්පයක් හෝ මිලි ලීටර් 250ක කිරි ප්‍රමාණයක් මිශ්‍ර කර සාස්පනක දමා රත් කර රසවත් ආහාරයක් ලෙස සකසා ගන්න. මෙසේ සකසා ගත් ඕට්ස් මතට කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගත හැකියි. එසේ ම, උදෑසන ආහාරය සඳහා ඕට්ස් සමඟ යෝගට් ආහාරයට ගැනීමට ද පුළුවන. මේ සෑම දෙයකින්ම උදරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නොමඳව ලබා ගැනීමට හැකි වන අතර, ශරීරයේ බර ප්‍රමාණය ඉක්මවා නොයයි. ඕට්ස් ධාන්‍යයෙහි ඇති විශේෂත්වය වන්නේ මෙයයි.


    ඔබ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ හදවත් රෝගී අයෙක් නම් සම්පූර්ණ යොදය සහිත කිරි එක්ක ඕට්ස් කන එකෙන් වාසියක් ලබාගන්න බැහැ. ඒකට මේද රහිත කිරි පාවිච්චි කරන්න. ඒ වගේම හදවතට ගුණදායක නිවිති, අලිගැට පේර වැනි ආහාර සමඟ ඕට්ස් ආහාරයට එක් කර ගැනීමෙන් වැඩි වාසි ලබාගන්න පුළුවන්.


    source
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    ලංකාවෙනම් දන්නේ නැහැ වෙන රටවල් වල නම් පට්ට ලාභ කෑමක් තමා..
     
    • Like
    Reactions: leeroxxroxx

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    HsaElWV.jpg


    මෙන්න මචං බඩු මම අද මගෙ oats ඉවර වෙලා අරගෙන අවා
    මේ පොඩි පැකට් එක මට සතියක් ශේප් මචං අවම වශයෙන්
    කීල්ස් එකෙන් ගත්තෙ
    kaapan machan weight eka adu karaganna godak useful :yes:
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    මට තඩි බඩක් තියෙනවා. මන් ''ලූෂන් පුෂ්පරාජ්ගෙන්'' ඩයට් ප්ලෑන් එකක් ඉල්ලා ගත්තා මාස 6කට විතර කලින්. පොර තමයි කිව්වේ ඕට්ස් කන්න කියලා. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මට තඩි බඩක් තියෙනවා. මන් ''ලූෂන් පුෂ්පරාජ්ගෙන්'' ඩයට් ප්ලෑන් එකක් ඉල්ලා ගත්තා මාස 6කට විතර කලින්. පොර තමයි කිව්වේ ඕට්ස් කන්න කියලා. :yes:

    :rofl::rofl::rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,144
    113
    මට තඩි බඩක් තියෙනවා. මන් ''ලූෂන් පුෂ්පරාජ්ගෙන්'' ඩයට් ප්ලෑන් එකක් ඉල්ලා ගත්තා මාස 6කට විතර කලින්. පොර තමයි කිව්වේ ඕට්ස් කන්න කියලා. :yes:

    ela ela Oats kaawama bada aduwei :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට තඩි බඩක් තියෙනවා. මන් ''ලූෂන් පුෂ්පරාජ්ගෙන්'' ඩයට් ප්ලෑන් එකක් ඉල්ලා ගත්තා මාස 6කට විතර කලින්. පොර තමයි කිව්වේ ඕට්ස් කන්න කියලා. :yes:
    dapan balanna oya plan eka
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    Diamond oats හොද නැද්ද (ගාන අඩුයි)? ඕක ගාන වැඩි නේ ද ? ඕක සතියක් කන්නේ කොහොම ද ? , පොඩ්ඩ පොඩ්ඩ ද කන්නේ , හැඳි 3-4 වගේ ද ?

    HsaElWV.jpg


    මෙන්න මචං බඩු මම අද මගෙ oats ඉවර වෙලා අරගෙන අවා
    මේ පොඩි පැකට් එක මට සතියක් ශේප් මචං අවම වශයෙන්
    කීල්ස් එකෙන් ගත්තෙ
    kaapan machan weight eka adu karaganna godak useful :yes:
     
    Last edited: